පසුගිය සැප්තැම්බර් මාසයේ දී නිමාවට පත් වූ ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී රන් පදක්කම් ජයග්‍රහණය කළ ශ්‍රි ලාංකික ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හට නව නිවසක් ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ඉකුත් දා (19) අරලිය ගහ මන්දිරයේ දී සිදු කෙරුණා.
35 හැවිරිදි වියේ පසුවන දිනේෂ් F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීම ඉසව්ව සඳහා සහභාගී වෙමින් මීටර් 67.79ක දක්ෂතාවයක් සමඟින් ලෝක වාර්තාවක් ද අලුත් කරමින් පැරාලිම්පික් උළෙලක දී රන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වන්නට සමත් වුනා.
එම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි දිනේෂ් ඇතුළු කණ්ඩායමට ගරු ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇගයීමේ උත්සවයක් සංවිධානය කර තිබුණු අතර එහි දී අගමැතිතුමන් විසින් දිනේෂ් හට නිවසක් ලබා දීමට පොරොන්දු වී තිබුණා.
- සියවස් අර්ධ මැරතන් තරගය සති අන්තයේ
- ජාතික මහා ක්‍රීඩා උළෙලට කොළ එළියක්
- Dhaka මැරතන් තරගයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් කැපී පෙනෙන දස්කම්
- රැජිනගේ යෂ්ටිය ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා යොවුන් පැරා ශූරයින් ඇගයේ
අගමැතිතුමන්ගේ අධීක්ෂණය යටතේ තිබෙන නාගරික සංවර්ධන සහ නිවාස අධිකාරිය විසින් කොම්පඤ්ඤය වීදියේ පිහිටි Metro නිවාස සංකීර්ණයේ මෙම නිවස ඉදිකර දිනේෂ් හට ප්‍රදානය කරන ලදි.
ක්‍රීඩා ඇමතිතුමන් විසින් ද පැරා ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා ඉතාමත් ඇගයීමට ලක් කළ අතර එහි දී ඔහු යෝජනා කර සිටියේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ සියලු ක්‍රීඩා ඉසව් සඳහා පැරා ක්‍රීඩා හඳුන්වා දිය යුතු බවයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනාරාල් අමල් එදිරිසූරිය, මේජර් ජනරාල් රාජිත අම්පේමොහොට්ටි, ජාතික පැරාලිම්පික් කමිටුවේ හිටපු සභාපති ලුතිනල් දීපාල් හේරත් සහ නාගරික සංවර්ධන සහ නිවාස අධිකාරියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<