සිය පවුලේ හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේ සිය පවුලේ වෛද්‍ය අවස්ථාවක් නිසා දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වීමට තීරණය කළ බව සහ ඔහු හැකි ඉක්මනින් නැවත දිවයිනට පැමිණීමට නියමිත බවයි.
- අසිත ප්රමුඛ පන්දු බළඇණිය බංගලි සිහින බොඳ කරයි
- ශ්‍රී ලංකා පළමු ඉනිමට සාර්ථක අඩිතාලමක්
- කමිඳු සහ ධනංජය වාර්තා පිට වාර්තා තබයි
- නායක කුසල් මෙන්ඩිස්ටත් දඩ සහ දඬුවම් ලකුණු
- ඇෆ්ගන් A සහ ශ්‍රී ලංකා A තරග කාලසටහන නිවේදනය කරයි
එමෙන්ම කණ්ඩායම් සඟයන් සහ නිලධාරීන් ඔහුගේ ඉල්ලීම පිළිගෙන ඔහුට අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බවත් සහ ඔහුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරෙන් කටයුතු කර ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන් වුනා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනීමේ දී අර්ධ ශතයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වූ අතර තරගයේ සිව්වැනි දිනය අදයි.
තරගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<