ඩිල්ශාන් මදුශංකට දඩ නියම වෙයි!

LPL 2024

8
LPL 2024

2024 LPL තරගාවලියේ Dambulla Sixers කණ්ඩායම නියෝජනය කරන ඩිල්ශාන් මදුශංකට දඩ සහ දඬුවම් ලකුණු හිමි වී තිබෙනවා.

මෙවර තරගාවලියේ 16 වැනි තරගය ලෙස පසුගිය ඉරිදා (14) දිනයේ දී Galle Marvels සහ Dambulla Sixers අතර පැවැත්වුණු තරගය අතරතුර LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය කඩ කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම නිසා ඔහුට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් මෙන්ම, එක් දඬුවම් ලකුණක් ද නියම කර තිබෙනවා.

මෙම තරගයේ දී ඔහු කඩුල්ලක් දවා ගැනීමෙන් අනතුරුව දැවී ගිය පිතිකරුවාට වාචිකව හෝ අභිනයෙන් ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් දැක්වූ බවයි පිටියේ විනිසුරුවරුන් විසින් වාර්තා කර තිබුණේ.

ඒ පිළිබඳ පැවැත්වුණු පරීක්ෂණයේ දී මදුශංක විසින් එම වරද පිළිගෙන තිබෙනවා.

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<