හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ දැරූ ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන පස් දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවේ සමාජිකයකුව සිටි දිල්රුවන් සිය ක්‍රිකට් පුහුණුකරු වගකීම් වෙත වැඩි අවධානයක් ලබා දීම ඉලක්ක කර ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
මේ අනුව ඔහු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස සිය වගකීම් බාරගෙන තිබෙනවා.
මේ වන විට 42 හැවිරිදි වියේ පසු වන දිල්රුවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 43ක්, එක්දින තරග 14ක් සහ විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර කඩුලු 177ක් දවා ගැනීමට සමත් වුනා.
දිල්රුවන්ගේ ඉවත් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සාමාජිකයින් සිව් දෙනෙකු දක්වා පහත බසින අතර උපුල් තරංග, අජන්ත මෙන්ඩිස්, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන එම සාමාජිකයින් වනු ඇති.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<