ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 3ක් කඩ කර තිබූ අතර ඒ සඳහා ඔහු වැරදිකරු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (28) නිවේදනය කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් 2019 වසරේ දී අනාවරණය කර ගත් පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ පහත සඳහන් කර ඇති වගන්ති 3, ඔහු විසින් උල්ලංඝනය කර ඇති බව ස්වාධීන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවති මේ නඩුවේ දී අනාවරණය වී තිබේ.
තවත් ක්‍රිකට් පුවත්:
- ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාවෙන් සමාව ඉල්ලයි
- ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගය පස්සට
- තරග පාවාදීමක් නිසා UAE ප්‍රබලයන් දෙදෙනෙකුට වැඩ වරදී
2012 පනතේ 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – දේශීය ක්‍රිකට් තරගයක් අතරතුර
2012 පනතේ 2.14 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙළඹවීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම
2014 පනතේ 2.4.4 වගන්තිය – නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.
2005 සිට 2013 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දිල්හාර ලොකුහෙට්ටිගේ එක්දින තරග 9කට සහ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 2කට ක්‍රීඩා කරමින් කඩුලු 8ක් දවාගෙන ඇත්තේ පිතිකරණයෙන් ලකුණු 101ක් ලබාගෙනයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<