ඉසිපතන සහ සාන්ත පීතර විද්‍යාල තවමත් අපරාජිතයි!

Dialog Schools Rugby League 2024

3
Dialog Schools Rugby League 2024

2024 Dialog පාසල් රග්බි ලීගයේ හත් වැනි සතියට අදාළ තරග පසුගිය සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

(හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගයේ දී නම් කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් කිසිදු අන්දමක තර්ජනයක් සාන්ත ජෝසප් විද්‍යාලය වෙත එල්ල නොවූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ජෝසප් ක්‍රීඩකයින් විසින් ලකුණු 24ක් ලබා ගන්නා අතරේ, කිංග්ස්වුඩ් විද්‍යාලය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

සාන්ත ජෝසප් විද්‍යාලය 55 (9T, 5C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 05 (1T)

  • තරගයේ වීරයා – Ivano White (සාන්ත ජෝසප් විද්‍යාලය)

සාන්ත පීතර විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

තරගාවලියේ හත් වැනි සතිය තුළ ද සිය අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වූ සාන්ත පීතර විද්‍යාලය විසින් තරගයට සත්කාරකත්වය ලබා දුන් රාජකීයයන් ව පරාජය කිරීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධයේ සිටම සාන්ත පීතර ක්‍රීඩකයින් තරගය තමන් වෙත නතු කර ගැනීමට සමත් වී සිටි අතර, ඔවුන් එහි දී උත්සාහක දිනුම් හතරක් සමඟ ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

නමුත් එහි දී රාජකීයයන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. කෙසේ වෙතත් රාජකීය ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ දී තවත් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී සාන්ත පීතර ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 7ක් පමණයි. කෙසේ නමුත් තරගයේ පළමු අර්ධයේ ලද වාසිය නිසා සාන්ත පීතර විද්‍යාලයට තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුනා.

සාන්ත පීතර විද්‍යාලය 31 (5T, 3C) – රාජකීය විද්‍යාලය 22(3T, 2C, 1P)

  • තරගයේ වීරයා – පසිඳු බණ්ඩාර

ඉසිපතන විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය

(නිත්තවෙල දී )

මෙම තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ඉසිපතන විද්‍යාලය ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, සාන්ත අන්තෝනි විද්‍යාලය ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 05ක් පමණයි.

දෙවැනි අර්ධය තුළ ඉසිපතන ක්‍රීඩකයින් තවත් ලකුණු 21ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

ඉසිපතන විද්‍යාලය 38 (6T, 4C)  සාන්ත අන්තෝනි විද්‍යාලය 08 (1T, 1P)

  • ශහීඩ් සුම්රි (ඉසිපතන විද්‍යාලය)

සාන්ත තෝමස් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

මෙම තරගය ද ඉතා පහසු තීරණයක් සමඟ නිමාව දුටු අතර, මෙහි දී සාන්ත තෝමසුවන් ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ ම තෝමසුවන් විසින් තම අණසකට පැතිරවීමට සමත් වූ අතර, එහි දී ඔවුන් උත්සාහක දිනුම් 06ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

දෙවැනි අර්ධය තුළ ද ඔවුන් තවත් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ අතරවාරයේ දී ධර්මරාජ විද්‍යාලයට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 12ක් පමණයි.

සාන්ත තෝමස් විද්‍යාලය 46 (7T, 4C,1P) – ධර්මරාජ විද්‍යාලය 12 (2T, 1C)

  • තරගයේ වීරයා – වෙනුක වික්‍රමසූරිය

 

ත්‍රිත්ව විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

මෙම තරගය ද මෙවර තරගාවලියේ තවත් පහසු තීරණයක් ලද තරගයක් ලෙස නිමාවට පත් වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගත් නමුත් විද්‍යා විද්‍යාලය එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

එමෙන්ම දෙවැනි අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම අර්ධයේ දී ද විද්‍යා ක්‍රීඩකයින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

ත්‍රිත්ව විද්‍යාලය 36 (6T, 3C) – විද්‍යා විද්‍යාලය 0

  • තරගයේ වීරයා – යෙවන් හුලංගමුව

ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

මෙම තරගය ද කිසිඳු තීරණාත්මක ස්වභාවයක් නොගෙනම අවසන් වූ අතර, තරගය පුරාවට ඩී.එස්. ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් 12ක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

තරගයේ පළමු අර්ධය තුළ ඩී.එස්. ක්‍රීඩකයින් උත්සාහක දිනුම් පහක් ද සමඟ ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි අර්ධයේ දී ඔවුන් තවත් උත්සාක දිනුම් 7ක් සමඟ ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වුනා.

නමුත් මෙම තරගය පුරාවටම ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි.

ඩී.එස්.සේනානායක විද්‍යාලය 76 (12T, 8C) – ශ්‍රී සුමංගල විද්‍යාලය 10 (1T, 1C, 1P)

  • තරගයේ වීරයා – ඔමික බෝගහවත්ත (ඩී.එස්.සේනානායක විද්‍යාලය)

වෙස්ලි විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය

මෙම සති අන්තයේ පැවැත්වුණු වඩාත් තීරණාත්මක ම තරගය ලෙස හඳුන්වාදිය හැකි මෙම තරගය ජයග්‍රහණය කිරීමට වෙස්ලි විද්‍යාලය විසින් සමත් වුනා

තරගයේ පළමු අර්ධය නිමා වන විට වෙස්ලි ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 14ක් පමණක් නමුත්, අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වී තිබුණා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ දී සිය ආක්‍රමණය තර කළ වෙස්ලි ක්‍රීඩකයින් තවත් ලකුණු 20ක් ලබා ගනිද්දී, විද්‍යාර්ථ ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 03ක් පමණයි.

වෙස්ලි විද්‍යාලය 34 (4T, 2C, 2P) – විද්‍යාර්ථ විද්‍යාලය 20 (2T, 2C, 2P)

  • තරගයේ වීරයා – අබ්දුල් හාදි (වෙස්ලි විද්‍යාලය)

සහිරා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම ඉතා හොඳ තරගයක් නිර්මාණය වුනා. පළමු අර්ධය නිමා වන විට සහිරා ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගන්නා අතරේ තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් ලකුණු 13ක් ලබා ගනිමින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තර්ස්ටන් ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් සහිරා විද්‍යාලය තවත් තවත් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා.

සහිරා විද්‍යාලය 28 (4T, 4C)  තර්ස්ටන් විද්‍යාලය 13 (1T, 1C, 2P)

  • තරගයේ වීරයා – N.A. Ahmed (සහිරා විද්‍යාලය)

මේ අනුව මෙවර තරගවාරයේ තවමත් අපරාජිත කණ්ඩායම් දෙක වෙමින් ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාල තම කාණ්ඩවල ලකුණු සටහන්වල පෙරමුණ ලබා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්.

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<