දෙවන අර්ධයේ සුපිරි ප්රහාරයෙන් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 53 – 15ක් ලෙස පරාජය කළ CR&FC කණ්ඩායම, 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන ස්ථානයේ ස්ථාවර වන්නට සමත් වුනා. තරගය පැවැත්වුනේ ලොන්ඩන් පෙදෙස CR&FC ක්රීඩාංගණයේ දීයි.
නව පණක් ලැබූ නාවිකයෝ පොලිසිය හඬවයි
2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අද (2) පැවති තරගයකින් පොලිස් ක්රීඩා සමාජය
තරග තහනමක් නිසා CR නායක ඔමල්ක ගුණරත්න හට මෙම තරගයට සහභාගී වීමට නොහැකි වූ අතර ගුවන් හමුදාව වෙනුවෙන් දස්කම් දැක්වූ නුවන් පෙරේරා අහිමි වීම ගුවන් හමුදා කණ්ඩායමට ද දැඩි පාඩුවක් වුනා. තරගයේ පළමුවෙන් ලකුණු පුවරුව ක්රියාත්මක කරන්නට සමත් වුනේ CR&FC ක්රීඩා සමාජය යි. රීසා මුබාරක් වෙනුවට පන්දුවට පා පහර දීම භාරගත් මුර්ශිඩ් සුබයිර් තරගයේ තුන්වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් මඟින් ලකුණු රැස් කරන්නට සමත් වුනා. (CR&FC 03-00 ගුවන්)
වැඩි වෙලාවක් CR කණ්ඩායමට පෙරමුණේ සිටීමට ඉඩ ලබා නොදුන් ගයන්ත ඉද්දමල්ගොඩ තරගයේ 10 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු සම කළා. (CR&FC 03-03 ගුවන්)
අනතුරුව CR ඉදිරිපෙළ තරගය තමන්ගේ ග්රහණයට ගත් අතර මද වේලාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව ගුවන් ආරක්ෂක වළල්ල බිඳ දමමින් වජිඩ් ෆව්මි ධවල රේඛාව ඉක්මවා ගියා. එහි ප්රවර්තනය සාර්ථක කර ගන්නට සුබයිර් හට හැකියාවක් ලැබුනේ නැහැ. (CR&FC 08-03 ගුවන්)
කෙසේ වෙතත් තරගයේ 17 වන මිනිත්තුවේ දී ක්රියාත්මක වුනු CR&FC ෆ්ලයි හාෆ් ක්රීඩක කළිඳු නන්දිල වේගවත් ධාවනයක නිරත වෙමින් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියේ කෙටි වේලාවක් තුළ CR&FC ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමක් එකතු කරමින්. මුර්ශිඩ් සුබයිර් එහි ප්රවර්තනය සාර්ථක කර ගත්තා. (CR&FC 15-03 ගුවන්)
ජේසන් කරුණාරත්න ගේ අනගි ධාවනයකට පසුව ඉදිරියට ඇදුනු ගුවන් හමුදා ඉදිරිපෙළ ක්රීඩකයින් නැවතත් තරගයට පිවිසුනේ 30 වන මිනිත්තුවේ වාර්තා වූ උත්සාහක දිනුමක් සමඟින්. නායක රනුක මැදගෙදර එම උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූ අතර ගයන්ත ඉද්දමල්ගොඩ පහසුවෙන් එහි ප්රවර්තනය සාර්ථක කර ගත්තා. (CR&FC 15-10 ගුවන්)
තරගයේ 33 වන මිනිත්තුවේ දී CR ක්රීඩක මිතිල පෙරේරා හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළා. එහි ප්රයෝජනය මනාව උකහාගත් ගුවන් හමුදා ක්රීඩකයින් සිය ඉදිරිපෙළ ක්රීඩකයින් යොදා ගනිමින් ප්රබල ආක්රමණයක් දියත් කළ අතර එහි ප්රතිඵලයක් ලෙස දිනේෂ් වීරරත්න තරගයේ ලකුණු තත්වය නැවත වතාවක් සම කරන්නට සමත් වුනා. (CR&FC 15-15 ගුවන්)
පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී ක්රියාත්මක වුනු කෙවින් ඩික්සන් අලංකාර ධාවනයක් සමඟින් නැවත වතාවක් ලකුණු රැස්කළේ CR&FC කණ්ඩායම පළමු අර්ධයේ පෙරමුණේ තබමින්. (CR&FC 20-15 ගුවන්)
පළමු අර්ධය: CR&FC ක්රීඩා සමාජය 20 – 15 ගුවන් හමුදා ක්රීඩා සමාජය
දෙවන අර්ධය සම්පුර්ණයෙන්ම තමන්ගේ ග්රහණයට ගැනීමට CR ක්රීඩකයින් සමත් වූ අතර ඔවුන් ලකුණු 33ක් තමන්ගේ ලකුණු පුවරුවට එකතු කර ගන්නා විට ගුවන් හමුදා ක්රීඩකයින්ට සිදුවූයේ සිය බලාපොරොත්තු කඩ කර ගැනීමටයි.
ජේරෝ ධනංජය නැවත තරගය ආරම්භ වීමත් සමඟම ලකුණු රැස් කිරීම ආරම්භ කළේ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින්. මුර්ශිඩ් සුබයිර් අමතර ලකුණු එකතු කරන්නට සමත් වුනා. (CR&FC 27-15 ගුවන්)
හිටපු රාජකීය ක්රීඩකයින් වන ජනිඳු දිල්ශාන් සහ සුපුන් වර්ණකුලසූරිය පස්වන සහ සයවන උත්සාහක දිනුම් තමන්ගේ නමට ලියා ගත්තේ තරගයේ ජයග්රහණය ගුවන් හමුදා කණ්ඩායමෙන් ඈතට ගෙන යමින්.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ දිනුක් අමරසිංහගේ සහ කෙවින් ඩික්සන්ගේ අලංකාර පන්දුව හුවමාරුවකින් පසුව ජනිඳු දිල්ශාන් පිටියේ කෙළවරින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා. (CR&FC 32-15 ගුවන්)
ඊට මිනිත්තු කිහිපයකට පසුව සුපුන් වර්ණකුලසූරිය Rolling Maul අවස්ථාවක පසුපස සිට පන්දුව ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගියා. රීසා රෆායිදින් පළමු ප්රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් වූ නමුත් ඔහු දෙවන ප්රවර්තනය අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කර යැව්වා. (CR&FC 39-15 ගුවන්)
යුධ පෙළහර හමුවේ ගුවන් හමුදාව අසරණ වෙයි
2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින්
අමිත සිල්වා සහ ජේසන් කරුණාරත්න යන දෙදෙනාම කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවත ගියේ ගුවන් හමුදා ක්රීඩකයින් කබලෙන් ලිපට ඇද දමමින්. හරිත් බණ්ඩාර තරගයේ 72 වන මිනිත්තුවේ දී ධවල රේඛාව ඉක්මවා ගිය අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව Wing ස්ථානයේ ක්රීඩා කළ ජනිඳු දිල්ශාන් ප්රතිවාදී ක්රීඩකයින් මඟ හරිමින් මීටර 60ක ධාවනයක යෙදී අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළා. එම උත්සාහක දිනුම් දෙකේම ප්රවර්තන සාර්ථක කර ගැනීමට රීසා මුබාරක් සමත් වුනා.
අවසන් ලකුණු තත්වය: CR&FC ක්රීඩා සමාජය (8T 5C 1P) 53 – 15 (2T 1C 1P) ගුවන් හමුදා ක්රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා – දිනුක් අමරසිංහ (CR&FC)
ලකුණු රැස්කළ ක්රීඩකයෝ:
CR&FC – වජිඩ් ෆව්මි (1T), කළිඳු නන්දිල (1T), කෙවින් ඩික්සන් (1T), ජේරෝ ධනංජය (1T), ජනිඳු දිල්ශාන් (2T), සුපුන් වර්ණකුලසූරිය (1T), හරිත් බණ්ඩාර (1T), මුර්ශිඩ් සුබයිර් (2C, 1P), රීසා රෆායිදින් (1C), රීසා මුබාරක් (2C).
ගුවන් හමුදා ක්රීඩා සමාජය – රෙනුක මැදගෙදර (1T), දිනේෂ් වීරරත්න (1T), ගයන්ත ඉද්දමල්ගොඩ (1C, 1P).
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<