2019 ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (17) කොළඹ තුරඟ තරග පිටියේ දී නිමාව දුටු අතර එහි දී ලීග් අනුශූරයින් බවට පත් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුණු 48-19ක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් සුපිරි හතර දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ප්‍රබල CH ක්‍රීඩකයෝ යුද සෙබළුන් හමුවේ දනින් වැටේ
2019 ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ CH&FC හා යුද හමුදා කණ්ඩායම…
ප.ව.4.00ට තරමක වැහිබර කාලගුණ තත්වයක් යටතේ ආරම්භ වූ තරගයේ මුල් විනාඩි කිහිපය තුල සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ හැව්ලොක් ක්‍රීඩකයින් නාවික හමුදා පසුපෙළ වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් ලකුණු රැස් කිරීමේ අවස්ථාවන් සොයා යන්නට දැඩි වෑයමක නිරත වනු දක්නට ලැබීය.
ඔවුන්ගේ එම වෑයම මල්ඵල ගැන්වීමට වැඩි වේලාවක් ගත නොකළ wing ක්‍රීඩක චාමර දාබරේ පිටියේ වම්පස කෙළවරින් උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගියේ තරගයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය තම කණ්ඩායම වෙත හිමිකර දෙමිනි. එහි අමතර ලකුණු එක්කිරීමේ කර්තව්‍යය රීසා මුබාරක් විසින් නිසියාකාරව ඉටු කරන ලදි. (හැව්ලෝක් 07-00 නාවික)
ලීග් තරගාවලියේ දී සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත් කැපී පෙනෙන සේවාවක් ඉටු කළ මිතුන් හපුගොඩ සිය සලකුණ නැවත වතාවක් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ දී සටහන් කිරීමට සමත් වූයේ ඉතා දැකුම්කළු උත්සාහක දිනුමකින් සිය ප්‍රතිවාදී නාවික හමුදා කණ්ඩායමට සංග්‍රහ කරමිනි. ප්‍රවර්තන ලකුණු ද්විත්වය කණ්ඩායමේ ගිණුමට බැර කරමින් රීසා ලකුණු තත්වය වර්ධනය කිරීමට දායක විය. (හැව්ලොක් 14-00 නාවික)
පොලීසියේ කඳුළු ගෑස්වලින් CR මෙල්ල වෙයි
2019 ක්ලිර්ෆඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (15) පැවති…
ක්‍රමක්‍රමයෙන් තරගයේ වැඩි වාසි තම කණ්ඩායම වෙත හරවා ගත් හැව්ලොක් ක්‍රීඩකයින් සිය තෙවන උත්සාහක දිනුමේ සතුට සැමරුවේ උමේෂ් මධුෂාන් විසින් ඉතා සාර්ථකව සම්පූර්ණ කළ අපූර්ව කණ්ඩායම් උත්සාහක දිනුම නිසාවෙනි. රීසගේ ප්‍රවර්තන වෑයම එවර ද සාර්ථක විය. (හැව්ලොක් 21 – 00 නාවික)
හැව්ලොක් ක්‍රීඩකයින් විසින් තරගයේ ආරම්භක අර්ධයේ දී ම නිර්මාණය කළ තර්ජනාත්මක පසුබිම නිසාවෙන් දැඩි පීඩනයකට හසු වූ නාවිකයන් අතින් අත්වැරදීම් කිහිපයක්ම සිදුවනු දක්නට ලැබුණි. එවැනි අවස්ථාවක් ප්‍රයෝජනයට ගත් රීසා උදාකරගත් දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් යොමු කළේ ලකුණු ත්‍රිත්වයකින් කණ්ඩායමේ ලකුණු තත්වය පෝෂණය කරමිනි. (හැව්ලොක් 24-00 නාවික)
ඉන්පසු එළඹුණු කාලසීමව ද නාවිකයන් හට එතරම් සුභදායී නොවුනේ 32 සහ 35 වැනි මිනිත්තුවල දී තීක්ෂණ දසනායක සහ මිතුන් හපුගොඩ දෙදෙනා වාර්තා කළ අගනා උත්සාහක දිනුම් ද්විත්වය නිසාවෙනි. හපුගොඩ දිනයේ වාර්තා කළ දෙවන උත්සාහක දිනුම මෙය වන අතර රීසා හට සාර්ථක කර ගැනීමට හැකි වූයේ මින් එක් ප්‍රවර්තන අවස්ථාවක් පමණි. (හැව්ලොක් 36-00 නාවික)
පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 36 (5T,4C,1P) – 00 නාවික හමුදා ක්‍රීඩා සමාජය
විවේක කාලය වෙත ගමන් කිරීමෙන් අනතුරුව නැවත වතාවක් තරගය වෙත අවතීර්ණ වූ දෙපිලේම උපායමාර්ගයන් පළමු අර්ධයට සාපේක්ෂව තරමක් වෙනස් ස්වරූපයක් ගත් අතර විශේෂයෙන්ම නාවික හමුදා කණ්ඩායම සිය තරග රටාව වේගවත් කරමින් පන්දුවේ පාලනය තමන් නතු කරගැනීමට උත්සාහ කරනු දක්නට ලැබුණි.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
ඒ අනුව නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් දිනයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමේ භාග්‍ය චතුර සෙනෙවිරත්න විසින් උදාකරගත් අතර එම උත්සහයට වටිනාකමක් එක්කරමින් අතිරේක ලකුණු එක්කිරීම කසුන් ද සිල්වා විසින් ඉටු කරන ලදි. (හැව්ලොක් 36-07 නාවික)
කෙසේ නමුත් ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙන් තරගය තරමක් මන්දගාමී ස්වරූපයක් ගත් අතර ක්‍රීඩකයින් හට පන්දුව ග්‍රහණය කිරීම ද එතරම් පහසු නොවීය.
දෙවන අර්ධය පටන්ගැන්මේ දී ම නාවිකයන් දියත් කළ ප්‍රහාරයට ප්රතිප්රහාරයකින් පිළිතුරු දීමට හැව්ලොක් ක්‍රීඩක චාමර දාබරේ සමත් වූයේ අද දිනයේ දී දෙවන වතාවටත් ධවල රේඛාව අභිබවා යාමේ වරම හිමිකර ගනිමිනි. අසීරු කෝණයකින් හිමි වූ ප්‍රවර්තනය නිසි ඉලක්කය වෙත යොමු කිරීමට රීසා අපොහොසත් විය. (හැව්ලොක් 41-07 නාවික)
තරගයේ ආධිපත්‍යය කෙමෙන් සියතින් ගිලිහී යද්දී තම අභිමානය උදෙසා සටන් වැදි නාවිකයන් එක් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් ද සමඟින් උත්සාහක දිනුම් දෙකකින් සිය ලකුණු තත්වය ඉහළ නංවා ගත්තේ ලකුණු පරතරය 22ක් දක්වා අවම කරගනිමිනි. ලකුණු ලබාගැනීමේ ගෞරව පිළිවෙළින් චතුර සෙනෙවිරත්න සහ ගිහාන් පෙරේරා සතු විය. (හැව්ලොක් 41-19 නාවික)
අගනුවර සහ පිට පළාත් ගැටෙන සංග්‍රාමයේ සංචිතය මෙන්න
ශ්‍රී ලාංකීය රග්බි පිටියේ දැනට ක්‍රීඩා කරන සුපිරිතම ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට..
තරගයේ ජයග්‍රහණය නියත වශයෙන්ම තහවුරු කරගනිමින් සම්පූර්ණ කාලය නිමාවීමට මිනිත්තු දෙකක පමණ ඉතිරිව තිබිය දී හැව්ලොක් කණ්ඩායමේ නිත්‍ය නායක නිරෝෂන් පෙරේරා උත්සාහක දිනුමක් සිය කණ්ඩායම වෙනුවෙන් දිනා දීමට සමත් වූ අතර රීසා හට එය ප්‍රවර්තනය කරමින් ජයග්‍රාහී අවසානයක් කරා කණ්ඩායම රැගෙන යාමට හැකි විය. (හැව්ලොක් 48-19 නාවික)
ඒ අනුව ක්ලිෆර්ඩ් කුසලාන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට හැව්ලොක් කණ්ඩායම සමත් වූ අතර නාවිකයන් හට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූයේ මෙවර තරගවාරයේ දී කණ්ඩායමක් වශයෙන් පෙන්වූ සිය දක්ෂතා පිළිබඳ යමක් සිතන්නට ඉතිරි කර තබමිනි.
හැව්ලොක් කණ්ඩායමට අමතරව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය,පොලිස් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය තරගාවලියේ ඉදිරියට යාමේ වරම හිමිකරගත් සෙසු කණ්ඩායම් බවට පත් විය.
අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 48 (7T,5C,1P) – 19 (3T,2C) නාවික හමුදා ක්‍රීඩා සමාජය
ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ
හැව්ලොක් ක්‍රීඩා සමාජය
- උත්සාහක දිනුම් – චාමර දාබරේ 2, මිතුන් හපුගොඩ 2, උමේෂ මධුෂාන් 1, තීක්ෂණ දසනායක 1, නිරෝෂන් ප්‍රනාන්දු 1
- ප්‍රවර්තන – රීසා මුබාරක් 5
- දඬුවම් පහර – රීසා මුබාරක් 1
නාවික හමුදා ක්‍රීඩා සමාජය
- උත්සාහක දිනුම් – චතුර සෙනෙවිරත්න 2, ගිහාන් පෙරේරා 1
- ප්‍රවර්තන – තිළිණ වීරසිංහ 1, කසුන් ද සිල්වා 1
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<