ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ආරාධිත T20 ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා.
“Dialog – SLC ආරාධිත T20 ක්‍රිකට් තරගාවලිය” අගෝස්තු 12 වැනිදා සිට 24 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය ‘Dialog ටෙලිවිෂන්’ නාලිකා අංක 1 ඔස්සේ මෙන්ම ThePapare.com වෙබ් අඩවිය, ThePapare Cricket ෆේස්බුක් පිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව හරහා සහ Dialog ViU App හරහා සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
>> ආරාධිත T20 සටනේ සංචිත සහ තරග කාලසටහන <<
එළඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය (සැප්තැම්බර් 2-14) සහ ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට (ඔක්තෝම්බර් 17– නොවැම්බර් 14) පෙර සූදානම් වීමේ පියවරක් ලෙස මේ Dialog – SLC ආරාධිත T20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- ශ්‍රී ලංකාවේ අතේ තිබුණු ජයග්‍රහණය Chahar උදුරා ගනී
- ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි
- ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන නිකුත් වෙයි
- අර්ජුනගේ ‘දෙවන පෙළ’ ප්‍රකාශයට Chopraගෙන් සැර පිළිතුරක්!
- ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි ක්‍රීඩකයෙක් බිහි කළ වටිනා කාසි 13
නිල් (Blues), කොළ (Greens), රතු (Reds) සහ අළු (Greys) වශයෙන් කණ්ඩායම් 4ක් මේ තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත අතර එම කණ්ඩායම්වල නායකයින් ලෙස පිළිවෙළින් ධනංජය ද සිල්වා, අශාන් ප්‍රියන්ජන්, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක කටයුතු කිරීමට නියමිතයි.
තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක අතරට පැමිණෙන කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත. මේ තරගාවලිය සඳහා සම්පූර්ණ තරග 13ක් ඇතුළත් වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල සාඩම්බර අනුග්‍රාහකයා වන Dialog Axiata PLC සමාගම විසින් මේ Dialog – SLC ආරාධිත T20 ක්‍රිකට් තරගාවලිය සඳහා අදාළ අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද (10) ලබාදෙමින් ඒ බව නිල වශයෙන් තහවුරු කළා.
Dialog Axiata ආයතනය ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස ද කටයුතු කරන අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි, බීච් වොලිබෝල් තරගාවලි, අන්තර් සමාජ රග්බි, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට ද කටයුතු කර තිබෙනවා.
තරගාවලියේ තරග කාලසටහන පහත පරිදි වෙනවා,
මෙම තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<