Dialog ආයතනය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස සිය හවුල්කාරීත්වය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
දශකයකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කර ගැනීමට හැකි වීම ඉමහත් ගෞරවයක් බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් Dialog Axiata PLC සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා විසින් සඳහන් කරන්නේ.
එමෙන්ම මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේ මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමයට ධනාත්මක මුහුණුවරක් ගෙන එනු ඇති බවයි.
- චමරිගේ නම තවත් ICC සම්මානයක් සඳහා නිර්දේශ වෙයි!
- ඩිල්ශාන් සහ චමරි 2023 ICC සම්මාන සඳහා නිර්දේශ වෙයි!
- සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- කන්ඩම්බි සහ චන්දනට නව වගකීම්
- David Warnerට අවාසනාවන්ත අහිමි වීමක්!
ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාලතම ජයග්‍රහණ ලැබූ ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය ලබා දෙනවාට අමතරව Dialog ආයතනය මගින් ශ්‍රී ලංකා වොලිබෝල්, දැල්පන්දු, සහ ESports කණ්ඩායම්වල නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනවා. ඊට අමතරව දේශීය ක්‍රීඩා පිටියේ බොහෝ අංශ සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීමට ද Dialog විසින් ඉදිරිපත් වී තිබීම විශේෂත්වයක්.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<