10 වන ජාතික ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (14) කොළඹ සුගතදාස ධාවන පථයේ දී ක්‍රියාත්මක විය. දෙවැනි දිනය අවසන් වන විට නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ තරගාවලි වාර්තා 4ක් බිහිකරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් විය.
නිලානි පරදා ගයන්තිකා ජය ගනී
10 වැනි වරටත් පවත්වනු ලබන ජාතික ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ
කාන්තා සත් ප්‍රයාම ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ලක්ෂිකා සුගන්ධි නැවතත් තම ජාතික වාර්තාව බිඳ හෙළමින් මුළු ලකුණු 4911ක් වාර්තා කරමින් අලුත් කළාය. මෙම වසරේ සුගන්ධි විසින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ දෙවන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. එම ඉසව්වේ දෙවන ස්ථානය ලකුණු 4001ක් ලබාගත් එස් .එන්. ප්‍රනාන්දු විසින් දිනාගත් අතර ලකුණු 3427ක් ලබාගත් එම්. හේරත් ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තාය.
පිරිමි රිටි පැනීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ගුවන් හමුදාවේ ඉෂාර සඳරුවන් දිනයේ ප්‍රථම තරග වාර්තාවට හිමිකම් කිවේය. තමාගේම පෙර තිබූ මීටර් 4.70ක වාර්තාව අභිබවමින් මීටර් 5.00ක දක්ෂතාවයක් වාර්තා කරන්නට ඔහු සමත් විය. ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මීටර් 4.40ක දක්ෂතාවයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පී. සේනාරත්න සහ ඊ. ජනිත් විසින් දිනා ගත්හ.
සවස් යාමේ ආරම්භ වූ තරග ඉසව් අතරින් කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මධුරංගි පෙරේරා තවත් තරගාවලි වාර්තාවක් තමන්ගේ නමට ඉදිරියෙන් සටහන් කර ගත්තාය. ඇය වාර්තා කළ දක්ෂතාවය මීටර් 44.36කි.
තරගයෙන් පසුව ඇය ThePapare.com වෙත මෙසේ අදහස් දැක්වීය.
“ගොඩක් සතුටුයි මට ඇත්තටම, වසර 1 1/2කින් පස්සේ තමයි මෙහෙම මීටර් 4ක පරතරයකින් කෙනෙක් ජයග්‍රහණය කළේ, ඇත්තටම විශ්වාසයක් තිබුණා මට ජයග්‍රහණය ගැන, එළඹෙන ජාතික මහා ක්‍රීඩා උළෙල වෙනුවෙන් හොඳ සූදානමකින් පුහුණුවීම් කරගෙන යනවා”
කවපෙත්ත විසිකිරීම කාන්තා ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගන්නට මීටර් 40.16ක දක්ෂතාවයක් වාර්තා කළ කේ. වීරසේකර සමත් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වී. ලක්මාලි මීටර් 38.38ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තාය.
ඉන් අනතුරුව පිරිමි මීටර් 800 ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ වර්තමාන මීටර් 800 ජාතික ශූරයා වන ඉඳුනිල් හේරත් තවත් තරග වාර්තාවකට හිමිකම් කියන්නට සමත් විය. ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 1.48.00කි.
පෙර තිබූ වාර්තාව මිනිත්තු 1.49.78ක් වූ අතර 2010 තිබූ වාර්තාවක් වසර 8කට පසු බිඳ වැටීම කැපී පෙනිණි. එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මිනිත්තු 1.50.00ක කාලයක් වාර්තා කළ එස්. කේ. වෙදගෙදර හා මිනිත්තු 1.53.00ක කාලයක් වාර්තා කළ ආර්. චතුරංග විසින් දිනා ගත්හ.
පිරිමි දසප්‍රයාම ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ අජිත් කරුණාතිලක ද තවත් තරගාවලි වාර්තාවක් පිහිටු විය. ඒ ලකුණු 6961ක් වාර්තා කරමිනි. එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් යුධ හමුදාවේම එම්. අසාන් (6174) සහ එච්. චතුරංග විසින් දිනා ගත්හ.
උදෑසන වරුවේ පැවති තරග අතුරින් වඩාත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් තරග ඉසව් ද්විත්වයක් ලෙස මීටර් 100×4 සහය දිවීම පිරිමි හා කාන්තා ඉසව් හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා යුධ හමුදාව මෙම තරග ඉසව් ද්විත්වයේම තම අණසක පතුරවන්නට සමත් වීම විශේෂත්වයකි.
ජයග්‍රාහී පිරිමි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා මීටර් 100 වාර්තා හිමි හිමාෂ එෂාන්, එස්. කුමාර, එල් .එම්. අස්රෆ්, හා ෂෙහාන් අඹේපිටිය පෙන්වා දිය හැකිය. ඔවුන් වාර්තා කළ කාලය තත්පර 41.33කි. ඉසව්වේ දෙවන ස්ථානය තත්පර 42.73ක් වාර්තා කළ නාවික හමුදා ක්‍රීඩකයන් විසින් දැරූ අතර ගුවන් හමුදා කණ්ඩායමට තරගය අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැත.
වසන්ත සර්ගේ කැපවීම තමයි මාව මේ මට්ටමට ගෙනාවේ – ලක්ෂිකා සුගන්ධි
කාන්තා සත්ප්‍රයාම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ලක්ෂිකා සුගන්ධි
කාන්තා සහය දිවීමේ තරග ඉසව්වේ වර්තමාන කෙටිදුර ධාවන ශූරි රුමේෂිකා රත්නායක, ලක්ෂිකා සුගන්ධි, එම්. ජයතිලක හා එස්. ෆර්ඩිනැන්ඩස් නියෝජනය කළ යුධ හමුදා කණ්ඩායම ජය ලැබුවේ තත්පර 46.57ක කාලයක් වාර්තා කරමිනි. ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් ශ්‍රී ලංකා ගුවන් හමුදා හා නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගත්තේ තත්පර 47.45ක් සහ තත්පර 49.89ක කාලයක් වාර්තා කරමිනි.
කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ඉන් අනතුරුව පිටියේ ක්‍රියාත්මක විය. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකා නිලානි රත්නායක එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. ඇය වාර්තා කළ කාලය මිනිත්තු 10.20.00කි. ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මිනිත්තු 10.47.00ක් හා 11.11.00ක කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකා ආර්. දුලක්ෂි හා නාවික හමුදාවේ එන්. කුමාරි විසින් දිනා ගත්හ.
කාන්තා මීටර් 800 ඉසව්ව ද කාගේත් අවධානය දිනා ගත් උද්වේගකර තරග ඉසව්වක් විය. එහි දී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකා ඒ. නිමාලි හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්න මිනිත්තු 2.06.00ක සම කාලයක් වාර්තා කළ අතර අවසන් දශම කාල ගණනයෙන් නිමාලි රන් පදක්කම දිනා ගත්තාය.
ඉසව්වේ තෙවන ස්ථානය මිනිත්තු 2.08.00ක කාලයක් වාර්තා කළ සී. දිල්රුක්ෂි විසින් දිනා ගත්තාය.
ජෝන් ටාබට් තරගාවලිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් ආධාර
පාසල් මලල ක්‍රීඩා පිටිය අතික්‍රමණය කරනා අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම, මලල ක්‍රීඩා පිටියෙන්
හෙට (15) තරගාවලියේ අවසන් දිනයයි. සුපුරුදු පරිදි හෙට දිනයේත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.
දිනයේ සියලු තරග ප්‍රතිඵල
Day 2 Results | |||||||
Event No | 201 | 10Km Race Walk | Men | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 159 | S/M100851 | L/CPL | CHANDIKA GS | ARMY | 47:51.2 | |
2 | 223 | 024376 | LAC | APPUHAMI TGSN | SLAF | 48:08.8 | |
3 | 160 | S/163229 | L/BDR | DUNUKARA DMISS | ARMY | 48:30.9 | |
4 | 161 | S/163139 | GNR | FERNANDO VLSS | ARMY | 49:27.2 | |
5 | 184 | VAS 61308 | AB | MRCJ RANASINGHE | NAVY | 53:07.0 | |
6 | 224 | 029970 | LAC | DESHAPPRIYA UNM | SLAF | 53:43.0 | |
7 | 192 | XS 103847 | AB | KS KUMARA | NAVY | 59:08.3 | |
8 | 176 | XS 114400 | OD | M LORANS | NAVY | 1:02:55.7 | |
Event No | 201 | 10Km Race Walk | Women | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 336 | S/73145 | REC | GAYANI PB | ARMY | 51:48.8 | |
2 | 375 | AW/01468 | LAC | DILHANI THD | SLAF | 53:26.3 | |
3 | 374 | AW/3044 | LAC | KALYANI WHL | SLAF | 57:53.0 | |
4 | 346 | WVS 68786 | WAB | LMMS JAYARATHNE | NAVY | 58:19.9 | |
337 | S/100427 | PTE | MADIRIKA UVK | ARMY | DNF | ||
Event No | 202 | Pole Vault | Men | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 230 | 028937 | CPL | SADARUWAN MHI | SLAF | 5.00 | *NMR |
2 | 136 | S/158693 | BDR | SENARATHNE KACP | ARMY | 4.40 | |
3 | 137 | S/K100541 | PTE | Janith HSE | ARMY | 4.40 | |
4 | 229 | 010372 | SGT | BALASOORIYA LARKK | SLAF | 4.30 | |
5 | 231 | 024377 | LAC | RANAWEERA AGNDK | SLAF | 4.30 | |
6 | 168 | XH 104324 | APTI | HTC FERNANDO | NAVY | 4.00 | |
7 | 191 | XD 54053 | LDIV | WMJP WEERASINGHE | NAVY | 4.00 | |
Event No | 203 | 3000m Steeple Chase | Women | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 310 | S/725333 | L/CPL | RATHNAYAKE UKN | ARMY | 10:20.71 | |
2 | 364 | AW/3314 | LAC | DULAKSHI WPER | SLAF | 10:47.62 | |
3 | 338 | WH 86312 | WAPTI | HWN KUMARI | NAVY | 11:11.26 | |
4 | 321 | S/75605 | REC | UDAYAKUMARI HKIT | ARMY | 11:29.43 | |
5 | 372 | AW/02087 | LAC | KUMARAGE KDP | SLAF | 11:29.59 | |
6 | 373 | AW/02179 | LAC | WEERASINGHE SGBMK | SLAF | 13:28.73 | |
Event No | 204 | 4x 100m | Women | Final | |||
Place | Service No | Rank | UNIT | Performance | Remarks | ||
1 | 1 | – | ARMY | 46.57 | |||
2 | 3 | – | SLAF | 47.45 | |||
3 | 2 | – | NAVY | 49.89 | |||
Event No | 205 | 4x 100m | Men | Final | |||
Place | Service No | Rank | Regiment | Performance | Remarks | ||
1 | 1 | – | ARMY | 41.33 | |||
2 | 2 | – | NAVY | 42.73 | |||
3 | – | SLAF | DQ | ||||
Event No | 213 | Discuss Throw | Women | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 352 | WVS 76191 | WOD | PAIMP PERERA | NAVY | 44.36 | * NMR |
2 | 390 | AW01343 | LAC | WEERASEKARA WMSK | SLAF | 40.16 | |
3 | 397 | AW/02203 | LAC | LAKMALI AGVV | SLAF | 38.38 | |
4 | 391 | AW/3036 | LAC | LAKSHIKA HAA | SLAF | 36.62 | |
Event No | 215 | High Jump | Men | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 227 | 45256 | SGT | MANJULA KUMARA WP | SLAF | 2.18 | |
2 | 133 | S/D100798 | PTE | KUMARA BRIU | ARMY | 2.10 | |
3 | 228 | 017512 | LAC | PATHIRANA WPAK | SLAF | 2.00 | |
4 | 134 | S/M100569 | L/CPL | DISSANAYAKA DMMMS | ARMY | 1.85 | |
5 | 198 | XS 104266 | AB | AMS KUMARA | NAVY | 1.75 | |
Event No | 216 | 400m Hurdles | Women | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 318 | S/75609 | REC | DULANI GAS | ARMY | 59.83 | *NMR |
2 | 370 | AW/3031 | LAC | LAKMALI NGDN | SLAF | 1:00.41 | |
3 | 319 | S/86398 | REC | MADUSHANI EK | ARMY | 1:01.19 | |
4 | 320 | S/4R01430 | L/CPL | WICKRAMASINGHE TGND | ARMY | 1:01.69 | |
5 | 371 | AW/01352 | LAC | SADAMALI UGD | SLAF | 1:02.67 | |
6 | 354 | WVS 77717 | WOD | WHM FERNANDO | NAVY | 1:07.81 | |
Event No | 217 | 400m Hurdles | Men | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 220 | 024677 | LAC | RATHNASENA ALAI | SLAF | 51.56 | |
2 | 128 | S/90400 | CFM | RATHNASENA ALST | ARMY | 51.91 | |
3 | 127 | S/629624 | L/CPL | CHATHURANGA SMA | ARMY | 52.63 | |
4 | 129 | S/D100882 | PTE | PASNJITH JL | ARMY | 52.67 | |
170 | XS 111543 | AB | HPC RATHNASIRI | NAVY | DNF | ||
Event No | 219 | 800m | Women | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 360 | AW/3029 | CPL | NIMALI WKLA | SLAF | 2:06.12 | |
2 | 347 | WVS 69106 | WAB | GTA ABEYRATHNA | NAVY | 2:06.40 | |
3 | 309 | S/4R01026 | CPL | DILRUKSHI NMC | ARMY | 2:08.00 | |
4 | 362 | AW/02181 | LAC | KUMARI KGNMA | SLAF | 2:12.81 | |
5 | 361 | AW/01481 | LAC | SANJEEWANI AAN | SLAF | 2:15.21 | |
Event No | 220 | 800m | Men | Final | |||
Place | BIB | Service No | Rank | Athlete Name | Forces | Performance | Remarks |
1 | 113 | S/M100027 | CPL | HERATH HEMIGIM | ARMY | 1:48.00 | * NMR |
2 | 115 | S/D100752 | L/CPL | WEDAGEDARA WMSK | ARMY | 1:50.31 | |
3 | 114 | S/432592 | L/CPL | CHATHURANGA GR | ARMY | 1:53.72 | |
4 | 209 | 022449 | LAC | AMARASIRI KGAP | SLAF | 1:54.87 | |
5 | 211 | 029623 | LAC | WEERASINGHE WMHM | SLAF | 1:55.63 | |
6 | 163 | XD 46163 | LDIV | RBS KUMARATHUNGA | NAVY | 1:57.47 | |
7 | 210 | 023210 | LAC | UDAYANGA GV | SLAF | 2:01.67 | |
8 | 178 | XP 113758 | OD | GAHP KUMARA | NAVY | 2:05.65 |
10th Defence Services Athletics Championship – 2018 | ||||||||
Total Medal Table | ||||||||
Forces | Gold | Silver | Bronz | |||||
ARMY | 18 | 13 | 9 | |||||
NAVY | 3 | 2 | 4 | |||||
SLAF | 4 | 11 | 10 | |||||
Men Medal Table | ||||||||
Forces | Gold | Silver | Bronz | |||||
ARMY | 8 | 9 | 6 | |||||
NAVY | 0 | 2 | 1 | |||||
SLAF | 4 | 2 | 3 | |||||
Women Medal Table | ||||||||
Forces | Gold | Silver | Bronz | |||||
ARMY | 10 | 4 | 3 | |||||
NAVY | 3 | 0 | 3 | |||||
SLAF | 0 | 9 | 7 | |||||
Total Points Table | ||||||||
Forces | Place | Points | ||||||
ARMY | 1 | 143 | ||||||
NAVY | 3 | 32 | ||||||
SLAF | 2 | 70 | ||||||
Men Points Table | ||||||||
Forces | Place | Points | ||||||
ARMY | 1 | 75 | ||||||
NAVY | 3 | 9 | ||||||
SLAF | 2 | 29 | ||||||
Women Points Table | ||||||||
Forces | Place | Points | ||||||
ARMY | 1 | 68 | ||||||
NAVY | 3 | 23 | ||||||
SLAF | 2 | 41 |
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<