මෙවර වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය උත්කර්ෂවත් ලෙස

51 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය 2023

402
51 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය 2023

මෙරට දේශීය රග්බි පිටියේ පැවැත්වෙන තවත් ප්‍රධාන රග්බි තරගාවලියක් වන වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය ජුනි 15 වැනිදා සිට 17 වැනිදා  දක්වා CR&FC රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

වෙළඳසේවා රග්බි සම්මේලනය සමඟ මසකට වඩා ලියාපදිංචිය ඇති කණ්ඩායම් සඳහා මෙම තරගාවලියට ඇතුළත් වීමට අයැදුම් කළ හැකි අතර මැයි 15 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා කාලසීමාව තුළ ඔවුන්ට තරගාවලිය සඳහා අයැදුම් කළ හැකි වෙනවා.

>> තරගාවලි අයදුම්පත <<

කණ්ඩායම් සංඛ්‍යාව අවම වීම නිසා පසුගිය වසරේ පැවති කෙටි තරගාවලියෙන් පසු මෙම වසරේ දී සුපුරුදු පරිදි තරගාවලිය පැවැත්වීමට නියමිත අතර කුසලාන, පලිහ, පලඟ සහ බඳුන කාණ්ඩ මෙවර ක්‍රියාත්මක වෙනවා.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සඳහා ඇතුළත් වන ක්‍රීඩකයින්ට පහත පරිදි සීමා පැනවෙනවා.

  • කුසලාන සහ පලඟ: “A” කාණ්ඩයේ ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 4 දෙනෙක් හෝ ඊට වැඩියෙන්.
  • බඳුන: උපරිම “A” කාණ්ඩ ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයින් තුන් දෙනෙක් පමණයි.
  • පලිහ: “A” කාණ්ඩයේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ලියාපදිංචි වීමට හැකි නමුත් ක්‍රීඩා කළ හැක්කේ එක් ක්‍රීඩකයෙකුට පමණයි.

>>තරගාවලියේ නීති රීති<<

මෙවර තරගාවලියට කාන්තා ටැප් රග්බි තරගාවලියක් ද ඇතුළත් කර තිබෙනවා. කාන්තා කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් සඳහා ද ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සංචිතයට ඇතුළත් විය යුතුයි.

>>කාන්තා තරගාවලියේ නීති රීති<<

>> කාන්තා තරගාවලියේ අයදුම්පත <<

පසුගිය වසරේ පැවති 50 වැනි වෙළඳසේවා තරගාවලියේ කුසලානය John Keells ‘A’ කණ්ඩායම විසින් ද, පලඟ ශූරතාවය Dialog ‘A’ කණ්ඩායම විසින් ද, බඳුන ශූරතාවය Sampath Bank කණ්ඩායම විසින් ද දිනා ගද්දී, තරගාවලියේ පලිහ ශූරතාව දිනා ගත්තේ Ceylinco කණ්ඩායම විසිනුයි.

කාන්තා කාණ්ඩයේ අවසන් තරගයේ දී NDB ක්‍රීඩිකාවන් පරාජය කළ Sampath Bank ක්‍රීඩිකාවන් ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

51 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<