ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරගාවලිය දෙසැම්බර් මස 01 සිට 08 වැනි දා දක්වා කොළඹ වෙළඳසේවා ගෘහස්ථ බැඩ්මින්ටන් ආයතනය, ඔටර්ස් බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතන ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.
පසුගිය වසරේ දී තරගාවලිය සඳහා අයදුම්පත් 1140ක් ලැබුණු අතර මෙවර එම ප්‍රමාණය 1254ක් දක්වා ඉහළ යාම විශේෂත්වයක්. මෙහි දී අවුරුදු 11න් පහළ සිට 19න් පහළ දක්වා කනිෂ්ඨ තරග මෙන්ම අවුරුදු 30න් ඉහළ ඊට ඉහළ ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩ සඳහා ද තරග පැවැත්වීමට නියමිතයි. එහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පිරිමි සහ කාන්තා එකල, යුගල මෙන්ම මිශ්‍ර ලෙස ද තරග ඉසව් ක්‍රියාත්මක වනු ඇති.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
තරගාවලියේ සමාරම්භක උත්සවය දෙසැම්බර් 01 දා පැවැත්වීමට නියමිත අතර, එදින සිට දෙසැම්බර් 06 වැනි දා දක්වා තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතයි. ඉන් පසුව තරගාවලියේ ඉතිරි තරගවට සහ අවසන් තරග දෙසැම්බර් මස 07 සහ 08 යන දිනවල දී ක්‍රියාත්මක වනු ඇති.
එමෙන්ම 08 වැනි දා සවස් වරුවේ ම තරගාවලියේ ත්‍යාග ප්‍රධාන කිරීම සහ සමාප්ති උත්සවය ද පැවැත්වීමට නියමිතයි.
පුරා දින 08ක් පැවැත්වීමට නියමිත මෙවර තරගාවලිය වෙනුවෙන් නිලධාරීන් 60කට අධික ප්‍රමාණයක් සහභාගී වනු ඇති බවයි අනුමාන කරන්නේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<