ශ්‍රී ලංකා දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක Dambulla Viiking කණ්ඩායමේ නායකයා ලෙස නිල වශයෙන් නම් කර තිබේ.
ශානක 2019 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයේ දී එවකට ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ සිටි පාකිස්තානු කණ්ඩායම 3-0ක් ලෙස පරාජයට පත් කරමින් නායකයෙක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කැපී පෙනුනි.
එසේම ඔහු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් සඳහා ද සහභාගී වෙමින් ක්‍රිකට් පිටිය තුල අත්දැකීම් රැසක් තිබෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
With only a few days before the start of the tournament ⚡,
the wait is finally over.
We are thrilled to announce ? the dominant @dasunshanaka1 will carry the #hammer ? and be Captain of our warriors for the upcoming Lanka Premier League 2020#DambullaViiking #SonsOfThor pic.twitter.com/LwWbY9tXCr— Dambulla Viiking (@ViikingDambulla) November 25, 2020
උපුල් තරංග සහ Paul Stirling වැනි ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් කණ්ඩායම් මෙහෙයවූ ක්‍රීඩකයින් ද සිටීම ශානකගේ සහය සඳහා වැදගත් වෙනු ඇත.
LPL තතුවිත්ති:
- විවේචනවලට මාලිංගගෙන් සැර පිළිතුරක්!
- Galle Gladiators නායකයාට අකරතැබ්බයක්
- LPL 2020 තරගාවලියේ නිල සංචිත එළිදැක්වෙයි
- Kandy Tuskers බලගන්වන්න තවත් තුරුම්පු දෙකක් ඇතුළට
ශානකගේ නායකත්වයෙන් යුත් Dambulla Viiking කණ්ඩායම LPL තරගාවලියේ මුහුණ දෙනු ලබන පළමු තරගය Kandy Tuskers කණ්ඩායම සමඟ මේ මස 28 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත.
2020 LPL තරගාවලියේ නායකයින්:
- Colombo Kings – ඇන්ජලෝ මැතිව්ස්
- Dambulla Viiking – දසුන් ශානක
- Galle Gladiators – Shahid Afridi
- Jaffna Stallions – තිසර පෙරේරා
- Kandy Tuskers – කුසල් පෙරේරා
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<