මේ මස 26 වැනිදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී ආරම්භ වන ඕස්ට්‍රේලියා – නවසීලන්ත කාන්තා ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා සීමිත ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් සඳහා අවසර ලබා දෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද (14) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින ලදි.
එක්දින ක්‍රිකට් තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී Meg Lanning විසින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මෙහෙයවීමට නියමිත අතර Sophie Devine විසින් නවසීලන්ත කාන්තා කණ්ඩායම මෙහෙයවනු ඇත.
තවත් ක්‍රිකට් පුවත්:
එසේම පන්දුව 4 සීමාවෙන් එපිටට යැයි අනුමාන කරනු ලබන ප්‍රදේශ සඳහා ප්‍රේක්ෂකයින්ට ඇතුළු වීම සඳහා අවසර නොලැබෙන අතර ක්‍රීඩා පිටියේ තරගයක් නැරඹීමට හැකි ප්‍රේක්ෂක ප්‍රමාණයෙන් හරි අඩක් සඳහා මේ තරග නැරඹීමට අවස්ථාව ලැබේ.
කෙසේ නමුත් තරග නැරඹීම සඳහා එන සියලුම ප්‍රේක්ෂකයින් රජය සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන සියලු උපදෙස් පිළිපැදිය යුතු අතර, දිරිගැන්වීම් සහ ක්‍රීඩකයින් සමඟ සේයාරූ ගැනීම, සමරු සටහන් ගැනීම ප්‍රේක්ෂකයින් හට සිදු කිරීමට නොහැකි වෙනු ඇත.
අවසන් වරට පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන දෙකේම ශූරතාව දිනා ගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ වන විට ඔවුන් සහභාගී වූ අවසන් එක්දින තරග 18ම ජයගෙන තිබෙන අතර එහි ලෝක වාර්තාව හිමිවන්නේ නොකඩවා එක්දින තරග 21ක් ජය ගත් ඕස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමටයි.
රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2003 වසරේ දී එම දස්කම දක්වන ලදි. යම්හෙයකින් Meg Lanningගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නවසීලන්තය සමඟ පැවැත්වෙන මේ තරගාවලියේ එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් වුවහොත් එම ලෝක වාර්තාව සම කිරීමට අවස්ථාව ලැබේ.
කොරෝනා වයිරසය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීම නිසා පසුගිය මාස කිහිපය පුරාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඇතුළු බොහෝමයක් ක්‍රීඩා ඉසව් පැවැත්වීමට නොහැකි වූ නමුත් ජූලි මාසයේ දී සිට දැඩි සෞඛ්‍ය ආරක්ෂක රැකවරණ මැද ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම සාර්ථකව පැවැත්විය.
ඕස්ට්‍රේලියාවේ අවසන් වරට පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන්නේ කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියයි. මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී පිරිමි ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා ව්‍යාප්තිය සහ ඒ නිසාවෙන් මතුව තිබෙන ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසාවෙන් එම තරගාවලිය මේ වසරේ දී නොපැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<