මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී ශතවර්ශයකට අධික කාලයක් ගතව ඇත. මේ දීර්ඝ කාලය තුළ විවිධ කණ්ඩායම් වලට අයත් දක්ෂ ක්‍රීඩකයන් සිය ගණනක් ප්‍රේක්ෂකයන්ගේ නෙත ගැටෙන්නට ඇති බව නොඅනුමානය. මොවුන්ගෙන් සමහරක් තම දක්ෂතාවයට උපරිම සාධාරණයක් ඉටුකරමින් ක්‍රිකට් ඉතිහාසය නැවත ලියූ අතර සමහරකට තරග තහනම් පැනවීම, විවිධ ආබාධ ආදිය නිසා ඒ තත්වයට යන්නට නොහැකි වුණා.
ලෝක කුසලානයේ කිවි සලකුණ – නවසීලන්තය
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ….
ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ මිනිසුන්ගේ රුධිරය හා බැඳී තිබුණත් අවාසනාව යන කරුණ මත ක්‍රිකට් ක්‍රීඩාවට අහිමිවූ ක්‍රීඩකයන් ද ඇත. අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළියක් කිරීමට සිටි බොහෝ ක්‍රීඩකයන්ට තම ක්‍රිකට් දිවිය අතරතුර ඉතාමත් අවාසනාවන්ත අයුරින් තම ජිවිතයෙන් සමුගැනීමට සිදුවූ අවස්ථා ඇත. තමන්ගේ රට වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබියදී තමන්ගේ ජීවිතයෙන් සමු ගන්නට ක්‍රීඩකයෙක්ට සිදු වුණොත් ඒක කොයි තරම් අවාසනාවක්ද? ඒ වගේම ඔහුගේ රටට, ප්‍රේක්ෂකයින්ට කොයි තරම් බලවත් කණගාටුවක්ද?
ස්ටැන්ලි ද සිල්වා – ශ්‍රී ලංකාව (වයස අවුරුදු 23)

වර්ෂ 1980 ආරම්භය වනවිට ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබීමේ එළිපත්තේ සිටියා. තවමත් වයස 23ක් වූ ස්ටැන්ලිට පැහැදිලිවම තවත් වසර 15 ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව තිබුණු නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ සිහිනය ඔහුගෙන් ඒ තරම් දුර එකක් වුණේ නැහැ. නමුත් ඔහුගේත්, රටේ සියලුම ජනතාවගේත් සිහින බොඳ කරමින් 1980 සිංහල-දෙමළ අලුත් අවුරුද්ද ලබන්නට දින දෙකක් තිබියදී මොහුගේ යතුරු පැදිය බලපිටියේදී අනතුරට ලක්වෙන්නේ ස්ටැන්ලිගේ ජීවිතයට නැවතීමේ තිත තබමින්. ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට එක්වෙන්නට තිබුණු රන්වන් පිටුවක් එලෙසින් උපන් ගෙයිම ගිලිහී යනවා.
ක්‍රිකට් ලොව ‘ලිලිපුට්ටන්’ ගලිවර්ට ගැහුව ගැහිල්ල
ශ්‍රී ලංකාවේ එක්දින තරග ආරම්භය සහ ලෝක …..
හැන්සි ක්‍රොන්යේ – දකුණු අප්‍රිකාව (වයස අවුරුදු 32)

ඒ වනවිට තරග පාවාදී ප්‍රේක්ෂක ගැරහුමට ලක්ව සිටියත් ඔහුගේ මරණය දකුණු අප්‍රිකාණුවන් සංවේගයට පත්කළේ ඊට පෙර ඔහු සිය රට වෙනුවෙන් දැක්වූ දස්කම් නිසයි. මිය යනවිට 32 වියේ පසුවුනු ක්‍රොන්යේ එවකට තහනමකට ලක්ව සිටියත් තවත් අවුරුදු 6 ක පමණ කාලයක් ක්‍රිකට ක්‍රීඩාවේ නිරත වීමට තරම් ශරීර යෝග්‍යතාවක් ඔහු තුළ තිබුණා.
හඬා වැලපෙමි නෙලා ගනු හැකි World Cup සිහිනේ
අවුරුදු 44ක ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදු …..
පිලිප් හියුස් – ඕස්ට්‍රේලියාව (වයස අවුරුදු 25)

ෆිල් හියුස් 2014 වසරේ නොවැම්බර් මස 25 වනදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ ශූරතාවයට අයත් තරගයකදී පන්දුව ගෙළේ වැදීමෙන් අනතුරකට ලක්වෙනවා. ප්‍රතිවාදී පිලේ ෂෝන් ඇබොට් විසින් එවන ලද වේගපන්දුව සිය වම් කණට පහළින් ගෙළේ වැදීම නිසා ඔහු සිහිසුන් වී ඇදවැටෙන අතර වහාම ළඟම ඇති ශාන්ත වින්සන්ට් රෝහලට ඇතුළත් කළත් ඔහුගේ තත්වය බරපතල වෙනවා. පන්දුව වැදීම නිසා ඔහුගේ මොළයට රුධිරය ගමන් කරන ප්‍රධාන නාළයක් පුපුරා ඇති බවත්, අභ්‍යන්තර රුධිර වහනය නිසා ඔහුගේ තත්වය අසාධ්‍ය බවත් වෛද්‍යවරුන් සොයා ගන්නවා.
ඕස්ට්‍රේලියානුවන්ට මෙන්ම මුළු ලෝකයටම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අහිමි කරමින් ඊට දින දෙකකට පසු ලොවක් හඬවමින් පිලිප් හියුස් ජීවිතයෙන් සමුගන්නවා. ඒ වනවිට ඔහුගේ 26 වන උපන්දිනයට තිබුණේ තවත් දවස් 3ක් වගේ කාලයක් පමණයි.
රුනාකෝ මෝටන් – බටහිර ඉන්දීය කොදෙව් දූපත් (වයස අවුරුදු 33)

කෙසේ නමුත් ඔහු තුළ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති සහජ දක්ෂතාවය වරින් වර ඉදිරියට පැමිණි අතර 2006 වසරේ නේපියර් හීදී සත්කාරක නවසීලන්තයට එරෙහිව ඔහු ලද ශතකය ඊට කදිම නිදසුනක්. නැවතත් දක්ෂතා පෙන්වීම අතින් අසාර්ථක වීම නිසා 2010 වසරේදී කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවන ඔහුට ඉන්පසු වසර දෙකක්ම ජාතික කණ්ඩායමට තේරී පත්වීමට නොහැකිවුණා.
ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ප්‍රබලයින් කිහිප දෙනෙක් නැහැ
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ……….
තවත් වසර කිහිපයකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාව මෝටන් තුළ ඉතිරිව තිබීම නිසා ප්‍රේක්ෂකයන් ඔහු නැවතත් කණ්ඩායමට පැමිණේ යයි බලාපොරොත්තුවෙන් සිටියත් කිසිදා එය ඉටු නොවුණේ 2012 වසරේ මාර්තු මස 04 වැනි දින සිදුවූ රිය අනතුරකින් ඔහු අකාලයේ මරණයට පත්වීම නිසායි.
බෙන් හොලියොක් – එංගලන්තය (වයස අවුරුදු 24)

දක්ෂතා පෙන්වීමට අපොහොසත් වුවත් බෙන් හොලියොක් උපන් ගෙයි දක්ෂයෙක් වූ නිසාම ඔහු ගැන එංගලන්ත ක්‍රිකට් බලධාරීන් හැමවිටම අවධානයෙන් සිටි අතර වයසින් මුහුකුරා යාමත් සමඟ නැවත දක්ෂතා අතරට පැමිණීමට ඔහුට හැකිවෙනු ඇතැයි විශ්වාස කෙරුණා. නමුත් ඒ ප්‍රාර්ථනා සුන්කරමින් 2002 වසරේදී ඕස්ට්‍රේලියානු සංචාරයක යෙදී සිටි බෙන් හොලියොක්ගේ කාරය තාප්පයක වැදී දරුණු අනතුරක් සිදුවෙනවා. මින් බරපතල තුවාල ලබන ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවෙන්නේ නෑ. මිය යනවිට ඔහු 24 වැනි වියේ පසුවුණා. බෙන් හොලියොක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට වැදගත් වෙන්නේ ඔහු මුත්තයියා මුරලිදරන්ගේ 200 වන ටෙස්ට් ගොදුර වීම නිසායි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















