නවසීලන්ත ක්‍රිකට් තරග කාලසටහන කාර්ය බහුල වෙයි

892

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ වන නවසීලන්ත – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ සිට 2021 වසරේ මාර්තු අවසානය දක්වා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් කාර්ය බහුල වසරක් වනු ඇත.

නව තරග චක්‍රය ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායම මුහුණ දෙනු ලබන පළමු තරගාවලිය නොවැම්බර් මස 27 වැනිදා සිට ආරම්භ වන අතර එම තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුලත්ය. එම ටෙස්ට් ක්‍රිකට් තරග දෙක ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකි.

එම තරග සංචාරය අවසන් වීමත් සමඟම පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය යන කණ්ඩායම් තුන පිළිවෙළින් නවසීලන්තයට පැමිණීමට නියමිත අතර මෙවර නවසීලන්තයේ බොක්සිං දින ටෙස්ට් තරගය බවට පත්ව ඇත්තේ පාකිස්තානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයයි. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් වන එම තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුලත්ය.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න;

නවසීලන්තය මේ වන විට ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන අතර ඉදිරි ටෙස්ට් ක්‍රිකට් තරගාවලි කිහිපයම ඔවුන්ගේ රටේ පැවැත්වෙන නිසා ඔවුන්ට වැඩි වාසියක් ලබා ගැනීමට හැකි වනු නිසැකය.

පාකිස්තානය සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අවසන් වූ වහාම එනම් එළඹෙන පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාව නවසීලන්තයට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන අතර එම තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 5ක් ඇතුලත්ය. 

එසේම මේ වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගත තත්වය නිසා නොපැවැත්වුණු නමුත් ඉදිරි වසර දෙකක කාලය තුල ICC පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් පැවැත්වීමට ICCය දැනට සැලසුම් කර ඇත. ඒ නිසාවෙන් බොහෝමයක් රටවල් විස්සයි විස්ස ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වා තිබේ.

ICC ලෝක කුසලාන එක්දින ලීගයට ඇතුලත් තරග තුනක් සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග වැදීම වෙනුවෙන් සූදානමින් සිටින අතර එම තරගාවලිය මාර්තු මස 13 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වේ. එක්දින තරග තුනට අමතර විස්සයි විස්ස තරග තුනක් ද එම තරගාවලියට ඇතුලත්ය.

2020-21 නවසීලන්ත තරග කාලසටහන

බටහිර ඉන්දීය කොදෙව් සමඟ,

  • නොවැම්බර් 27 –  පළමු විස්සයි විස්ස තරගය – ඕක්ලන්ඩ්
  • නොවැම්බර් 29 – දෙවන විස්සයි විස්ස තරගය – බේ ඕවල්
  • නොවැම්බර් 30 – තෙවන විස්සයි විස්ස තරගය – බේ ඕවල්
  • දෙසැම්බර් 03 – 07 දෙසැම්බර් – පළමු ටෙස්ට් තරගය – හැමිල්ටන්
  • දෙසැම්බර් 11 – දෙසැම්බර් 15 – දෙවන ටෙස්ට් තරගය – වෙලින්ග්ටන්

පාකිස්තානය සමඟ,

  • දෙසැම්බර් 18 – පළමු විස්සයි විස්ස තරගය – ඕක්ලන්ඩ්
  • දෙසැම්බර් 20 – දෙවන විස්සයි විස්ස තරගය – හැමිල්ටන්
  • දෙසැම්බර් 22 – තෙවැනි විස්සයි විස්ස තරගය – නේපියර්
  • දෙසැම්බර් 26 – දෙසැම්බර් 30 – පළමු ටෙස්ට් තරගය – බේ ඕවල්
  • ජනවාරි 3 – ජනවාරි 7 – දෙවන ටෙස්ට් තරගය – ක්‍රයිස්චර්ච්

ඕස්ට්‍රේලියාව සමඟ,

  • පෙබරවාරි 22 – පළමු විස්සයි වස්ස තරගය – ක්‍රයිස්චර්ච්
  • පෙබරවාරි 25 – දෙවන විස්සයි වස්ස තරගය – Dunedin
  • මාර්තු 3 – තුන්වැනි විස්සයි විස්ස තරගය – වෙලින්ග්ටන්
  • මාර්තු 5 – සිව්වැනි විස්සයි විස්ස තරගය – ඕක්ලන්ඩ්
  • මාර්තු 7 – පස්වැනි විස්සයි විස්ස තරගය – බේ ඕවල්

බංග්ලාදේශය සමඟ,

  • මාර්තු 13 – පළමු එක්දින තරගය – Dunedin
  • මාර්තු 17 – දෙවන එක්දින තරගය – ක්‍රයිස්චර්ච්
  • මාර්තු 20 – තුන්වැනි එක්දින තරගය – වෙලින්ග්ටන්
  • මාර්තු 23 – පළමු විස්සයි විස්ස තරගය – නේපියර්
  • මාර්තු 26 – දෙවන විස්සයි විස්ස තරගය – ඕක්ලන්ඩ්
  • මාර්තු 28 – තුන්වැනි විස්සයි විස්ස තරගය – හැමිල්ටන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<