ගැටුම් රැසක් මැද ආර්ජන්ටිනාව චිලී පරාජය කරයි

2164
(Photo by EVARISTO SA / AFP)

ආර්ජන්ටිනාවට එල්ල වී තිබෙන විනිසුරුවරුන්ගේ ශාපය නැවතත් ක්‍රියාත්මක වී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට රතු කාඩ්පතක් හිමි වූ නමුත් වත්මන් ශූරයින් පරාජය කරමින් ගෝල 2-1ක් ලෙස 2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගන්නට ආර්ජන්ටිනාව අද (7) සමත් වුනා.

ආර්ජන්ටිනා බ්‍රසීල සුපිරි ගැටුමෙන් ආර්ජන්ටිනාවට අසාධ්‍යයි

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (3) බ්‍රසීලයේ Belo Horizonte…

පළමු අර්ධය අවසන් වීමටත් පෙරම සුපිරි ක්‍රීඩක මෙසී හට ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ චිලී කණ්ඩායමේ ගැරී මෙඩෙල් සමඟ ගැටුමක් ඇති කර ගැනීම හේතුවෙන්. කෙසේ වෙතත් කණ්ඩායම් දෙකම එකිනෙකා හා ගැටෙන්නට උත්සහ කළ අතර විනිසුරු මෙඩෙල් හට ද කහ කාඩ්පතක් ලබා දෙමින් ඔහුවත් පිටියෙන් ඉවතට යවන්නට තීරණය කරන ලදි.

ආර්ජන්ටිනාව පෙර තරගයේ දී බ්‍රසීලය හමුවේ දරුණු පරාජයකට මුහුණ දුන් අතර ඒ  නිසාම ඔවුන්ට අවසන් මහා තරගයෙන්, තෙවැනි ස්ථානය දක්වා තරගය වෙත පහළ බසින්නට සිදු විය.

තරගය ආරම්භ වී මිනිත්තු 12කට පසු ආර්ජන්ටිනාව වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සර්ජියෝ අගුවෙරෝ සමත් විය. අලංකාර පන්දු යොමු කිරීමකට පසුව පන්දුව ලබා ගත් අගුවෙරෝ ඉදිරියට පැමිණෙමින් සිටි ගෝල රකින්නා මඟ හරිමින් පන්දුව ගෝල රාමුව තුළට පා කර හරින්නට සමත් විය. චිලී ගෝල රකින ක්‍රීඩක Gabriel Arias අද දිනය පුරා දැඩි පීඩනයකට ලක් වූ නමුත් පළමු ගෝලයට මිනිත්තු කිහිපයකට පසුව මෙසීගේ අලංකාර නිදහස් පහරක් ගෝලයෙන් ඉවත යවන්නට ඔහු සමත් විය.

20 වැනි මිනිත්තුවේ දී චිලී කණ්ඩායම කබලෙන් ලිපට වැටුණේ ඇලෙක්සිස් සැන්චෙස් ආබාධයකට ලක් වීම නිසා හා Paulo Dybala ගෝල රකින්නාට පෙර පන්දුවට ළඟා වී පන්දුව ගෝල රකින්නට ඉහළින් දැල වෙත යොමු කිරීමට සමත් වූ නිසයි.

කෙසේ වෙතත් සාවෝ පාවුලෝ හි පැවැත්වුණු මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම දැඩි ශාරීරික ක්‍රීඩා රටාවක නිරත වූයේ තරගය වරින් වර නවත්වන්නට විනිසුරුට සිදු කරමින්.

අනතුරුව මෙසී හා මෙඩල් ක්‍රීඩා පිටිය මැද ගැටුමක් ආරම්භ කළ අතර තත්පර කිහිපයකට පසු කණ්ඩායම් දෙකම පිටිය මැද ගැටුමක් ඇති කර ගත්තේ විනිසුරුට තත්වය පාලනය කර ගන්නටවත් ඉඩ ලබා නොදෙමින්.

මෙසී සිය ප්‍රතිවාදියාව පිටියෙන් ඉවතට තල්ලු කරමින් මෙම ගැටුම ආරම්භ කළ අතර මෙඩල් නැවත පැමිණ ඔහුගේ හිසෙන් හා උරහිසෙන් මෙසීට පහර දෙද්දී ඔහු කිසිවක් නොකර සිටීම විශේෂත්වයක්.

විනිසුරු මාරියෝ ඩියාස් තීරණය කළේ දෙපාර්ශවයම ගැටුමට වගකිව යුතු බවයි. ඒ අනුව ඔහුගේ රතු කාඩ්පත පිටිය මැද දෙවතාවක් එසවුණු අතර ඒ සමඟම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් එම තීරණයට විරෝධය පළ කළේ උණුසුම් තත්වය දෙගුණ තෙගුණ කරමින්.

කෙසේ වෙතත් පුනරූපණ දර්ශන වලින් පෙනී ගියේ මෙසීට රතු කාඩ්පතකට වඩා කහ කාඩ්පතක් ලැබීම සුදුසු බවයි. විනිසුරු VAR තාක්ෂණය භාවිතා කළත් ඔහු තීරණය කළේ තමන්ගේ තීරණය වෙනස් නොකිරීමටයි. සුපිරි ක්‍රීඩක මෙසී පළමු අර්ධය නිමා වීමටත් පෙර පිටියෙන් ඉවත් වූයේ ආර්ජන්ටිනාවට දැවැන්ත හිස්තැනක් ඉතිරි කරමින්.

කෙසේ වෙතත් මේ තරගාවලිය පුරාම ආර්ජන්ටිනාවට එරෙහිව ලැබුණු විනිසුරු තීරණ ඉතා ගැටලුකාරී වූ අතර තරගාවලියේ ඔවුන්ගේ අවසන් තරගයේ  දී ද එය එසේම සිදුවීම මවිතයට කරුණක්.

බ්‍රසීලයට එරෙහි තරගයේ දී දඬුවම් පහරට එරෙහිව ආර්ජන්ටිනාව ප්‍රබල ඉල්ලීම් දෙකක් සිදු කළ නමුත් විනිසුරු VAR කරා යොමු වූයේ නැත. ඉන් එක් දඬුවම් පහරක් නිසා ආර්ජන්ටිනාව අමාරුවේ වැටුණේ රොබර්ටෝ ෆර්මිනියෝ දඬුවම් පහර සාර්ථක කර ගෙන බ්‍රසීලය ගෝල 2–0 ක් ලෙස ඉදිරියට රැගෙන ගිය නිසයි.

වත්මන් ශූරයින්ට පේරු දෑතින් ලැජ්ජා සහගත පරාජයක්

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී නොසිතූ විරූ පෙරළියක් කරන්නට පේරු….

ආර්ජන්ටිනා පාපන්දු සංගමය මෙම තීරණය හා තරගාවලිය පුරා සිදු වූ සියලු සිදුවීම් සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ විනිසුරුවරුන්ට විරුද්ධවයි.

පළමු අර්ධය: ආර්ජන්ටිනාව 02 – 00 චිලී

දෙවන අර්ධය ද ඇරඹුණේ ඉතා විවාදාත්මක ලෙසයි. Charles Aranguiz, සර්ජියෝ අගුවෙරෝ දඬුවම් පහර චතුරශ්‍රය තුළ දී බිම හෙළන බව පෙනී ගිය ද විනිසුරු එම අවස්ථාව නොසලකා හැරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් Lo Celso විසින් චිලී ක්‍රීඩක Aranguiz බිම හෙළීමට පසු විනිසුරු විසින් චිලී කණ්ඩායමට එරෙහිව දඬුවම් පහරක් ලබා දුන් අතර අරුටෝ විඩාල් පහසුවෙන් එම අවස්ථාව සාර්ථක කර ගන්නා ලදි.

ආර්ජන්ටිනා පුහුණුකරු Scaloni, Dybala වෙනුවට තරගයේ අවසාන භාගයේ දී Angel Di Maria කණ්ඩායමට එක් කළ අතර ඔහු අවසන් මිනිත්තු කිහිපයේ ප්‍රබල පීඩනයක් චිලී කණ්ඩායමට වෙත යොමු කරන්නට සමත් විය. ඉතා ඉවසීමෙන් පන්දුව තමන් අතේම තබා ගත් ආර්ජන්ටිනා කණ්ඩායම 2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ වත්මන් ශූරයින්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින්.

අවසන් ලකුණු තත්වය: ආර්ජන්ටිනාව 02 – 01 චිලී

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • ආර්ජන්ටිනාව – අගුවෙරෝ (12), Dybala (22)
  • චිලී – අරුටෝ විඩාල් (59 PEN)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<