අයර්ලන්ත ජාතික MMA (Mixed Martial Arts – මිශ්‍ර සටන් කලා) ශූරයෙකු වන කොනර් මැක්ග්‍රෙගර් හට NBA තරගයකින් පසුව සිදු කළා යැයි කියන ලිංගික හිංසනයක් සම්බන්ධව චෝදනා එල්ල වනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ මයාමි නුවර දී පැවති තරගයකින් පසුව වැසිකිළියක දී තමන්ට ලිංගික හිංසනයක් සිදු වූයේ යැයි කාන්තාවක විසින් මැක්ග්‍රෙගර්ට එරෙහිව චෝදනා ගොනු කොට තිබෙනවා.
මැක්ග්රෙගර්ගේ නීතිඥයා පවසන්නේ,
“චෝදනා සාවද්‍යයි. මැක්ග්‍රෙගර් මහතා බියට පත්වන්නේ නැහැ,” යනුවෙන්.
- “මම සියදිවි නහගන්නත් කල්පනා කළා” – නික් කිර්ගියොස්
- ජයග්‍රහණයේ දී නිහතමානී වූ නොවැක් ජොකොවිච්
- ළමා මෙහෙකරුවෙකු ලෙස බ්‍රිතාන්‍යයට ආ “ශ්‍රීමත්” මෝ ෆාරා
මයාමි ජනපද පොලිසිය විසින් මේ පිළිබඳව පර්යේෂණ පවත්වන අතර UFC සමාගම සහ මයාමි හීට් කණ්ඩායම ද පර්යේෂණ පවත්වන බව සඳහන් කොට තිබෙනවා.
සිද්ධියට මුහුණ දුන්නේ යැයි කියන කාන්තාවගේ නීතිඥවරිය ඒරියල් මිචෙල් පවසන්නේ ඇයත්, පැමිණිලිකාරියත් ජුනි 9 වැනි සිකුරාදා NBA තරගයක් නැරඹීමට ගිය අතරතුර දී සිද්ධිය සිදු වූ බවයි.
ඔවුන් විසින් මැක්ග්‍රෙගර් වෙත යැවූ ලිපියේ සඳහන් වන්නේ අදාළ කාන්තාව බලහත්කාරයෙන් පිරිමි වැසිකිළිය තුළට රැගෙන ගොස් ඇයව දරුණු ලෙස ලිංගික හිංසනයකට ලක්කොට ඇති බවයි.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<