මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9ක දින වෙනස් කිරීමට සිදු වූ බව ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කළා.
සංස්කෘතික උත්සවයක් නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගය ඔක්තෝබර් 14 වැනිදා දක්වා දිනයක් ඉදිරියට ගෙන තිබෙනවා.
- ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක්
- හිටපු නවසීලන්ත ක්‍රීඩකයාට IPL පිටියේ විශේෂ වගකීමක්
- ඉන්දීය නායිකාව බංග්ලාදේශයේ දී යකා නටයි
- ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර
එමෙන්ම මෙවර තරගාවලියේ තරග කිහිපයක් දින වෙනස් කර දෙන ලෙස ක්‍රිකට් ආයතනය කිහිපයක් ඉල්ලා සිටි බව ඉන්දීය ලේකම්වරයා ප්‍රකාශ කළ අතර එය පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම තරග 9 දින වෙනස් කිරීමට තීරණය කර තිබෙන අතර තරග පැවැත්වීමට නියමිත ස්ථානවල කිසිදු වෙනසක් සිදුව නැහැ.
- එංගලන්තය සහ බංග්ලාදේශය
වත්මන් ලෝක ශූර එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත මූලික වටයේ තරගය ඔක්තෝබර් 10 වැනිදා දක්වා වෙනස් කර තිබෙන අතර තරගය දිවා තරගයක් ලෙස ධර්මශාලා හී පැවැත්වෙනු ඇත.
- පාකිස්තානය සහ ශ්‍රී ලංකාව
ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ සිදු වූ වෙනස නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානය සහභාගී වන තරගය ඔක්තෝබර් 10 වැනිදා දක්වා පසුපසට ගෙන තිබෙනවා. හයිද්‍රාබාද් නුවර පැවැත්වීමට නියමිත මෙම තරගය පැවැත්වෙන්නේ දිවා/ රාත්‍රි තරගයක් ලෙසයි.
- ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව
5 වරක් ලෝක කුසලානය දිනූ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරගය ඔක්තෝබර් 12 වැනිදා දක්වා වෙනස් කර තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ ලක්නව් ක්‍රීඩාංගණයේ දීයි.
- නවසීලන්තය සහ බංග්ලාදේශය
අවසන් තරගාවලි දෙකේ ම අනුශූරයින් බවට පත් වූ නවසීලන්තය බංග්ලාදේශයට එරෙහිව ඔක්තෝබර් 13 වැනිදා තරග වදින අතර දිවා/රාත්‍රි තරගයක් වන මෙය පැවැත්වෙන්නේ චෙන්නායි හිදී.
- ඉන්දියාව සහ පාකිස්තානය
තරගාවලියේ තරග කිහිපයක දින වෙනස් වීමට මූලික වූ මෙම තරගයේ නව දිනය ඔක්තෝබර් 14 වැනිදා වන අතර තරගාවලිය පැවැත්වෙන්නේ අහ්මදාබාද් ක්‍රීඩාංගණයේ දීයි. තරගාවලියේ පැවැත්වීමට නියමිත උණුසුම්ම තරගය වන මෙය සඳහා විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කරනවා.
- එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය
ඔක්තෝබර් 14 වැනිදා දිල්ලියේ පැවැත්වීමට තිබූ එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය එක් දිනක් පසුපසට ගෙන එමින් ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
- ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය
ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය නව කාලසටහනට අනුව නොවැම්බර් 11 වැනිදා දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. මීට පෙර නොවැම්බර් 12 වැනිදා පැවැත්වීමට තිබූ මෙම තරගය පැවැත්වෙන්නේ පූනේ ක්‍රීඩාංගණයේ දීයි.
- එංගලන්තය සහ පාකිස්තානය
කල්කටා හී පැවැත්වීමට නියමිත මෙම තරගය නොවැම්බර් 11 වැනිදා නව දිනය ලෙස සැලසුම් කර තිබෙනවා.
- ඉන්දියාව සහ නෙදර්ලන්තය
නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට තිබූ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගය නව කාලසටහන යටතේ පැවැත්වෙන්නේ නොවැම්බර් 12 වැනිදායි. මෙය ඉන්දියාව මූලික වටයේ සහභාගී වන අවසන් තරගය ද වෙනවා.
2023 ලෝක කුසලානයේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<