2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි විස්ස සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 109ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (18) සමත් වුනා.
තරගය පැවැත්වුණේ මැලේසියාවේ Kuala Lumpur නුවර Kinrara Oval ක්‍රීඩාංගණයේ දීයි. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළා.
ශ්‍රී ලංකාව – චමරී අතපත්තු (නායිකාව), විශ්මි රාජපක්ෂ, හර්ශිතා මාධවී, හසිනි පෙරේරා, අමා කාංචනා, නිලක්ෂි ද සිල්වා, උදේශිකා ප්‍රබෝධනී, අනුෂ්කා සංජීවනී, ඉනෝකා රණවීර, කවීෂා දිල්හාරි, සචිනි නිසංසලා.
ස්කොට්ලන්තය – Sarah Bryce, Ellen Watson, Kathryn Bryce (නායිකාව), Kathleen Mcgill, Abbi Aitken-Drummond, Ailsa Lister, Rachel Slater, Abtaha Maqsood, Katherine Fraser, Lorna Jack, Hannah Rainey
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසුණු චමරි අතපත්තු සහ විශ්මි රාජපක්ෂ පළමු කඩුල්ල සඳහා ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා. ලකුණු 8ක් ලබාගෙන සිටි විශ්මිගේ දැවී යාමට පසුව අතපත්තු සමඟ පිටියේ එක් වුනු හසිනි පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට දැවැන්ත ලකුණක් වෙත යාම සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කර දුන්නා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට නායිකා අතපත්තු සමත් වුනා. නායකත්වයේ ඉනිමක් දියත් කරමින් අතපත්තු දියත් කළ එම සුපිරි ඉනිමට 4 පහර 13ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනු අතර පන්දු 45කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 86ක් ලබාගෙන සිටිය දී ඇය ස්ටම්ප්ස් කිරීමකට හසුව දැවී ගියා.
අතපත්තු ස්කොට්ලන්ත පන්දු යවන්නන්ට කිසිදු සමාවක් ලබා නොදෙමින් 191.11ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර ඇයගේ එම පිතිකරණ විලාසය දුටු හර්ෂිතා (ලකුණු 23), නිලක්ෂි (ලකුණු 23*), අමා කාංචනා (ලකුණු 11*) ද හැකි උපරිම වේගයන් ලකුණු ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම සාර්ථක අවසානයක් දක්වා රැගෙන ගියා.
ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් වුනු Kathleen Mcgill, Abtaha Maqsood සහ Katherine Fraser අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
- භානුක තීරණය වෙනස් කරයි
- දිමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි තවත් ඉදිරියට
- ප්‍රසාද ලකුණු සොයා ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පල්ලෙකැලේ දී ගැටේ
- පැතුම්, චන්දිමාල් සහ චරිත්ගේ සටන්කාමී ඉනිම් ශ්‍රී ලංකාවට ජය ගෙනේ
- ප්‍රවීණයින්ගේ ක්‍රිකට් ලීගයට ශ්‍රී ලංකාවෙන් 7ක්
ලකුණු 183ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 12කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 73ක් ලබාගෙන සිටිය දී තරගය නිමා කරන්නට විනිසුරුවරුන් තීරණය කළේ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ආබාධවලට ලක්ව සිටීම නිසයි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ද ඉතාමත් හොඳ පීඩනයක් එල්ල කරමින් දක්ෂ ලෙස පන්දු යැවීම සහ පන්දු රැකීම සිදු කළ නිසා මේ තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත සහ පහසු ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.
ශ්‍රී ලංකාවට තරමක් හෝ අභියෝගයක් එල්ල කළ Ellen Watson 4 පහර 4ක් එල්ල කරමින් පන්දු 26ක දී ලකුණු 30ක් ලබාගෙන සිටිය දී කලව ආශ්‍රිතව ඇතිවුණු මස්පිඩු පෙරළීයාමක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව ගියත්, ඇයට ඉන්පසුව නැවත වරක් පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. Sarah Bryce ලකුණු 11යි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වමතින් දඟපන්දු යවන සචිනි නිසංසලා, අමා කාංචනා සහ උදේශිකා ප්‍රබෝධනී අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 20 වැනිදා කෙන්යාව සමඟ පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා සුදුසුකම් හිමිවන්නේ ජයග්‍රාහී කණ්ඩායමට පමණක් වන අතර මේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජනවාරි 18 වැනිදා සිට 24 වැනිදා දක්වා මැලේසියාවේ Kuala Lumpur නුවර දී පැවැත්වෙනවා.
තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Vishmi Rajapaksha | lbw b Katherine Fraser | 8 | 18 | 0 | 0 | 44.44 |
Chamari Athapaththu | st Sarah Bryce b Abtaha Maqsood | 86 | 45 | 13 | 2 | 191.11 |
Hasini Perera | run out (Rachel Slater) | 17 | 18 | 2 | 0 | 94.44 |
Harshitha Madavi | lbw b Katie McGill | 23 | 18 | 4 | 0 | 127.78 |
Nilakshi de Silva | not out | 23 | 16 | 2 | 0 | 143.75 |
Ama Kanchana | not out | 11 | 6 | 2 | 0 | 183.33 |
Extras | 14 (b 0 , lb 0 , nb 1, w 13, pen 0) |
Total | 182/4 (20 Overs, RR: 9.1) |
Fall of Wickets | 1-34 (4.3) Vishmi Rajapaksha, 2-124 (13.2) Chamari Athapaththu, 3-124 (13.3) Hasini Perera, 4-163 (18.3) Harshitha Madavi, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kathryn Bryce | 4 | 0 | 36 | 0 | 9.00 | |
Rachel Slater | 4 | 0 | 39 | 0 | 9.75 | |
Katherine Fraser | 4 | 0 | 27 | 1 | 6.75 | |
Abtaha Maqsood | 4 | 0 | 43 | 1 | 10.75 | |
Hannah Rainey | 1 | 0 | 15 | 0 | 15.00 | |
Abbi Aitken-Drummond | 2 | 0 | 18 | 0 | 9.00 | |
Katie McGill | 1 | 0 | 4 | 1 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sarah Bryce | c Nilakshi de Silva b Udeshika Prabodhani | 11 | 6 | 1 | 1 | 183.33 |
Ellen Watson | retired | 30 | 26 | 4 | 0 | 115.38 |
Kathryn Bryce | b Sachini Nisansala | 9 | 8 | 2 | 0 | 112.50 |
Katie McGill | run out (Sachini Nisansala) | 6 | 6 | 0 | 0 | 100.00 |
Abbi Aitken-Drummond | lbw b Ama Kanchana | 2 | 7 | 0 | 0 | 28.57 |
Ailsa Lister | b Ama Kanchana | 2 | 4 | 0 | 0 | 50.00 |
Rachel Slater | run out (Kavisha Dilhari) | 1 | 3 | 0 | 0 | 33.33 |
Katherine Fraser | b | 6 | 5 | 1 | 0 | 120.00 |
Hannah Rainey | b | 0 | 7 | 0 | 0 | 0.00 |
Abtaha Maqsood | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Lorna Jack | retired | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0) |
Total | 73/10 (12.1 Overs, RR: 6) |
Fall of Wickets | 1-20 (2.4) Sarah Bryce, 2-47 (5.4) Kathryn Bryce, 3-60 (7.2) Katie McGill, 4-65 (9.1) Abbi Aitken-Drummond, 5-67 (9.5) Ailsa Lister, 6-67 (10.1) Rachel Slater, 7-73 (11.5) Hannah Rainey, 8-73 (12.1) Ellen Watson, 9-73 (12.1) Katherine Fraser, 10-73 (12.1) Lorna Jack, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Udeshika Prabodhani | 3 | 0 | 25 | 2 | 8.33 | |
Ama Kanchana | 3 | 0 | 20 | 2 | 6.67 | |
Inoka Ranaweera | 2 | 0 | 13 | 0 | 6.50 | |
Sachini Nisansala | 2.1 | 0 | 10 | 2 | 4.76 | |
Kavisha Dilhari | 2 | 0 | 5 | 0 | 2.50 |