චනිත්මා සහ වකිල් පළඟ අවසන් තරගය දිනයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

1533
Commonwealth Games 2022 local players

එංගලන්තයේ දී පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ  ඊයේ පැවති ස්කොෂ් මිශ්‍ර යුගල පලඟ අවසන් තරගයේ දී චනිත්මා සිනාලි සහ ශමිල් වකීල් තරග වට 2-0ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.

මෙම තරගය බර්මින්හැම් විශ්වවිද්‍යාලයීය හොකී සහ ස්කොෂ් මධ්‍යස්ථානයේ දී පැවතියා.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගයානාවේ Khalil Ashley සහ Khalil Jason-Roy. ඔවුනොවුන් අතර පැවති පළමු වටයේ දී ලකුණු 11-8ක් සහ දෙවැනි වටයේ දී ද, ලකුණු 11-8ක් ලෙස ජයග්‍රහණය කිරීමට චනිත්මා සහ වකීල් සමත් වුනා.

මේ අතර මෙම ඉසව්වේ රන් පදක්කම නවසීලන්තය විසින් දිනා ගත් අතර රිදී පදක්කම එංගලන්තය විසින් සහ ලෝකඩ පදක්කම ඉන්දියාව විසින් ද දිනා ගත්තා.

මෙම තරගයත් සමඟින් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග සියල්ල නිමාවට පත්වනවා.  මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා මෙරටින් ක්‍රීඩකයින් 50 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 60 දෙනෙකු සහභාගී වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් නිලධාරීන් ඇතුළු 161ගෙන් යුත් කණ්ඩායමක් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වුනා.

එහි දී මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්නට යුපුන් අබේකෝන් සමත් වෙද්දී පැරා කවපෙත්ත විසි කිරීමේ ක්‍රීඩක පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාවට රිදි පදක්කමක් දිනා දෙන්නට සමත් වුනා.

ඊට අමතරව මෙවර ක්‍රීඩා උළෙලේ දී පළමු පදක්කම දිනා ගනු ලැබුවේ බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක ඉසුරු කුමාර. ඔහු ද ලෝකඩ පදක්කමකට හිමිකම් කී අතර මෙරට මල්ලවපොර ඉතිහාසය අලුත් කරමින් ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට නෙත්මි පොරුතොටගේ සමත් වුනා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි (08). අද දිනයේ තතුවිත්ති ද රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<