එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු දිනය ඊයේ (29) සාර්ථකව නිමාවට පත්වුනා.
බ්‍රිතාන්‍යයේ සාර්ථකම කාන්තා ඔලිම්පික් ක්‍රීඩිකා Laura Kenny මෙන්ම පිහිනුම් ක්‍රීඩාවේ ඕස්ට්‍රේලියානු ඔලිම්පික් ශූරයන් වන Ariarne Titmus, Emma McKeon, Kyle Chalmers සහ Zac Stubblety-Cook, දකුණු අප්‍රිකාවේ Chad le Clos සහ කැනඩාවේ Maggie Mac Neil ද ඊයේ තරග බිමට පිවිසියා.
තරගාවලියේ ඊයේ පැවති තරග ලෙස ක්‍රිකට්, බැඩ්මින්ටන්, හොකී, සත් සාමාජික රග්බි, මේසපන්දු, බොක්සිං, ස්කොෂ්, දැල්පන්දු සහ 3×3 පැසිපන්දු ද නගරය අවට ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුනා.
ක්‍රිකට්
පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙත පළමු වරට එක් වුනු ක්‍රිකට් ක්‍රීඩාවේ සමාරම්භක තරගය ඊයේ පැවැත්වුනා. එහි දී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම තරග වැදුණු අතර තරගාවලි ඉතිහාසයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.
ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 156ක් වාර්තා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 5ක් දැවී ලකුණු 56ක් වාර්තා කර තිබුණා. නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වූ Ash Gardner සහ Grace Harris ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.
ඉන්දීය ක්‍රීඩිකා Renuka Singh Thakur සහ ඕස්ට්‍රේලියාවේ Jess Jonassen කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- Squash කණ්ඩායම ජයග්‍රහණය සමඟින් CWG ආරම්භ කරයි
- රත්වත්තේගෙන් ප්‍රබල නවසීලන්තයට එරෙහිව උත්සාහක දිනුමක්
- පොදුරදමඬුලු බිම සරසන ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්
- 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි
- පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලේ අපේ පුරාජේරුව
ඊයේ පැවති දෙවැනි තරගයේ දී පාකිස්තාන කණ්ඩායම පරාජයට පත්කිරීමට බාබඩෝස් කණ්ඩායම සමත් වුනා. පළමුව පන්දුවට පහර දුන් බාබඩෝස් කාන්තා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 144ක් වාර්තා කළා. එහි දී නායිකා Hayley Matthews ලකුණු 51ක් සහ Kycia Knight ලකුණු 62ක් වාර්තා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී වාර්තා කළේ ලකුණු 129ක් පමණයි.
පිහිනුම්
තරගාවලියේ පළමු දිනයේ තරග අතරින් වඩාත්ම කතාබහට ලක්වූ ඉසව්වක් වූයේ පිහිනුම් ඉසව්වයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ආරම්භක දිනය ඕස්ට්‍රේලියානු පිහිනුම් කණ්ඩායමට ප්‍රබල දිනයක් වී තිබුණා.
පිරිමි මීටර් 400 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට Elijah Winnington සමත් වූ අතර එහි රිදී සහ ලෝකඩ පදක්කම් ද දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමත් වුනා.
කාන්තා මීටර් 200 නිදහස් ආර අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියාවේ Ariarne Titmus රන් පදක්කම දිනා ගත් අතර 18 හැවිරිදි Molly O’Callaghan එහි රිදී පදක්කම දිනාගෙන තිබුණා.
මිශ්‍ර 4×100 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම ද ඕස්ට්‍රේලියාව සතු වීම විශේෂත්වයක්.
දිනයේ අවසන් තරග ඉසව් වූ මීටර් 200 ළය ආර අවසන් තරගයේ රන් පදක්කම ඕස්ට්‍රේලියාවේම ඔලිම්පික් ශූර Zac Stubblety-Cook හට හිමි වුනා. Tim Hodge පිරිමි මීටර් 100 පසුපස ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන තිබුණේ ඔස්ට්‍රේලියාවේ සමස්ත පිහිනුම් රන් පදක්කම් සංඛ්‍යාව 5ක් බවට පත්කරමින්.
පාපැදි තරග
ඊයේ පැවති පාපැදි තරග අතරින් බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනේ කාන්තා මීටර් 4000 ඉසව්වයි. තියුණු තරගයකින් අනතුරුව එහි රන් පදක්කම ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතු වූ අතර ජයග්‍රාහී කණ්ඩායම සඳහා Georgia Baker, Sophie Edwards, Chloe Moran සහ Maeve Plouffe ඇතුළත් වුනා. ඔවුන් එම ඉසව්ව 4:12.234 ක කාලයකින් නිමා කරමින් නව පොදුරාජ්‍ය මණ්ඩල වාර්තාවක් ද පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්.
කාන්තා මේසපන්දු
ඊයේ පැවති කාන්තා මේසපන්දු තරගවල දී සිංගප්පූරුව, නයිජීරියාව, ඉන්දියාව සහ ගයානාව ජයග්‍රහණ වාර්තා කර තිබුණා.
එහි දී ඔවුන් විසින් පිළිවෙළින් එංගලන්තය, දකුණු අප්‍රිකාව, ෆීජි සහ මලයාසියාව පරාජය කර තිබුණා. තරග කීපයක අවසන් ලකුණු තත්වය දැක්වුනේ මෙසේයි.
- සිංගප්පූරුව 3-0 එංගලන්තය
- නයිජීරියාව 3-0 St Vincent and The Grenadines
- ඉන්දියාව 3-0 දකුණු අප්‍රිකාව
- ෆීජි 0-3 ගයානාව
- ඕස්ට්‍රේලියාව 3-0 මලයාසියාව
- මොරිශස් 3-2 මාලදිවයින
- කැනඩාව 3-0 උගන්ඩාව
- Vanuatu 0-3 වේල්සය
දැල්පන්දු
මෙවර පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියේ දැල්පන්දු තරග සඳහා කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ සහභාගී වනවා. වත්මන් ශූරයන් වන එංගලන්තය B කාණ්ඩය යටතේ සහ ප්‍රබල ඕස්ට්‍රේලියාව A කාණ්ඩය යටතේත් තරගාවලිය සඳහා සහභාගී වනවා.
එක් එක් කාණ්ඩවලට අදාලව තරග දෙකක් ඊයේ පැවැත්වුනා. එහි දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 95-18ක් ලෙස ජැමෙයිකාව පරාජයට පත්කළා.
පළමු දිනය අවසානයේ පදක්කම් සටහන් දැක්වුනේ මෙසේයි.
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<