ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලිය පසුගිය ඉරිදා අවසන් වුනේ කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේදීයි. එහි දී ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමස්ත ශූරතාවයත්, යුධ හමුදා ක්‍රීඩා සමාජය අනුශූරතාවයත් දිනා ගැනීමට සමත් විය.
යුධ හමුදාවෙන් ස්ලිම්ලයින්ට නොවැටෙන සටනක්
ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලියේ තෙවන දිනය අද (07) කොළඹ මාස් රාජකීය බොක්සිං..
තරගාවලිය තුළ කැපීපෙනුණු සිදුවීම වන්නේ වසර දෙකක නිහැඬියාවකින් පසු බොක්සිං වළල්ල තරණය කළ ජාත්‍යන්තර ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු නැවතත් දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වීමයි. සියලු දෙනා බලාපොරොත්තු වූ පරිදි දිනිඳු සපරමාදු දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.
දින හතරක් පුරා තරගාවලිය පැවත්විය. එහි දී ප්‍රධාන වශයෙන්ම පිරිමි අංශයේ සටන පැවතියේ යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය අතරයි. වසර 35ක් පුරා ක්ලිෆඩ් කුසලානය ජයගෙන ඇති යුධ හමුදාවට එරෙහිව වසර 16ක් පුරා කුසලානය දිනාගත් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය 2000 වසරෙන් පසු බොක්සිං ආධිපත්‍ය පතුරුවාගෙන ඇත. කාන්තා අංශයේ ශූරතාවය MAS යුනිචෙලා ක්‍රීඩා සමාජයට හිමිවූයේ හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයට දෙවන තැන ලබාදෙමිනි.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් කාන්තා තෙවන ස්ථානයත්, නාවික හමුදා ක්‍රීඩා සමාජය විසින් පිරිමි තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදි.
ලෝක ශූර බොක්සිං ක්‍රීඩිකාවක වන ඉන්දියාවේ මේරි කොම් සමඟින් කළ සටනක දී ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් වසර දෙකක් නිහඬව කල්ගෙවූ ශ්‍රී ලංකා බොක්සිං ශූරිය අනුෂා කොඩිතුවක්කු, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්විය. ThePapare.com සමඟින් විශේෂයෙන් අදහස් දැක්වූ ඇය කියාසිටියේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙත පිවිසීමට මෙය පන්නරයක් වනු ඇති බවයි. ඇය නියෝජනය කළේ MAS යුනිචෙලා ක්‍රීඩා සමාජයයි.
දිනිඳු සපරමාදු නම් තරුණ, බුද්ධිමත් බොක්සිං ක්‍රීඩකයා හට දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමි විය. පසුගිය මස නෙදර්ලන්තයේ දී අවසන් වූ අයින්දෝවන් බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට ද ඔහුට හැකි විය. MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයෙන් ඔහු තරග වැදිණි.
දක්ෂතම පරාජිතයා සහ පරාජිත ක්‍රීඩිකාව වූයේ පිළිවෙළින්, අයි. වර්ණසූරිය සහ එස්. ප්‍රියදර්ශනී යි.
තරගාවලිය අවසානයේ එක් එක් බරපන්තියෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පහත පරිදියි.
පිරිමි
කි. ග්‍රෑ. 49 – ශූරයා – අයි. පෙරේරා (ස්ලිම්ලයින්)
අනුශූරයා – පී. ධර්මසේන (යුධ හමුදාව)
කි. ග්‍රෑ. 52 – ශූරයා – එස්. බණ්ඩාර (යුධ හමුදාව)
අනුශූරයා – අයි. වර්ණසූරිය (හෙළ ක්ලෝදින්)
කි. ග්‍රෑ. 56 – ශූරයා – කේ. අමරවංශ (ස්ලිම්ලයින්)
අනුශූරයා – කසුන් මදුරංග (හෙළ ක්ලෝදින්)
කි. ග්‍රෑ. 60 – ශූරයා – බී. ගුණතිලක (ස්ලිම්ලයින්)
අනුශූරයා – විමුක්ති කුමාර (යුධ හමුදාව)
කි. ග්‍රෑ. 64 – ශූරයා – දිනිඳු සපරමාදු (ස්ලිම්ලයින්)
අනුශූරයා – බී. රාජකරුණා (යුධ හමුදාව)
කි. ග්‍රෑ. 69 – එස්. කුමාරසිංහ (නාවික හමුදාව)
අනුශූරයා – එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්)
කි. ග්‍රෑ. 75 – ඒ. ගුණසේකර (ස්ලිම්ලයින්)
අනුශූරයා – එස්. ජීවන්ත (යුධ හමුදාව)
කි. ග්‍රෑ. 81 – ආර්. සඳකැලුම් (යුධ හමුදාව)
අනුශූරයා – ඩබ්ලිව්. වෛද්‍යරත්න (යුධ හමුදාව)
කි. ග්‍රෑ. 91 – එන්. ජයවීර (යුධ හමුදාව)
අනුශූරයා – එච්. අබේසිංහ (ස්ලිම්ලයින්)
කි. ග්‍රෑ. 91 + – ශූරයා – බී. රත්නදිවාකර (ස්ලිම්ලයින්)
අනුශූරයා – එම්. මීගස්තැන්න (ගුවන් හමුදාව)
කාන්තා
කි. ග්‍රෑ. 48 – ශූරිය – අනුෂා කොඩිතුවක්කු (යුනිචෙලා)
අනුශූරිය – එන්. පුෂ්පකුමාරි (යුනිචෙලා)
කි. ග්‍රෑ. 51 – ශූරිය – ඩී. ජයසිංහ (යුනිචෙලා)
අනුශූරිය – එස්. ප්‍රියදර්ශනී (යුධ හමුදාව)
කි. ග්‍රෑ. 54 – ශූරිය – එස්. කුරේ (ගුවන් හමුදාව)
අනුශූරිය – ජී. චන්ද්‍රිකා (යුධ හමුදාව)
කි. ග්‍රෑ. 57 – ශූරිය – කේෂානි හංසිකා (යුනිචෙලා)
අනුශූරිය – ඩී. හේරත් (ගුවන් හමුදාව)
කි. ග්‍රෑ. 60 – ශූරිය – සිතාරි සඳරේඛා (හෙළ)
අනුශූරිය – ඩී. ධර්මතිලක (යුනිචෙලා)
කි. ග්‍රෑ. 64 – ශූරිය – එන්. ධර්මසේන (හෙළ)
අනුශූරිය – ඩී. සිල්වා (ලීනියා)
කි. ග්‍රෑ. 69 – ශූරිය – එල්. උදයන්ගනී (යුනිචෙලා)
අනුශූරිය – කේ. සුමුදු (යුධ හමුදාව)
කි. ග්‍රෑ. 75 – ශූරිය – එස්. වීරරත්න (පොලිස්)
අනුශූරිය – පී. ජයවීර (ගුවන් හමුදාව)
කි. ග්‍රෑ. 81 – එච්. ජයදේව (යුනිචෙලා)
අනුශූරිය – අයි. ජයසිංහ (පොලිස්)
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<