තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරීමේ චෝදනාව මත තාවකාලික මලල ක්‍රීඩා තහනමකට ලක්වූ වත්මන් මීටර් 100 ලෝක ශූර ඇමරිකානු මලල ක්‍රීඩක Christian Coleman හට වසර දෙකක තරග තහනමක් පැනවීමට Athletics Integrity ඒකකය තීරණය කර ඇත.
පසුගිය වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 100 ඉසව්ව ජය ගැනීමට සමත් වූ Coleman එම වසර තුළ දී තහනම් උත්තේජක පරීක්ෂණ තුනක් මගහැරීම නිසාවෙන් ජුනි මාසයේ දී තාවකාලික තරග තහනමකට ලක් වූ නමුත් ඔහු එය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තෙවැනි පරීක්ෂණය සඳහා පැමිණි නිලධාරීන් ඔහුව සම්බන්ධ කරගැනීමට කිසිදු උත්සහයක් නොගත් බවයි.
කෙසේ නමුත් එ් පිළිබඳව සිදු කළ විමර්ශනයකින් පසු Coleman එම පරීක්ෂණ මගහැර ඇති බව තහවුරු කරමින් මෙම තහනම පැනවීමට මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය (Athletics Integrity Unit) තීරණය කරන ලදි.
The Disciplinary Tribunal has upheld the AIU’s charge and banned sprinter Christian Coleman of the USA for 2 years for 3 Whereabouts Failures in a 12-month period, a violation of the @worldathletics Anti-Doping Rules.
Find out more ⬇️https://t.co/cBkQOqSHT4#AIUNews
1/2 pic.twitter.com/s8Kl44tKsp— Athletics Integrity Unit (@aiu_athletics) October 27, 2020
මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් Colemanගේ කළමනාකරණ ආයතනයේ ප්‍රධානී Emanuel Hudson ප්‍රකාශ කර සිටියේ වත්මන් ගෘහස්ථ මීටර් 60 ලෝක වාර්තාවට ද හිමිකම් කියන Coleman මෙම තීරණයට විරුද්ධව Court of Arbitration for Sport වෙත අභියාචනාවක් ඉදිරිපත් කරනු ඇති බවත්, මෙම තීරණය පිළිබඳව එම අධිකරණයේ විභාග කටයුතු ආරම්භ වන තෙක් Coleman හට කීමට කිසිදු දෙයක් නොමැති බවයි.
මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකයේ පරීක්ෂණ නීති රීතීන්ට අනුව එම පරීක්ෂණය සඳහා පැමිණෙන නිලධාරීන් එම ක්‍රීඩකයා තොරතුරු සැපයූ ස්ථානයේ රැඳී නොසිටියහොත් ඔහු නැවත පැමිණෙන තුරු පැයක කාලයක් රැඳී සිටිය යුතු වන අතර තමන් පැයක් ගතවීමට පෙර නිවසට පැමිණි බව Coleman මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
එනමුත් එම නිලධාරීන් පැයක කාලයක් ඔහුගේ නිවස අසල රැඳී සිට ඇති බවත්, සෑම විනාඩි දහයකටම වරක්ම ඔවුන් Coleman පැමිණ ඇත්දැයි බැලූ බවත් ඔවුන් ලබා දුන් සාක්ෂි තුළින් තහවුරු වී තිබුණි.
තවත් මලල ක්‍රීඩා පුවත්:
- “Road to Olympics” 1100ක් තෝරාගනි
- නෙදර්ලන්ත ශූරයෙකු පරාජය කරමින් යුපුන් තවත් පදක්කමකට
- ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග කල්යයි
- මලල ක්‍රීඩකයින්ට තවත් අසුභ ආරංචියක්
- වත්මන් ලොව වේගවත්ම මිනිසාට තහනමක්
ඒ අනුව වත්මන් ලොව වේගවත්ම ක්‍රීඩකයාට මලල ක්‍රීඩා පිටියෙන් නැවත වරක් ඉවත්ව සිටීමට සිදු වනු ඇති අතර මෙම තීරණයට විරුද්ධව අභියාචනාවක් ඉදිරිපත් කිරීම සඳහා ඔහුට දින 30ක කාලයක් හිමි වනු ඇත.
මීට පෙර පසුගිය වසරේ ද (2019) තහනම් උත්තේජක පරීක්ෂණ 3ක් මගහැරීම නිසාවෙන් කෝල්මන් හට තහනමක් නිකුත් කිරීමට ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් කටයුතු කළ නමුත්, පසුව ඔහු විසින් එයට විරුද්ධව අභියාචනාවක් ඉදිරිපත් කර, මුල් පරීක්ෂණය අදාළ කාලසීමාවට අයත් නොවන බව තහවුරු කිරීම නිසාවෙන් එම තහනම ඉවත් කරන ලදි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම Coleman විසින් දිනා ගැනීමට බොහෝ ඉඩකඩක් තිබූ නමුත් මෙම තහනමත් සමඟින් ඔහුට ලබන වසරේ ඔලිම්පික් උළෙලට සහභාගි වීමට අවස්ථාවක් හිමිනොවනු ඇත.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<