ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස කටයුතු කළ Chris Silverwood පෞද්ගලික හේතූන් මත සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.
“ජාත්‍යන්තර පුහුණකරුවෙක් වෙනවා කියන්නේ ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටින්න වෙනවා කියන එක. මගේ පවුලේ අය සමඟ පැවැත්වූ දිගු සංවාදයකින් පසුව, මට නැවතත් ඔවුන් සමඟ එක්ව කාලය ගත කිරීමට කාලය එළඹ ඇති බව වටහා ගත්තා.“
සිය දුරය අත්හැරීමට හේතුව Silverwood විසින් එසේ සඳහන් කරනවා.
එමෙන්ම ඔහු විසින් මෙහි දී මෙතෙක් කල් තම වගකීම ඉටු කිරීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනයෙන්, ක්‍රීඩකයින්ගෙන් සහ අනෙක් පුහුණු කාර්ය මණ්ඩලයෙන් ලද සහයට ද ස්තුතිය පළ කීරීමට අමතක කළේ නැහැ.
“ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකයකු වීමට ලැබීම මට සැබෑ ම ගෞරවයක්. මම බොහෝ සොඳුරු මතකයන් සමඟයි නැවතත් යන්නේ.“
- Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- 2024 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
Chris Silverwoodගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව විසින් 2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, 2023 ආසියානු කුසලාන අනුශූරතාව ද හිමි කරගත්තා.
එමෙන්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට මෙන්ම, බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ දීම ටෙස්ට් තරගාවලි ද්විත්වයක් ජයග්‍රහණය කිරීමට ද Silverwood සමඟ එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.
දේශීය ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<