එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මොනවා ද යන්න බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් අනුමාන කර තිබෙනවා.
මෙම මස 16 වැනි දින ශ්‍රී ලංකා සහ නැමීබියා කණ්ඩායම් දෙක අතර තරගයෙන් 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි.
මූලික වටයෙන් අනතුරුව කණ්ඩායම් 12ක් විසින් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිත අතර, මේ වන විටත් මෙවර ලෝක කුසලානය පිළිබඳ පෙරැයීම් තැනින් තැනින් ඇසෙන්නට පටන් ගෙන හමාරයි.
තම මවුබිමේ ක්‍රීඩා කිරීමේ වාසියත් සමඟින් මෙවර ලෝක කුසලානයට සහභාගී වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත, ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් මෙම අනාවැකි වල වැඩියෙන්ම කියවෙන නම් ලෙස හැඳින්විය හැකියි.
එම අනාවැකි ගොන්න අතරට තමන්ගේ අනාවැකියත් එක් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් පියවර ගත්තේ ඕස්ට්‍රේලියාව සමඟින් තමන්ගේ කණ්ඩායම (බටහිර ඉන්දීය කොදෙව්වන්) මෙවර අවසන් තරගයට ක්‍රීඩා කරන බවට නිර්භීත අනාවැකියක් පවසමිනුයි.
“මම හිතන්නේ මෙවර අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වේවි,” යනුවෙන් Dainik Jagran පුවත්පතට අදහස් දක්වමින් Gayle පවසා සිටියා.
කෙසේ වෙතත් මෙම 43 වියැති ක්‍රීඩකයා මෙවර ලෝක කුසලානයේ දී තම කණ්ඩායමට ගමන් කිරීමට ඇති දුෂ්කර මාවත ගැන ද ඒ සමඟින්ම අවධාරණය කළේ මෙවර කණ්ඩායමට මග හැරී ගිය විස්සයි විස්ස විශේෂඥයින් පිළිබඳව ද මතක් කරමිනුයි.
“බටහිර ඉන්දීය කොදෙව්වන්ට එය අසීරු ගමනක් වේවි, මොකද ඔවුන්ට ඉන්නේ නව නායකයෙක් ඒ වගේම Kieron Pollard, Andre Russell සහ Bravo යන අයත් මෙවර කණ්ඩායමේ නැහැ,” යනුවෙන් ඔහු පවසා තිබුණා.
ඔහු සඳහන් කළ නම්වලට අමතරව මෙවර ලෝක කුසලාන සංචිතයට Sunil Narine ද ඇතුළත් නොවන අතර, ගුවන් යානය මග හැරීම නිසා Shimron Hetmyerට ද මෙවර සංචිතයෙන් ඉවතට විසි වීමට සිදු වුනා.
ඒ නමුත් Gayleට තවමත් තම කණ්ඩායම “භයානක කණ්ඩායමක්” වන අතර, තරග දිනවල දී නිවැරදි උපක්‍රමයන් භාවිත කළහොත් ඔවුන්ට දිගු ගමනක් යා හැකි බව ඔහු විසින් විශ්වාස කරනවා.
“ඔව්, බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ ඉන්න ක්‍රීඩකයින් දක්ෂයි වගේම ඕනම කණ්ඩායමක් ඉදිරියේ ඔවුන්ගේ භයානක බව ඔප්පු කර පෙන්විය හැකියි. හැමෝම දන්නවා වගේ තරග දිනයේ උපක්‍රම හරි හැටි භාවිත කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ. මම විශ්වාස කරනවා කණ්ඩායම හොඳින් තරග කරාවි කියලා.”
- Wadeගේ බාධා කිරීම Buttler අත්හැර දමයි
- වෙලාවට එන්න බැහැ කියූ නිසා Hetmyerට ලෝක කුසලානය අහිමි වෙයි
- විස්සයි විස්ස ලෝක කුසලානයේ තීරණාත්මකම තරග 11
- ආසියානු කුසලාන ජයග්‍රහණය අහඹුවක් නෙවෙයි – ජයසූරියගෙන් ධනාත්මක ප්‍රකාශයක්
- මම එදා ෆයිසලාබාද් තණතීරුව පළුදු කරා – Shahid Afridi
Gayleගේ මෙම අනාවැකියට සහය වෙමින් මෙන්ම, උපහාසයට නංවමිනුත් Twitter හී මෙලෙස අදහස් පළ වී තිබුණා.
“Gayleගෙන් නිර්භීත අනාවැකියක්, බටහිර ඉන්දීය කොදෙව්වන්ට තවමත් තරගාවලියට තේරීම් තරග ක්‍රීඩා කිරීමට තියෙනවා, ඒත් ඔවුන්ගේ දවසේ දී ඕනෑම කණ්ඩායමට තර්ජනයක් වීමට ඔවුන්ට හැකි.”
“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගැන විශ්වාස කරනවාට වඩා අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්තානය විශ්වාස කළ හැකියි.”
Can trust Ireland, Afghanistan surely more than west indies https://t.co/N2O8FhvFPh
— Ultradepressedguy (@Depressedguy741) October 10, 2022
Very bold from Gayle, WI still have to qualify first but can challenge anyone on their day. https://t.co/IBhQtA0a3j
— Kai Lucas-Smith (@KaiLucasSmith) October 11, 2022
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර තරගාවලියේ මූලික වටයට ක්‍රීඩා කිරීමට සිදු වනවා. එහි දී B කාණ්ඩය නියෝජනය කරන ඔවුන්ට අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය මුණ ගැසීමට අතර එම කාණ්ඩයෙන් මුල් ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් දොළහ අතර තරග වටයට තේරී පත් වනු ඇත.
විස්සයි විස්ස ලෝක කුසලානයේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරෙනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<