ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වමත් කසකරුවා, නැතහොත් ලෝකෙටම ලොක්කා ‘The Universal Boss’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සුපිරි කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ඊයේ (15) දිනයේ දී තම IPL පුනරාගමනය සුපිරි අර්ධ ශතකයින් සනිටුහන් කළේ ඔහුගේ හැකියා දක්ෂතා පිළිබඳව අඩු තක්සේරුවෙන් කථා කළ ඇතැම් අයගේ විවේචනයන්ට නිසි පිළිතුරු ලබා දෙමිනි.
ආරම්භයේ පටන්ම ගේල් නියෝජනය කරන Kings XL Punjab කණ්ඩායම හට මෙවර තරගාවලිය එතරම් සුභදායක නොවුනේ ජයග්‍රහණය ආසන්නයටම පැමිණි තරග කිහිපයක්ම ඉතාමත් අවාසනාවන්ත අයුරින් පරාජයට පත්වීමට සිදු වූ නිසාවෙනි.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- Karthik නායකත්වයෙන් ඉල්ලා අස්වේ
- බංග්ලාදේශ ක්‍රීඩකයින් තෝරාගැනීම WhatsApp ඔස්සේ
- මංගල 19න් පහළ කාන්තා ලෝක කුසලානයත් කල් යන ලකුණු
නායක කේ. එල්. රාහුල් සහ මයන්ක් අගර්වාල් ආරම්භක පිතිකරු භූමිකාව මැනවින් රඟ දක්වමින් කණ්ඩායමට අවශ්‍ය ස්ථාවරය, ඉනිම ආරම්භයේ දීම ගොඩනඟා දීමට දැඩි ප්රයත්නයක් දැරුවත් සෙසු පිතිකරුවන්ගේ දායකත්වයෙහි මඳකම නිසාවෙන් ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ තිබූ තරග කිහිපයකම ජරාජය භාර ගැනීමට ඔවුන්ට සිදුවිය. පන්දු යැවීමේ අංශය ගත් විට වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂමීගේ පන්දුවාර කිහිපයේ පිහිට නොවන්නට ඉනිම අවසානයේ දී ප්‍රතිවාදී පිතිකරුවන්ගේ නිරන්තර පහර කෑමට ලක්වීම Punjab ප්‍රේක්ෂකයින් හට වඩාත් සුලභ සහ වේදනාකාරී දසුනක් විය.
කෙසේනමුත් අඛණ්ඩව තරග හතරක් පරාජයට පත්වී අසීරූ අඩියකට ඇද වැටී සිටි Punjab කණ්ඩායම ඊයේ (15) දිනයේ දී යළි හිස එසවීමට මුල පිරුවේ විරාත් කෝලිගේ නායකත්වය යටතේ තරග වදින රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම, තරගයේ අවසන් පන්දුවේ දී පරාජයට පත්කරමිනි. එහිදී වඩාත් කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ පසුගිය තරග කිහිපයේ දීම කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි නොවූ සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් තමන් හට උදා වූ පළමු අවස්ථාවෙන්ම අර්ධ ශතකයක් වාර්තා කරමින් සිය හැකියා දක්ෂතා යළි ප්‍රදර්ශනය කිරීමට සමත් වීමයි.
පන්දු 43ක් වැය කරමින් ලකුණු 50 කඩඉම පසුකළ ගේල්, ඉන් අනතුරුව තම පිත්තෙහි අලවා ඇති ‘The Boss’ ස්ටිකරය කැමරාව වෙත පෙන්වමින් සතුට සැමරීමට තීරණය කළේ කණ්ඩායම් කළමනාකාරීත්වයට ද වක්‍රාකාරව පැහැදිලි පණිවිඩයක් ලබා දෙමිනි. තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රධානෝත්සවය අතරතුර දී එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ගේල් පවසා සිටියේ ඔහුට පැවරූ රාජකාරිය අකුරටම ඉටු කිරීමට වගබලා ගත් බවයි.
“තණතීරුව තරමක් මන්දගාමි වුනත් දෙවැනි වතාවට පන්දුවට පහර දෙනකොට තණතිල්ලෙන් යම් සහයෝගයක් අපිට තිබුනා. කණ්ඩායම මගෙන් බලාපොරොත්තු වුනේ දේ මම උපරිමයෙන් කළා කියලා විශ්වාස කරනවා. රාහුල්, අගර්වාල් දෙන්නම ආරම්භක පිතිකරුවන් විදියට සාර්ථකව එයාලගේ කාර්යභාර්ය ඉෂ්ඨ කරනවා. අවසානයට මට කියන්න ඕනකම තිබ්බේ ගේල් කියන නමට තිබ්බ ගෞරවය අදටත් එහෙමම තියෙනවා කියලා.”
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<