ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චරිත් සේනානායක මහතා එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස තෝරා පත් කර තිබෙනවා.
1990 දශකයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ සේනානායක මහතා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 7ක් සහ ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කළා. වයස අවුරුදු 58ක් වන ඔහු කලක් ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස ද කටයුතු කළා.
තවත් ක්‍රිකට් පුවත්:
- එක්දින තරගාවලියේ පෙරමුණත් එංගලන්තයට
- වීදි සංචාරයේ ගිය ක්‍රීඩකයින් තිදෙනාට වැඩ වරදියි
- ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයින් හඬ අවදි කරයි
- වනිඳු හසරංග ලොව හොඳම T20 පන්දු යවන්නන් පහ අතරට
- දිවයිනට පැමිණි මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලක නිරෝධායනයට
සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මේ LPL තාක්ෂණික කමිටුව සඳහා ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක විනෝදන් ජෝන්, හිටපු ක්‍රිකට් විනිසුරු ටී. එච්. විජේවර්ධන සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු කළමනාකරු ශේන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළත් වෙනවා.
LPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<