බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ව තෝරා පත්කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර වශයෙන් තමා ලද අත්දැකීම් ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයින් වෙත ලබා දෙමින් සිටි වාස් එක්වරම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙන්නේ David Saker මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහායි.
තවත් ක්‍රිකට් පුවත්:
- Kings XI Punjab නාමය වෙනස් වෙයි
- සුපිරි තරු එක්වන ක්‍රිකට් සටනට ශ්‍රී ලංකාවෙන් තවත් තරු තුනක්
- Shakib නවසීලන්ත සංචාරයෙන් ඉවත් වෙයි
- IPL වෙන්දේසිය අවසන්; කිසිවෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිලට නොගනී!
- පැතුම්, භානුක සහ ගුණතිලක යන්න කලින්ම වැඩ පෙන්වයි
වයස අවුරුදු 47ක් වන වාස් ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩකයින්ගේ දක්‍ෂතාවන් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටි අතර ඔහු දිවයින පුරා සිටින වේගපන්දු යවන ක්‍රීඩකයින් සමඟ කටයුතු කරමින්, වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට, සංවර්ධන කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට දක්‍ෂයින් හඳුනා ගැනීමේ කාර්යයේ නිරතව සිටියා.
මීට පෙර 2013 වසරේ දී ද ඔහුව වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස තෝරා පත් කරගත් අතර 2017 වසරේ දී ද චමින්ද වාස් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළා.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථකම වේගපන්දු යවන ක්‍රීඩකයා වන චමින්ද වාස් ටෙස්ට් තරග 111ක දී කඩුලු 355කුත්, එක්දින තරග 322ක දී කඩුලු 400කුත් දවා ගන්නට සමත්ව තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන ඇති එම වාර්තාව දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන් හට පමණයි.
විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකකින් යුත් කොදෙව් – ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වැනිදා දිවයිනෙන් පිටව යාමට නියමිතව සිටිනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<