2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ නම නිර්දේශ වී තිබෙනවා.
ගෙවුණු 2023 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් ලබා දෙන මෙම ICC සම්මාන වෙනුවෙන් නිර්දේශිත නම් හෙළිදරව් කිරීම ඊයේ (04) දිනයේ දී ආරම්භ වුනා.
ඒ අනුව චමරි අතපත්තු සහ ඩිල්ශාන් මදුශංක වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව සහ වසරේ නැගීඑන ක්‍රීඩකයා යන සම්මාන සඳහා ඊයේ නිර්දේශ ලැබූ අතර, අද දිනයේ ද ICCය විසින් තවත් සම්මාන ද්විත්වයක් වෙනුවෙන් නිර්දේශිත නාම හෙළිදරව් කළා.
ICC වසරේ එක්දින ක්‍රීඩිකාව
මෙම සම්මානයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමඟින් Ashleigh Gardner (ඕස්ට්‍රේලියා), Amelia Kerr (නවසීලන්තය) සහ Nat Sciver-Brunt (එංගලන්තය) යන ක්‍රීඩිකාවන්ගේ නම් ද යෝජනා වී තිබෙනවා.
ගෙවුණු වසරේ දී චමරි විසින් එක්දින ජාත්‍යන්තර පිටියේ දී තරග 8ක් ක්‍රීඩා කරමින් ලකුණු 415ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර එහි දී ඇයගේ පිතිකරණ සාමාන්‍ය 69.16ක් වැනි ඉහළ අගයක රැඳී තිබෙනවා. එමෙන්ම මේ වෙනුවෙන් ඇය ශතක දෙකක් සහ එක් අර්ධ ශතකයක් ද ඇතුළත් කර ගැනීමට සමත් වී ඇති අතර, ඇයගේ ප්‍රහාරාත්මක වේගය 125.37ක් වැනි ඉහළ අගයක රැඳී තිබීම ද විශේෂත්වයක්.
මෙම නිර්දේශ වීමත් සමගින් ගෙවුණු වසර චමරි අතපත්තුගේ ක්‍රීඩා දිවියේ හොඳම වසරක් බව අවිවාදයෙන් තොරව හැඳින්විය හැකියි.
- ඩිල්ශාන් සහ චමරි 2023 ICC සම්මාන සඳහා නිර්දේශ වෙයි!
- සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- David Warnerට අවාසනාවන්ත අහිමි වීමක්!
- Warner එක්දින පිටියටත් සමුදෙයි
- කන්ඩම්බි සහ චන්දනට නව වගකීම්
ICC වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා
මෙම සම්මානය වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබීම විශේෂත්වයක්.
ගෙවුණු වසරේ පිත්තෙන් ලකුණු 1584ක් ලබා ගැනීමට සමත් වූ Shubman Gill මෙන්ම, නිමා වූ ලෝක කුසලානයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ Virat Kohli සහ Mohammed Shami දෙදෙනා ද මෙම සම්මානය වෙනුවෙන් නිර්දේශ ලබා තිබෙනවා.
එමෙන්ම ඔවුන්ට අමතරව නවසීලන්තයේ Daryl Mitchellගේ නම ද මෙම සම්මානය වෙනුවෙන් යෝජනා වී තිබෙනවා.
2023 වසර වෙනුවෙන් ICC සම්මාන සඳහා නිර්දේශිත නාම හෙළිදරව් කිරීම මෙතෙකින් අවසන් වන්නේ ද නැහැ. වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළු තවත් සම්මාන කිහිපයක් සඳහා නිර්දේශිත නාම හෙට (05) දිනයේ දී ICCය විසින් හෙළිදරව් කරනු ඇති.
ක්‍රිකට් රසිකයින්ට මෙම නිර්දේශිත නාම සඳහා ICC නිල වෙබ් පිටුව හරහා සිය මනාප ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<