ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට

National U19 Cricket 

80
Chamara Silva

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චාමර සිල්වා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස මීට පෙර කටයුතු කර අත්දැකීම් ලබා ඇති චාමර විසින් ICC Level III පුහුණුකරුවකු ලෙස ද සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම වගකීමට හෙබවීමට පෙර ඔහු විසින් Bloomfield, පානදුර සහ පොලිස් ක්‍රීඩා සමාජ වල පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

චාමර විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 75ක්, ටෙස්ට් තරග 11ක් සහ විස්සයි විස්ස තරග 16 ක්‍රීඩා කර ඇති අතර, එහි දී ඔහු ලකුණු 2269ක් වාර්තා කර ගැනීමට ද සමත් වී තිබෙනවා.

2026 වසරේ පැවැත්වීමට නියමිත ව ඇති 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති මෙම නව පත් කිරීම පසුගිය මාර්තු 01 සිට 2026 වසරේ දෙසැම්බර් මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙනු ඇති.

දේශීය ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<