සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම්

6
sri Lankan & indian winneras mix photograph

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලිය පදක්කම් 61ක් දිනා ගනිමින් අවසන් කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුණා.

කොළඹ පැවැති මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 16ක්  සහ ලෝකඩ පදක්කම් 24ක් හිමි වූ අතර  එම ශූරතාවලියට අවුරුදු 36න් ඉහළ සිට අවුරුදු 120 ට වැඩි දක්වා විවිධ වයස් කාණ්ඩ යටතේ තරග අංශ 60ක් ඇතුළත් වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ අවුරුදු 35න් ඉහළ පිරිමි ඒකල, 35න් ඉහළ කාන්තා යුගල, 40න් ඉහළ කාන්තා ඒකල, 40න් ඉහළ මිශ්‍ර යුගල, 45න් ඉහළ පිරිමි ඒකල, 45න් ඉහළ පිරිමි යුගල, 45න් ඉහළ කාන්තා යුගල, 50න් ඉහළ කාන්තා ඒකල, 50න් ඉහළ පිරිමි යුගල, 55න් ඉහළ පිරිමි ඒකල, 55න් ඉහළ කාන්තා යුගල, 65න් ඉහළ කාන්තා ඒකල, 65න් ඉහළ පිරිමි යුගල, 110 වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල, 100 වයස් කාණ්ඩයේ කාන්තා යුගල, 110 වයස් කාණ්ඩයේ කාන්තා යුගල සහ 130 වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල තරග  වල කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුණා.

ඒ අතුරින් රොහාන් ද සිල්වා, රේණු චන්ද්‍රිකා ද සිල්වා, සහන් ප්‍රදීප්, රොෂාන් පද්මකුමාර, මංජුල සම්පත් ප්‍රනාන්දු, විපුලි සෙනෙවිරත්න, උපේන්ද්‍ර පෙරේරා, ක්ලැරන්ස් හෝමර්, දුමින්ද ජයකොඩි, මොහාන් විජේසිංහ, ප්‍රියංකා අබේරත්න, ශ්‍රියානි දීපිකා, මල්ලිකා වඩුගේ, නදීෂා ගයාත්‍රි, හසිත චානක, විජයලක්ෂ්මි පුංචිහේවා, රොහාන් ප්‍රනාන්දු, ලලිත් අමරසේන, සේනක අත්තනායක සහ ක්‍රිෂාන්ත ගමගේ රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

විශිෂ්ට දස්කම් සහ හැකියාවන් හා ක්‍රීඩා කෞෂල්‍ය පෙන්නුම් කළ මෙවර තරගාවලියට අතිවිශාල ප්‍රතිචාර ලැබී තිබූ අතර, ඔස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව, අමෙරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 11කින් වාර්තාගත අයැදුම්පත් 535ක් ලැබි තිබීම කැපී පෙනෙනවා.

දින හතරක් පුරා පැවැති මෙම ශූරතාවලියේදී තරග සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් කොළඹ අගනුවර කේන්ද්‍ර කරමින් විශේෂයෙන් වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රිඩාගාරය සහ ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ඇතුළු අතිරේක ක්‍රීඩාගාර කිහිපයක තරග පැවැත්වීමට සංවිධායක මණ්ඩලයට සිදු වුණා.

ජාත්‍යන්තර තරග තීරක ලක්ප්‍රිය එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ඉහළම සුදුසුකම්ලත් නිලධාරීන් කණ්ඩායමක් විසින් තරග විනිශ්චය සිදු කළ අතර හිටපු ජාත්‍යන්තර තරග තීරක අජිත් විජයසිංහ මහතා තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

තරගාවලියේ වර්ණවත් කිරීමට විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සංචාරක නියෝජිතයකුගේ පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වඩාත් ආකර්ශනීය සංචාරක ගමනාන්ත නැරැඹීමට අවස්ථාව උදා කර තිබීම ද විශේෂත්වයක්.

ගුවන් තොටුපොළේ සිට කොළඹ පිහිටි නිල හෝටලය දක්වා ඉතා නිවැරැදි සැලසුමක් යටතේ ප්‍රවාහන පහසුකම් සලසා තිබූ අතර තරග පැවැති ස්ථාන වෙත විශේෂිත ප්‍රවාහන පහසුකම් ද ඊට ඇතුළත් වුණා.

තරගාවලියේ ගෞරවනීයත්වය උදෙසා සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබුණා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<