10 වන වරටත් පැවැත්වෙන 2017 මන්චී වොලිබෝල් ශූරතා තරගාවලියේ පිරිමි සුපර් ලීග් (එළිමහන්) කාණ්ඩයේ අවසන් කණ්ඩායම් හතර අතරට තේරී පත්වීමට ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.
නාවික, ගුවන්, MAS සහ විදුලිබල කණ්ඩායම්වලට ජය
10 වැනි මන්චි වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි වටයේ අද (15) පැවැත්වූ තරගවලින් නාවික..
මෙහි මූලික තරග එළිමහන් වොලිබෝල් පිටි කිහිපයක් පිහිටි පුත්තලම (කොස්වාඩිය, නාත්තන්ඩිය හා ආනමඩුව), මතුගම, අනුරාධපුර (රාජාංගනය), ගම්පහ, කොළඹ (මත්තේගොඩ), සීදුව (රද්දොළුව), රත්නපුර (කහවත්ත), කුරුණෑගල (මාළිගාපිටිය), කෑගල්ල (ගලිගමුව) යන ස්ථානවල දී පැවැත්විය.
A කාණ්ඩය
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් වට 3/2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.
මීට අමතරව පොලිස් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වූ තරගය ද ඉතා තියුණු ලෙස අවසන් වූයේ, පොලිස් ක්‍රීඩා සමාජයට ජය ලබා දෙමිනි. නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ගුවන් හමුදාව අතර පැවැත්වීමට තිබූ තරගය පැවැත්වීමට නොහැකි විය.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමු වට දෙක ලකුණු 25-20ක් හා 25-21ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කළත්, නැවතත් සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ පොලීසිය තෙවන හා සිව්වන වට ද්විත්වය ජයග්‍රහණය කරමින් තරගය පස්වන වටය දක්වා තරගය රැගෙන ගියේය. අවසානයේ තියුණු සටනකට පසුව ගුවන් හමුදාවට ජය හිමි විය.
නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලීසිය අතර පැවැත්වූ තරගය ද ඉතාමත් උණුසුම් නිමාවූ අතර, පළමු වටය ලකුණු 25-21ක් ලෙස පොලිසිය ජයග්‍රහණය කළත්, දෙවන හා තෙවන වට ජයග්‍රහණය කිරීමට නාවික හමුදාව සමත් විය. සිව්වන වටය ලකුණු 25-23ක් ලෙස පොලීසියට ජය හිමි වුවත්, නැවතත් තරගයට අවතීර්ණ වූ නාවිකයෝ තරගය ලකුණු 16-14ක් ලෙස නිමාව සනිටුහන් කළේය.
A කාණ්ඩයේ තරග ප්‍රතිඵල (එළිමහන් තරග)
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය 22-25, 25-22, 25-21, 25-19 නාවික හමුදා ක්‍රීඩා සමාජය
- ගුවන් හමුදාව 25-20, 25-21, 20-25, 22-25, 15-13 පොලීසිය
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය 20-25, 25-20, 25-15, 25-18 පොලීසිය
- නාවික හමුදාව 15-25, 23-25, 17-25 ගුවන් හමුදාව
- පොලීසිය 25-21, 19-25, 20-25, 25-23, 16-14 නාවික හමුදාව
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ගුවන් හමුදාව අතර තරගය ජය පරාජයෙන් තොරයි
A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව
තරග | ප්‍රසාද ලකුණු | තරග වට | ලකුණු | |||||||||
ස්ථානය | කණ්ඩායම | W | D | L | W | L | අනුපාතය | W | L | අනුපාතය | ||
1 | ගුවන් හමුදාව | 5 | 1 | 0 | 15 | 15 | 4 | 3.750 | 449 | 372 | 1.207 | |
2 | වරාය | 4 | 1 | 1 | 13 | 13 | 6 | 2.167 | 438 | 519 | 0.844 | |
3 | පොලීසිය | 1 | 0 | 5 | 4 | 8 | 17 | 0.471 | 502 | 570 | 0.881 | |
4 | නාවික හමුදාව | 1 | 0 | 5 | 3 | 8 | 17 | 0.471 | 521 | 557 | 0.935 |
වරාය ක්‍රීඩිකාවන් සහ යුද සෙබළියන් ඉදිරියෙන්
මන්චි ආයතනයේ අනුග්‍රාහකත්වය ඇති සංවිධානය කරනු ලබන “මන්චි වොලිබෝල් තරගාවලියේ…
B කාණ්ඩය
මෙම කාණ්ඩයේ තරග දෙකක් නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් පැවැත්වීමට නොහැකි විය. ඒ අතර MAS ලෙශර්ලයින් පිලේ තරග දෙකක් ද විය.
පැවැත්වූ තරග 4න් තරග 3ක් තරග වට 4ක් දක්වා ඇදී ගිය අතර, ඒ අතරෙනුත් යුද හමුදාව හා ජාතික තරුණ සේවා සභාව අතර තරගය උණුසුම් ආකාරයෙන් අවසන් වූයේ වට 3/1ක් ලෙස යුද හමුදා ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය ලබා දෙමිනි. MAS ලෙශර්ලයින් පිල සහභාගි වූ එකම තරගය වට 3-1ක් ලෙස විදුලිබල මණ්ඩලය හමුවේ පරාජය විය.
විදුලිබල මණ්ඩලය හා යුද හමුදාව අතර තරගය වට 3/0ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමට හැකි විය. එහි ලකුණු පුවරුව 21-25ක්, 19-25ක් සහ 18-25ක් ලෙස සනිටුහන් විය.
B කාණ්ඩයේ තරග ප්‍රතිඵල (එළිමහන් තරග)
- යුද හමුදාව 21-25, 19-25, 18-25 විදුලිබල මණ්ඩලය
- විදුලිබල මණ්ඩලය 23-25, 25-15, 25-17, 25-13 ජාතික තරුණ සේවා සභාව
- විදුලිබල මණ්ඩලය 20-25, 25-19, 25-13, 25-18 MAS ලෙශර්ලයින්
- යුද හමුදාව 24-26, 25-20, 25-14, 25-18 ජාතික තරුණ සේවා සභාව
- යුද හමුදාව හා MAS ලෙශර්ලයින් තරගය ප්‍රතිඵලයක් රහිතයි
- ජාතික තරුණ සේවා සභාව හා MAS ලෙශර්ලයින් තරගය ප්‍රතිඵලයක් රහිතයි
B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව
තරග | ප්‍රසාද ලකුණු | තරග වට | ලකුණු | ||||||||
ස්ථානය | කණ්ඩායම | W | D | L | W | L | අනුපාතය | W | L | අනුපාතය | |
1 | විදුලිබල | 6 | 0 | 0 | 17 | 18 | 4 | 4.500 | 532 | 436 | 1.220 |
2 | යුද හමුදාව | 3 | 1 | 2 | 11 | 11 | 8 | 1.375 | 444 | 396 | 1.121 |
3 | තරුණ සේවා සභාව | 0 | 1 | 5 | 2 | 4 | 15 | 0.267 | 360 | 454 | 0.793 |
4 | MAS ලෙශර්ලයින් | 1 | 2 | 3 | 4 | 5 | 11 | 0.455 | 322 | 372 | 0.866 |
>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<