ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම මාලදිවයිනට

CAVA U-20 Women Volleyball Championship 2024

108

මාලදිවයිනේ පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා කනිෂ්ඨ වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම අද (16) දිවයිනෙන් පිටත් වුනා.  

මෙම තරගාවලිය ජූලි මස 16 සිට 24 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, නේපාලය, කිරිගිස්ථානය යන රටවල් සහභාගී වෙනවා. 

මෙම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස චතුරි පූර්ණිමා කටයුතු කරන අතර කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අමිල එරංග විජේපාල මහතායි. 

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, 

 

සුලක්ෂණා පසිඳුනි, පවනි පබසරා, නෙත්මි දිව්‍යාංජලී, නෙත්‍යා මිංදුලී, විමන්ෂා ප්‍රභානි, පූජා අත්තනායක, හර්ෂනී නිසංසලා, චතුරි පුර්ණිමා (නායිකා), දිල්කි නෙත්සරා, හිමායා පාරින්දි, ඉෂංකා බාලසූරිය (අභ්‍යාසක), අමිල විජේපාල (පුහුණුකරු). 

තරගාවලි කාලසහන,

මෙම තරගාවලිය ඇතුළු දිනෙන් දින උණුසුම් වන වොලිබෝල් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.  

>>තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<