ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය සංවිධානය කරන මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලියේ ආරම්භක දිනයේ දී නේපාලය හමුවේ පසු බැසීමට ශ්‍රී ලංකා ක්‍රීඩයන්ට සිදු වූවා.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ 2 වැනි තරගය ලෙසින් පැවැතියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගයයි. එම තරගයෙන් තරග වට 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සංචාරක නේපාල ක්‍රීඩකයෝ සමත් වෙනවා.
තරගය ආරම්භ කරමින් පැවැති පළමු වටයේ දී ප්‍රතිවාදී නේපාල ක්‍රීඩකයෝ පහසුවෙන් ම සත්කාරක ක්‍රීඩකයන් පරාජයට පත් කරනවා. ඒ ලකුණු 25 – 14ක් ලෙසයි.
එම පරාජයත් සමඟින් 2 වැනි වටයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එතැන් සිට ප්‍රතිවාදීන් හා කරට කර තරගයක යෙදීමට සමත් වීම කැපී පෙණුනා. එහෙත් ඔවුන්ට අපේක්ෂිත ඉලක්කයන් කරා එම දක්ෂතා පවත්වාගෙන යෑමට හැකි වෙන්නේ නැහැ. ඒ අනුව ඔවුන් එම තරග වට 2 අවසන් කරන්නේ 25 – 23ක් සහ 28 – 26ක් ලෙසයි.
මේ අතර තරගාවලිය ආරම්භ කරමින් කිරිකිස්තානය සහ උස්බකිස්තානය අතර පැවැති පළමු තරගයෙන් තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට උස්බකිස්තානය සමත් වෙනවා. තරගය නිමා වෙන්නේ 25 – 20ක්, 28 – 26ක් සහ 25 – 10ක් ලෙසයි.
තරගාවලියේ තෙවැනි තරගය පැවැතියේ ටර්කිමස්තානය සහ මාලදිවයින අතර තරගයයි. එම තරගයෙන් 25 – 11ක්, 25 – 13ක් සහ 27 – 25ක් ලෙසින් 3 – 0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ටර්කිමස්තානය සමත් වෙනවා.
- 92 වැනි ජොන් ටාබට් ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි
- වසර 22ක් පැරණි 18න් පහළ ජාතික වාර්තාවක් සම වෙයි!
- මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය අද සිට
- ජනාධිපති කුසලානය ඉසිපතන විද්‍යාලයට
- Omega Line සහ Hirdaramani සුපර් ලීග් ශූරයන් වේ
අද (ඔක්තෝබර් 07 වැනිදා) පැවැත්වෙන තරග
- පස්වරු 2.00 – ටර්කිමස්තානය සහ කිරිකිස්තානය අතර
- පස්වරු 4.00 – උස්බකිස්තානය සහ නේපාලය අතර
- පස්වරු 6.00 – ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර
තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කර තිබේ.
මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලිය සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<