ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය සංවිධානය කරන මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් ක්‍රීඩකයෝ අද (07) සමත් වෙනවා.
පෙර දින පැවැති ආරම්භක තරගයේ දී නේපාලය හමුවේ තරග වට 3-0ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව අද තරගයේ දී මාලදිවයින කණ්ඩායමට එරෙහි ව තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය පැවැත්වෙන්නේ දවසේ 3 වැනි තරගය ලෙසයි. එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් 25-14ක්, 25-14ක් සහ 25-11ක් ලෙසින් පහසුවෙන් ම මාලදිවයින් කණ්ඩායම පරාජයට පත් කරනවා. මාලදිවයින මෙම තරගාවලියේ ලැබූ 2 වැනි පරාජයයි මේ. ඔවුන් පෙර දිනයේ ටර්කිමස්තානය වෙතින් ද පරාජයට පත් වූවා.
මේ අතර අද පැවැති ටර්කිමස්තානය සහ කිරිකිස්තානය අතර තරගයෙන් තරග වට 3-0කින් ජයග්‍රහණය කිරීමට ටර්කිමස්තානය සමත් වෙනවා. ඔවුන් තරගය අවසන් කරන්නේ 25-22ක්, 25-18ක් සහ 25-19ක් ලෙසයි. මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් මෙම තරගාවලියේ 2 වැනි ජයග්‍රහණයත් වාර්තා කරනවා.
ඉන් අනතුරු ව පැවැති උස්බකිස්තානය සහ නේපාලය අතර තරගය උණුසුම් මුහුණුවරක් ගනිමින් තරග වට 4ක් දක්වා ඇදී ගියා. එහි දී පළමු තරග වට ද්විත්වය 25-19ක් සහ 25-14ක් ලෙසින් උස්බකිස්තානය ජයග්‍රහණය කළ ද තෙවැනි වටයේ තරගයෙන් ලකුණු 29-27ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට නේපාලය සමත් වෙනවා.
ඒ අනුව සිව් වැනි වටයේ තරගය ද ආරම්භ වෙන අතර එම තරගයෙන් 25-15ක් ලෙසින් පහසු ජයග්‍රහණයක් වාර්තා කරන උස්බකිස්තාන ක්‍රීඩකයෝ තරගවට 3-1ක ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ 2 වැනි ජයග්‍රහණය ද වාර්තා කර ගන්නවා.
- ශ්‍රී ලංකාව නේපාලය හමුවේ පසු බසී
- මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය අද සිට
- ශ්‍රී ලංකාව Asia Rugby Emirates 7s තරගාවලියේ තෙවැනි ස්ථානයට
- ශ්‍රී ලංකා පාපන්දුව FIFA ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන පහක් ඉදිරියට
- ශෆියුල්ලා සහ මනීශා විවෘත ශූරතා දිනා ගනී
තරගාවලියේ හෙට (08) පැවැත්වෙන තරග
පස්වරු 2.00 – නේපාලය සහ මාලදිවයින අතර
පස්වරු 4.00 – ශ්‍රී ලංකාව සහ කිරිකිස්තානය අතර
පස්වරු 6.00 – උස්බකිස්තානය සහ ටර්කිමස්තානය අතර
තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කර තිබේ.
මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලිය සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.