යුරෝපා පාපන්දුවට පාඩු පිට පාඩු!

126

KPMG නමැති ආයතනය විසින් පසුගියදා සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළිදරව් වී ඇත්තේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ බලපෑම නිසාවෙන් කිසියම් හෙයකින් යුරෝපයේ ප්‍රධානතම අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලි කිහිපය අතරමඟ නවතා දැමීමට සිදුවුව හොත් සමස්තයක් වශයෙන් යූරෝ බිලියන හතරක (ඇ. ඩො. බිලියන 4.33/ යූරෝ බිලියන 3.75) ආදයමක් ඉපයීමේ මහඟු අවස්ථාවක් අහිමි වී යාමට වැඩි ඉඩකඩක් ඇති බවයි. 

FIFA සුදුසුකම් ලැබීමේ තරග කල්‍ යයි

2022 දී කටාර් හි පැවැත්වීමට නියමිත FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වන ආසියානු සුදුස්සන්……………..

ලොව විශාලතම සහ විශ්වාසදායකම විගණන ආයතනයන් අතරින් එකක් වන KPMG ආයතනයේ දත්ත වාර්තාවන්ට අනුව Premier League, La Liga, ජර්මනියේ Bundesliga, ඉතාලියේ Serie A සහ ප්‍රංශයේ Ligue 1 යන තරගාවලීන් අතර තවමත් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇති තරග සියල්ල සලකා බැලීමේ දී වෙළෙඳ දැන්වීම් සහ විකාශන අයිතීන්ගෙන් පමණක් ලැබිය යුතු ආදයම යූරෝ බිලියන 3.75 – 4ත් අතර අගයක් ගන්නා බව ගණන් බලා තිබේ. 

ඔවුන්ගේ නිමානයන්ට අනුව ඉහත තරගාවලි කිහිපය අතුරින් එංගලන්තයේ Premier League තරගාවලි සංවිධායකවරුන් හට වැඩි පාඩුවක් විඳ දරා ගැනීමට සිදුවනුයේ යූරෝ බිලියන 1.25ක ආදායමක් ඉපයීමේ අවස්ථාවට වැට බඳිමිනි. එයින් යූරෝ මිලියන 800ක්ම විකාශන අයිතීන් සඳහා පමණක් වෙන්කර තිබීම වඩාත් කැපී පෙනේ. 

ඉහත විගණන වාර්තාවන්ට අනුව දැනට පවතින වාතාවරණය හමුවේ යම් හෙයිකින් කිසියම් තරගාවලියක් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වුවහොත් අදාළ සංවිධායකවරුන් විසින් විකාශන අයිතීන් වෙනුවෙන් මුදල් ගෙවා ඇති ආයතන වෙත එම මුදල නැවත වතාවක් ගෙවා පියවිය යුතු වේ. තවද සෑම වසරකම පාහේ ඉහත සඳහන් කළ ප්‍රධාන පෙළේ තරගාවලි සංවිධායකවරුන් තම විකාශන අයිතීන් රූපවාහිනී ආයතනයන්ට පැවැරීමෙන් විශාල මුදලක් ඉපැයීමට කටයුතු කරයි.

ඒ අනුව ස්පාඤ්ඤයේ La Liga තරගාවලිය නවතා දැමීමට සිදුවුව හොත් යූරෝ මිලියන 600ක මුදලක් Facebook ආයතනය වෙත නැවත ගෙවීමට සිදුවන අතර Serie A තරගාවලිය සඳහා එම මුදල යූරෝ මිලියන 450ක් ලෙස ගණන් බලා ඇත. Bundesliga සහ Ligue 1 තරගාවලීන් සඳහා පිළිවෙලින් යූරෝ මිලියන 400ක සහ යූරෝ මිලියන 200ක පාඩුවක් සිදුවිය හැකි බවට ද අනුමාන කෙරේ. 

කොරෝනා පරද්දන්න පොග්බාගෙන් අරමුදලක්

කොරෝනා හෙවත් COVID-19 වයිරසය පැතිරීම නැවැත්වීමේ සටනට මූල්‍යමය සහාය ලබා දීමට මැන්චෙස්ටර්……………..

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම අපිකේන්ද්‍රය බවට යුරෝපා මහද්වීපය පත්වීමත් සමඟ එම කලාපයේ පැවැත්වීමට නියමිතව තිබූ සහ දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබූ පාපන්දු තරගාවලි රැසක් දින නියමයකින් තොරව කල් දැමීමට පියවර ගෙන තිබේ. ඊට ආසන්නතම උදාහරණය ලෙස මෙම වසරේ දී දියත් කිරීමට කටයුතු සම්පාදනය කර තිබූ Euro 2020 තරගාවලිය තවත් වසරක කාලයක් දක්වා කල් දැමීම පෙන්වා දිය හැක. 

කෙසේනමුත් යුරෝපා පාපන්දු සම්මේලනය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සියළුම අන්තර් සමාජ තරගවාරයන් ජුනි 30 වනදාට ප්‍රථම අවසන් කර යුතු බවයි. යම් හෙයිකින් කොරෝනා වසංගත තත්වයෙහි යම් අඩුවක් නොපෙන්වන්නේ නම් එම අවසන් දිනය පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගැනීමට ද ඉදිරියේ දී අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කර තිබුනි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<