දෘශ්‍ය කුසලතා වැඩිදියුණු කර ගනිමින් සාර්ථක පන්දු යවන්නෙකු වන්න

Vision Care මඟින් ගෙන එනු ලබන Sports Visionහි ‘Elevate Your Game’ | II කොටස - ක්‍රිකට් (පන්දු යැවීම)

491

ක්‍රිකට් ක්‍රීඩාව තුළ පන්දු යැවීම යනු මේ වන විට ජෛව යාන්ත්‍ර විද්‍යාවෙන් සහ නිර්මාණශීලීත්වයෙන් ප්‍රශස්තිකරණය වූ ඉතා තාක්ෂණික ක්‍රියාදාමයකි.

ශ්‍රී ලාංකිකයින් තම විවේක කාලය ගතකිරීමට යොදාගන්නා ජනප්‍රිය ම ක්‍රම අතරින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම ප්‍රධාන තැනක් ගන්නා අතර එය ඊට ම පමණක් සීමා නොකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවක් පසුගිය වසර ගණනාව පුරාවට ම ජාත්‍යන්තර තලය තුළ ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇත. ඒ අතර සුවිශිෂ්ට පිතිකරුවන් සහ පන්දු රකින්නන් රාශියක් අපට හඳුනාගත හැක. 

කෙසේ නමුත් මුත්තයියා මුරලිදරන් සහ ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින් දෙස අවධානය යොමුකිරීමේ දී අපට හැඟී යන කරුණක් නම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සෑමවිටම පාහේ ඔවුන්ට ම අනන්‍ය වූ සුවිශේෂී ගුණාංග වලින් සමන්විත ව සිටි බවයි. 

ක්‍රිකට් ක්‍රීඩාව තුළ පන්දු යැවීම ප්‍රගුණ කිරීමට ඉතා අපහසු කලාවක් වන අතර ඒ සඳහා කුසලතාවය මෙන්ම අඛණ්ඩව පුහුණුවීම්වල නිරත වීම ද අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව සාර්ථක පන්දු යවන්නෙකු වීමට නම් වෘෂභයෙකු මෙන් ශක්තිමත් වීම, ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු මෙන් කඩිසර සහ සුචල්‍ය වීම හා රාජාලියෙකු මෙන් නිරවද්‍ය වීම වැනි ගුණාංග රැසකින් ඔබ සවිමත්ව සිටිය යුතුය. 

ඒ අනුව බොහෝ පන්දු යවන්නන් පුහුණුවීම් කටයුතුවල දී දිනකට පන්දු සිය ගණනින් යොමුකරමින් සහ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් ඉහත ගුණාංග අතරින් පළමු ගුණාංග දෙක වැඩිදියුණු කරගැනීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලබයි. නමුත් එහි සමහර අවස්ථාවන් වලදී ඔවුන්ට නිරවද්‍යතාවයට අදාළ තෙවැනි ගුණාංගය සඳහා අවධානය යොමුකිරීම අතපසු වී යයි. පන්දු යැවීමේ දී නිරවද්‍යතාවය සඳහා ක්‍රීඩකයෙකු සතු පෙනීම සහ සංජානනයෙන් සෘජුව ම බලපෑම් එල්ල වේ. 

ඒ අනුව අප පහත සඳහන් කර ඇත්තේ හොඳ පන්දු යවන්නෙකුගේ සිට විශිෂ්ට පන්දු යවන්නෙකු දක්වා ඉදිරියට යාමට නම් ඔබ අනිවාර්යයෙන් ම වැඩිදියුණු කරගත යුතු දෘශ්‍ය කුසලතාවයන් කිහිපයක් සහ Vision Care මඟින් ගෙනඑනු ලබන Sports Vision හරහා ඔබට එම කුසලතාවයන් දියුණු කරගත හැකි ආකාරය යි. 

  1. Eye-Hand Coordination – වෙනස්වන ඉලක්කයන්ට නිවැරදිව සහ වේගයෙන් අතින් ප්‍රතිචාර දැක්වීම

පන්දු යැවීමේ දී පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාව තුළ සෑම අවස්ථාවක දීම ඉලක්කයක් යනු නිශ්චල සහ අචල දෙයක් නොවේ. ඒ සෑම අවස්ථාවක දීම ළඟ වුවත් දුර වුවත්, එසේත් නැත්නම් පැත්තෙන් පැත්තට වුවත් එය චංචල වන ඉලක්කයක් වීම හේතුවෙනි. එය එසේ වන්නේ ඔබ පන්දු යැවීම සඳහා දුවමින් ඉදිරියට යන විට තණතිල්ල චලනය වන නිසා නොව, ඒ ඔබගේ හිස සෑමවිටම චංචල වීමකට ලක්වීම හේතුවෙනි. 

පන්දුව මුදාහැරීමට සූදානම් වීමේ දී ඔබගේ දෑත් ඉදිරියට එන විට සහ හිස චලනය වන විට එක් අවස්ථාවක දී ඔබගේ දෑස් ඔබට පන්දුව යොමුකිරීමට අවශ්‍ය යැයි ඔබගේ මනස තුළ තිබෙන ස්ථානය කෙරෙහි ම අවධානය යොමුකිරීමට උත්සාහ දරනු ලබයි. තත්පරයකටත් අඩු එම කාලය තුළ ඔබ සැබවින් ම පන්දුව යොමු කරනු ලබන්නේ පෙනීමක් නොමැති තත්වයක සිට ය. 

මෙම අවස්ථාවේ දී වෙනත් දේවල් කිහිපයක් ද සිදුවීමේ ඉඩකඩක් පවතී. උදාහරණයක් ලෙස එහි දී පිතිකරුවා ඔහු සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයක් වෙත යොමු විය හැකි අතර එහි දී ඊට සාපේක්‍ෂව ඔබට පන්දුව යොමුකිරීමට අවශ්‍ය ඉලක්කය ද වෙනස් වී ඇති බව ඔබට හැඟී යනු ඇත. එවන් අවස්ථාවක දී පන්දු යවන්නෙකු ලෙස ඔබගේ කාර්යභාරය වන්නේ දෑස් වලින් ඔබ ඒ දකින වෙනස් වූ ඉලක්කගත ස්ථානය කෙරෙහි සාර්ථකව ඉතා ඉක්මනින් ඔබගේ ශරීරය ද අනුරූප ගතකිරීම යි. 

ඒ අනුව වෙනස් වන ඉලක්කයන්ට නිවැරදිව සහ වේගයෙන් අතින් ප්‍රතිචාර දැක්වීමේ කුසලතාවය ඉහළ නංවාගැනීම තුළින් ඔබට මෙම වෙනස් වීම සාර්ථකව සිදු කරමින් ඔබ දෑස්වලින් දකින ස්ථානය වෙත ම ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව පන්දු යැවීමේ හැකියාව වැඩිදියුණු කරගත හැකිය. 

  1. Visual Clarity – තොරතුරු දුරක සිට පැහැදිලිව ග්‍රහණය කරගැනීම

පැහැදිලිව දැක ගැනීමට ඇති නොහැකියාව ක්‍රීඩාවන් වල නිරත වන ඕනෑම අයෙකුට ඉතා විශාල අභියෝගයකි. නමුත් සමස්තයක් ලෙස පෙනීම ඉතා ඉහළ තත්වයක තිබෙන අයෙකු වුවත් තොරතුරු දුරක සිට පැහැදිලිව ග්‍රහණය කරගැනීමේ කුසලතාවය වැඩිදියුණු කරගැනීමට කටයුතු නොකරන්නේ නම් ඒ හරහා ක්‍රීඩාවන් වල නිරත වීමේ දී ඔහු හෝ ඇය අපහසුතාවයට පත්වනු නොඅනුමාන ය. 

කුඩා කුඩා තොරතුරු මත පදනම්ව අපගේ මොළය අප දෑසින් දකින දේවල් වල ක්ෂණික රූපයන් සකසාලනු ලබයි. වර්ණයන් හෝ හැඩයන්ට අදාළ වෙනස්වීම් එහි දී යොදා ගනු ලැබෙන සලකුණු වන අතර අපගේ ඉලක්කයන් ද තහවුරු කරනු ලබන්නේ එවන් සලකුණු මඟිනි. 

ඒ අනුව ඔබ දෑසින් දකින ඕනෑම දෙයක ඉතා සියුම් තොරතුරු ග්‍රහණය කරගැනීමට ඔබ දක්වන කුසලතාවය පන්දු යවන්නෙකු ලෙස ඔබගේ දක්‍ෂතාවයන් ඉහළ නංවා ගැනීමට බෙහෙවින් ඉවහල් විය හැක. ඒ අනුව තණතිල්ල තුළ ඇති කුඩා සීරීම් සලකුණක් වැනි වාසියට යොදාගත හැකි ඕනෑම දෙයක් ඔබට දෑසින් ග්‍රහණය කරගැනීමට හැකියාව ඇත්නම් බොහෝ විට එය ප්‍රයෝජනයට ගනිමින් එහි දී ඔබට කඩුලු කිහිපයක් දවා ගැනීමේ හැකියාව පවතී. 

  1. Go/No Go – පීඩන සහගත අවස්ථාවන් වලට ප්‍රතිචාර දැක්වීමේ දී නිවැරදි තීරණ ගැනීම

ඔබ පීඩනයට පත්ව සිටින අවස්ථාවක දී ඉතා කුඩා යමක් වුවත් ඉතා විශාල අභියෝගයක් ලෙස ඔබට දැනීම සාමාන්‍ය දෙයකි. ඒ අනුව ඉහත ‘Eye-Hand Coordination’ කොටස යටතේ සඳහන් කර ඇති අවසන් මොහොතේ සිදුවන සියලුම වෙනස්කම් හා ‘Visual Clarity සහ Target Capture’ යටතේ ඇති ඉතා සියුම් සහ කුඩා තොරතුරු ග්‍රහණය කරගැනීමේ පැතිකඩයන් ඔබ පීඩනයට පත්ව සිටින අවස්ථාවක දී තව තවත් ඉතා අපහසු විය හැකිය. 

ඒ අනුව පන්දු යවන්නෙකු ලෙස සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට නම් පීඩනය මනා ලෙස කළමනාකරණය කරගනිමින් අපහසු අවස්ථාවන් වලදී නිවැරදි තීරණ ගැනීම ඔබට අතිශය වැදගත් වේ. එහි දී පීඩන සහගත අවස්ථාවන් වලදී කලබල නොවී සංසුන් ව සිටීමට පුහුණු වීම සහ ඔබ දකින දේවල් වල ඇති වැදගත් තොරතුරු නිසි පරිදි ග්‍රහණය කරගැනීම තීරණාත්මක වේ. 

ඒ අනුව මෙම ‘go/no go’ කුසලතාවය වර්ධනය කරගැනීම හරහා ඔබ ඇස් වලින් ග්‍රහණය කරගන්නා තොරතුරු පීඩනයට ලක්ව සිටින අවස්ථාවන් වලදී පවා තවදුරටත් ඒ ආකාරයට ම ග්‍රහණය කරගනිමින් ඔබට ලැබෙන ඉතා සුළු කාලය තුළ ඒ අවස්ථාවට අදාළව සුදුසු ම තීරණය ගැනීමේ හැකියාව වැඩිදියුණු වේ. 

  1. Contrast sensitivity – පරස්පරතාවයට අදාළ වෙනස්කම් හඳුනා ගැනීම

ක්‍රිකට් යනු පය ගණනක් හෝ එසේත් නැත්නම් දවස් ගණනාවක් පුරාවට දිවෙන ක්‍රීඩාවකි. ඒ අනුව තරගවල දී ඔබට වරින් වර විවිධ විවිධ වූ ආලෝක තත්වයන් යටතේ ක්‍රීඩා කිරීමට සිදු වේ. එහි දී ඔබ ක්‍රීඩා කරන්නේ හිරු එළිය ඉතා හොඳින් පවතින උදෑසනක වුවත්, හිරු බැස යන සන්ධ්‍යාවක වුවත්, එසේත් නැත්නම් කෘතීම ආලෝක යටතේ වුවත් ඒ සෑම අවස්ථාවක දීම එක හා සමානව දක්‍ෂතා දැක්වීමේ හැකියාව ඔබ සතු විය යුතුය. 

ඒ අනුව පරස්පරතාවයට අදාළ වෙනස්කම් හඳුනා ගැනීමේ කුසලතාවය වර්ධනය කරගැනීම හරහා කුමන ආලෝක තත්වයක් යටතේ වුවද ඒ පරිසරයට අදාළව ඔබේ දෑස් අනුගත වෙමින් බාධාවකින් තොරව දක්‍ෂතා දැක්වීමේ අවස්ථාව ඔබට ළඟාකර ගත හැකිය. 

  1. Depth Perception – යම්කිසි වස්තුවක් කෙතරම් දුරකින් ඇත්දැයි නිර්ණය කිරීමට ඇති හැකියාව

මෙය පන්දු යවන්නන් විසින් අනිවාර්යයෙන් ම වැඩිදියුණු කරගත යුතු කුසලතාවයකි. තණතිල්ලේ දිග ප්‍රමාණය යනු පන්දු යවන්නෙකුගේ පෙනීමේ ගැඹුරේ ප්‍රමාණය යි. සරලව ම කිවහොත් පන්දු යවන්නෙකු ලෙස ඔබට පන්දුව පතිත කළයුතු ස්ථානය නිසි පරිදි නිර්ණය කරගත නොහැකි නම් එහි දී ඔබ හමුවේ ප්‍රතිවාදී පිතිකරුවන් විශාල ලකුණු ප්‍රමාණයක් රැස්කරගනු නොඅනුමාන ය. 

ඒ අනුව මෙම කුසලතාවය වර්ධනය කරගැනීම හරහා ඔබ පන්දුව යොමුකිරීම සඳහා දිවඑන විට ඔබට පන්දුව යොමුකිරීමට අවශ්‍ය දුර ප්‍රමාණය කෙරෙහි දීර්ඝ කාලයක් අඛණ්ඩව හොඳින් අවධානය රඳවා ගත හැකි අතර ඒ ඔස්සේ ඔබට ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව පන්දුව යොමුකිරීමේ හැකියාව පවතී. 

 

Vision Care මඟින් ගෙනඑනු ලබන Sports Vision පන්දු යවන්නන්ට සහය විය හැක්කේ කෙසේ ද?

ඉහත සඳහන් කර ඇති කුසලතාවයන්ට අදාළව පමණක් නොව ඔබගේ පුහුණුවීම් වල ගුණාත්මක භාවය ඉහළ නංවන තවත් දෘශ්‍ය කුසලතාවයන් රැසකට අදාළව Sports Vision සහය කරගත හැක. Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision ඒ අනුව පන්දු යවන්නන්ගේ දෘශ්‍ය කුසලතාවයන් ඉහළ නැංවීම සඳහා Senaptec Strobe Eyewear සහ Virtual Reality වැනි ඉතා දියුණු තාක්ෂනයන් යොදාගනු ලබයි. 

Virtual Reality හෝ එසේත් නැත්නම් VR තරග අවස්ථාවන් නිර්මාණය කිරීම උදෙසා බෙහෙවින් උපයෝගී කරගත හැකි ඉතා දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් වන අතර විශේෂයෙන් COVID-19 වසංගත තත්වය හේතුවෙන් මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුපුරුදු පරිදි ක්‍රීඩාංගණවල පුහුණු වීමට අවස්ථාවක් නැති පසුබිමක එහි විශේෂත්වය තවත් තීරණාත්මක වේ. 

තවත් කියවන්න;

එමෙන්ම Strobe Eyewear ඇති කාචයන් ‘liquid crystal’ තාක්ෂණය උපයෝගී කරගනිමින් පැහැදිලි සහ පාරාදෘශ්‍ය බව අතර චංචලනය වෙමින් දෘශ්‍ය තොරතුරු ඉවත් කිරීමට කටයුතු කරනු ලබන අතර ඒ හරහා අදාළ පරීක්ෂණයට ලක්වන්නා හට පෙනීම අපහසු කටයුත්තක් බවට පත්කරයි. මේ තුළින් අවසානයේ ඔවුන්ගේ ඇස්, මොළය සහ ශරීරයට දෘශ්‍ය තොරතුරු ඉතා කාර්යක්‍ෂම ව සකස් කරගැනීමට පෙළඹවීමක් ලබා දේ. ඊට අමතරව මෙය ඇස් සහ අත් අතර ඇති සම්බන්ධතාවය, දෘශ්‍ය මතකය සහ ස්නායු ස්ථායීතාවය වැඩිදියුණු කිරීමට මෙන්ම සංහනනය වැළැක්වීමට ද උපකාරී වේ.

Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision වල විශේෂත්වය නම් කොළඹ නගරයේ පිහිටා ඇති Sports Vision මධ්‍යස්ථානය තුළ පුහුණු වීම් කටයුතු සිදු කිරීමට අමතරව එහි සිටින විශේෂඥයින් ලබාදෙන විවිධ ව්‍යායාම සහ ක්‍රියාකාරකම් ඔස්සේ ඔබට තම නිවසේ සිට ම ඔබගේ දෘශ්‍ය කුසලතාවයන් වැඩිදියුණු කරගැනීමට කටයුතු කිරීමට හැකි වීමයි. 

***********************

Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision හි ‘Elevate Your Game’ යනු කුමක්ද?

‘Elevate Your Game’ යනු Vision Care හි Sports Vision සහ ThePapare.com එක්ව Sports Vision විශේෂඥයින් ලබාදෙන සහයෝගය හරහා ඔබට ඔබගේ ක්‍රීඩාවන් වල ඉහළ දක්‍ෂතා දැක්වීමට මඟපාදා ගතහැකි ආකාරය පිළිබඳව ගෙනඑනු ලබන ලිපි සහ වීඩියෝ පට මාලාවකි. 

ක්‍රිකට්, පාපන්දු, ටෙනිස් සහ පැසිපන්දු වැනි ක්‍රීඩාවන් වල ඉහළ දක්‍ෂතා දැක්වීමට අදාළව තවත් වැඩිදුර ලිපි සඳහා රැඳී සිටින්න අපත් සමඟ ම. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<