මේ දිනවල ලොව පුරා පැතිර යන COVID-19 හෙවත් කොරෝනා වෛරසය නිසා ගෝලීය අර්බුදයක් නිර්මාණය වී ඇත. මෙරට මෙන්ම ලොව පුරාම ක්‍රීඩා තරග සියල්ලම පාහේ අවලංගු කර ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ක්‍රීඩකයන් රැසක් කොරෝනා වයිරසයට එරෙහි සටනට එක්ව ඇත.
ඕස්ට්‍රේලියාවේ ‘ද ටෙස්ට්’ වාර්තා චිත්‍රපටය ගැන ජෝ රූට් කතා කරයි
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තම ක්‍රීඩක විවේකාගාරය තුළ සිදුවූ සිදුවීම් කිහිපයක් අළලා වාර්තා ………..
එංගලන්තය පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරමින් තම පළමු ලෝක කුසලානය එංගලන්තයට ගෙන ගියේය. මේ අතර මෙම කොරෝනා ප්‍රතිකාර කරන රෝහල්වලට සහය දැක්වීම සඳහා එංගලන්ත ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩක ජොස් බට්ලර් ලෝක කුසලාන අවසාන තරගයේ දී ඔහු පැලඳ සිටි කමිසය වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.
මේ 29 හැවිරිදි කඩුලු රකින්නා හා එංගලන්ත පිතිකරුවා ජුලි මාසයේ ලෝඩ්ස් හිදී පැවති අවසන් තරගයේ දී නවසීලන්තය පරාජය කරමින් එංගලන්තයට ලෝක කුසලානය හිමිකර දීමට ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වීය.
අවසන් තරගයේ දී ජෝස් බට්ලර් අර්ධ ශතකයක් වාර්තා කළ අතර සුපිරි පන්දු වාරයේ දී ද ඔහු පිතිකරණය සඳහා පැමිණියේය. සුපිරි පන්දු වාරයේ අවසන් පන්දුවේ දී නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් දුවද්දී දවා ගනිමින් නවසීලන්තය පරාජය කළේය.
ලෝක කුසලාන ජයග්‍රාහී සංචිතයේ සියලුම සාමාජිකයින් විසින් අත්සන් කරන ලද බට්ලර්ගේ ජර්සිය EBay හි වෙන්දේසි කරන බව 29 හැවිරිදි ජෝස් බට්ලර් පසුගිය අඟහරුවාදා පළ කළ සමාජ මාධ්‍ය වීඩියෝවක සඳහන් කර තිබේ.
මෙම වෙන්දේසියෙන් ඔහුට ලැබෙන සියලුම මුදල් රාජකීය බ්‍රොම්ප්ටන් සහ හේර්ෆීල්ඩ් රෝහල්වලට ආධාර ලෙස ලබා දීමට ඔහු තීරණය කර ඇත.
“අප කවුරුත් දන්නා පරිදි රෝහල් වෛද්‍යවරුන්, හෙදියන් සහ සියලු නිලධාරීන් යන සියල්ලන්ම මේ වන විට ඇදහිය නොහැකි තරම් කාර්යයක් කරමින් සිටිනවා” බට්ලර් පැවසීය.
“ඉදිරි සති කීපය හා මාසවල දී ඔවුන්ට ඊටත් වඩා අපේ සහාය අවශ්‍ය වේවි. පසුගිය සතියේ රෝයල් බ්‍රොම්ප්ටන් සහ හේර්ෆීල්ඩ් රෝහල් එම රෝහල් දෙක සඳහා ජීවිතාරක්ෂක උපකරණ ලබා දෙන ලෙස හදිසි ආයාචනයක් ඉදිරිපත් කළා. ඒ මේ COVID-19 රෝගයේ පෙණහැලි හා හදවත් රෝගීන්ට ප්‍රතිකාර කරන්න සූදානම් වෙන්න.”
I’m going to be auctioning my World Cup Final shirt to raise funds for the Royal Brompton and Harefield Hospitals charity. Last week they launched an emergency appeal to provide life saving equipment to help those affected during the Covid-19 outbreak. Link to auction in my bio. pic.twitter.com/ODN9JY4pk1
— Jos Buttler (@josbuttler) March 31, 2020
“ඔවුන්ගේ අරමුදල් රැස්කිරීමේ ප්‍රයත්නයට සහාය වීම සඳහා මම පසුගිය වසරේ ලෝක කුසලාන අවසන් තරගයේ දී පැලඳ සිටි ජර්සිය වන මෙම ජර්සිය පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ජර්සියට සංචිතයේ සාමාජිකයින් වූ සියලුම ක්‍රීඩකයින් විසින් මේ ජර්සියේ අත්සන් කළා.”
බ්‍රිතාන්‍ය රූපවාහිනී ප්‍රබලයෙක් වූ පියර්ස් මෝගන් යුරෝ 10,000 (ඩොලර් 12,422) ක ලංසුවක් ඉදිරිපත් කළ නමුත් ඒ වන විට ජර්සියේ වටිනාකම යුරෝ 12,000 සීමාව පසු කර තිබුණි.
ආදරණීය රංගයියේ…
රංගන හේරත්.. අපට ඔහු රංගයියා විය. රංගයියා පළමුවරට කාරයක් මිලදී ගෙන ගමට පැමිණි …..
ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ක්‍රීඩාවලට මෙන්ම වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය නිසා එහි සියලු තරග හා තරගාවලි අවලංගු කිරීමට සිදු විය. බට්ලර් එංගලන්තය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි අතර මෙම වයිරසය නිසාවෙන් එම තරගාවලිය ද අවලංගු කිරීමට සිදු විය. බට්ලර් ඉන් අනතුරුව ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර එය අවම වශයෙන් අප්‍රේල් 15 දක්වා කල් දමා තිබේ.
එංගලන්ත ක්‍රිකට් ආයතනය ද පසුගිය දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මැයි 28 වැනිදා දක්වා එංගලන්තයේ කිසිදු ක්‍රිකට් තරගයක් හෝ තරගාවලියක් නොපැවැත්වෙන බව පවසා සිටියේය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<