දීප්තිමත් ශිෂ්‍යයෙක් කිව්වාම අපි ගොඩාක් දෙනෙක්ගේ ඔළුවට යන්නේ පතපොත ඇසුරෙන් වැඩ පෙන්වන උදවිය.
මේ ශිෂ්‍යයාගේ කතාව ක්‍රීඩාවටත් මේ දේ අදාලයි. බැට් එකයි බෝලෙයි අරන් කරන සෙල්ලමට වඩා අනෙක් දේවල් ගැනත් අවධානයක් තියෙන්න ඕන. ගේම් එකේ ඉතිහාසය ගැන, තමන්ට කලින් මේක සෙල්ලම් කරපු උදවිය කොහොමද මේක කළේ කියල අයිඩියා එකක් තියෙන්න ඕන.
මොකද කිසිම වෙලාවක තනි පුද්ගලයෙක් ගේම් එකට වඩා ලොකු වෙන්නේ නෑ. ඒක නියතයක්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මාවන් අතපත්තු එකවරක් කිව්වා ජාතික ගීය වචන අහල බලන්න, ටෙස්ට් වරම් හිමිවුණේ මොන අවුරුද්දේ ද කියල දැන් ඉන්න අයගෙන් අහල බලන්න. බහුතරයක් ඒකවත් දන්නේ නෑ කියල.
දැන් සමහරු අහයි ජාතික ගීය දැනගන්න ඕන ද ක්‍රිකට් ගහන්න කියල. නෑ එහෙම ඕනම නෑ. හැබැයි ඒවට කියන්නේ වටිනාකම් එහෙම නැත්නම් වැලියුස් කියල.
ඕස්ට්‍රේලියානුවන් බැගී ග්‍රීන් එකට තියන ගරුත්වය ඒකට හොඳ උදාහරණයක්. අර හම්පඩ ගැහිච්ච කොල පාට කැප් තොප්පිය කන්න ද කියල කාට හරි හිතන්නත් පුළුවන්. හොඳම දේ ඕස්ට්‍රේලියානුවෙකුගෙන් ඒක ගැන අහන එක.
1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා ජාතික ගීය වෙනුවට වාදනය වෙලා තිබුණේ දකුණු අප්‍රිකානු ජාතික ගීය. ඒ වෙලාවේ ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය කරන කල් ක්‍රීඩාව ආරම්භ කරන්න තමන් සූදානම් නෑ කියල අර්ජුන රණතුංග කිව්වාලු. ඒවා තමයි අපේ වටිනාකම්.
>>උදේ පාන්දර සංගාට ආ අමුතු තාලයේ ෆැක්ස් පණිවිඩය
දැන් ආපහු එමු අපි අද වැඩියෙන් කතා කරන්න යන ශිෂ්‍යයා පැත්තට.
නම කුමාර් සංගක්කාර.
සංගක්කාර කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් ශිෂ්‍යයෙක්. හොඳම ක්‍රිකට් ඔළුවක්. ඒ ක්‍රිකට් ඔළුව හරිම විදියට පාවිච්චි කරපු කෙනෙක්. සංගක්කාර කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ ශිෂ්‍යයෙක් වුනේ.
ඒකට සෑහෙන වග කියන්න ඕන කුමාර්ගේ අප්පච්චි කියල කුමාර් නම් කියන්නේ.
ක්‍රිකට් සෙල්ලම් කරන්න කලින් ක්‍රිකට් ගැන ලියවුණ දේ කියවිය යුතු බව කුමාර්ගේ පියාගේ මතය වෙලා තිබුණේ.
හැමදේකටම ඉස්සර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය, සංස්කෘතිය ගැන මනා වැටහීමක් තිබිය යුතු සහ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නට හොඳම මග ක්‍රීඩාව ගැන කියවීම බවත් ඔහු නිරන්තරයෙන් අවධාරණය කළා කියල තමයි කියන්නේ.
ක්‍රිකට් ක්‍රීඩාව ගැන පිතිහරඹය ගැන හොඳින් දැන ගන්නට නම් C.B ෆ්‍රයිගේ ‘Batsmanship’, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ‘The Art of Cricket’, මයික් බෙයර්ලිගේ ‘The Art of Captaincy’ වැනි පොත් සංගක්කාරගේ අප්පච්චි නිර්දේශ කළ පොත් අතර වුනාලු.
2002 වසරේ කුමාර් එයාගේ මුල්ම එංගලන්ත සංචාරයේ යෙදී සිටිය දී එක්තරා අමුත්තෙකු කුමාර් සොයා පැමිණියාලූ.
“මගේ නම චාර්ල්ස් ෆ්‍රයි. මම C.B ෆ්‍රයිගේ මුණුබුරා. ‘
මට ඔබට දෙන්නට තෑග්ගක් තිබෙනවා”
අමුත්තා කිව්වාලූ.
C.B ෆ්‍රයිගේ ‘Batsmanship’ ග්‍රන්ථයේ දෙවන වෙළුමේ පොතක් ඔහු අත තිබුණාලු. ෆ්‍රයිගේ මුණුබුරාට කෙසේ හෝ කුමාර්ට ඔහුගේ පියාගෙන් ලැබුණ නිර්දේශ ගැන දැන ගන්නට ලැබී ඇති බවයි කුමාර්ගේ අදහස.
තවත් අපූරු සිදුවීමක් ගැන කුමාර් පස්සේ කාලෙක කියනවා. මේ සිදුවීම වෙනකොට කුමාර් ජාතික කණ්ඩායමේ ස්ථාවර සාමජිකයෙක්ලූ.
“වරක් මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ සංචාරයක යෙදී සිටින අවස්ථාවක හදිස්සියේම උදේ දෙකට පමණ මට නිවසින් ෆැක්ස් පණිවුඩයක් ලැබී ඇති බව හෝටලයෙන් දැනගන්නට ලැබුණා.
මම ඉතාම කලබලයට පත්වුණා. කුමක් හෝ හදිස්සි කාරණාවක් සිදුවෙන්නට ඇතැයි මම බියට පත්වුණා. නැවත මම කල්පනා කළා එවන් හදිස්සි කාරණාවකට ෆැක්ස් පණිවුඩයක් එවන්නේ කවුද කියා. එය මගේ පියා එවූවක් බව එවලේ මට අවබෝධ වුනා.
මගේ පියා කිසිම දිනක ජංගම දුරකතනයක් පාවිච්චි කළේ නැහැ. විද්‍යුත් තැපෑල පවා ඔහු පාවිච්චි කළේ නැහැ.
එදා මට ලැබුණු ෆැක්ස් පණිවුඩයේ තිබුණේ C.B ෆ්‍රයිගේ හෝ ශ්‍රීමත් බ්‍රැඩ්මන්ගේ පොතකින් පිටු දෙකක්. එහි ඇතැම් තැන් යටින් ඉරි ඇඳ විශේෂයෙන් පෙන්වා තිබූ අතර “මෙය කියවන්න. හෙට ඔබේ පිතිකරණයට මෙය උදව්වක් වේවි” එහි සටහනක් තිබුණා.”
වැදගත්ම කාරණාව කුමාර්ගේ තාත්තා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ගහල නෑ. ඒත් ඉතින් හැමවෙලේම කුමාර් තාත්තා කියන දේ ඇහුවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයෝ වෙච්ච සචින් තෙන්දුල්කාර් වගේ අය පස්සෙත් ඒ තරම් ලොකුවට ක්‍රිකට් නොගහපු අජිත් තෙන්දුල්කාර් වගේ සහෝදරයෝ ඉන්නවා.
අජිත් තෙන්දුල්කාර් කියන්නේ තමන්ගේ සිහින, වෘත්තිය වගේ දේවල් තවත් කෙනෙකුගේ සිහිනයක් සැබෑ කරන්න කැප කරපු මිනිහෙක්.
කුඩා සචින්ව රාම්කාන්ත් අච්‍රේකාර් ගුරුවරයා ළඟට අරන් යන එකේ ඉඳන් අජිත් තෙන්දුල්කාර් කියන මනුස්සයා ගේම් එක යන්නේ කොහොමද ගේම් එක කියවන්නේ කොහොමද කියන දේ සචින්ට කියල දෙනවා. මිනිස්සු එක්ක ඩීල් කරන්නේ කොහොමද ජනප්‍රිය වෙද්දී නිහතමානී වෙන්නේ කොහොමද ඒ සියල්ල සිලබස් එකට ඇතුළත්.
ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් වර්තමාන ක්‍රිකට් පිටියේ හොඳටම ගේම් එක කියවන්නෙකු සහ ගේම් එකේ හොඳම ශිෂ්‍යයෙක් කියල කියවෙන්නේ.
පහුගිය ලොක්ඩවුන් දවස්වල අශ්වින් කරපු සම්මුඛ සාකච්ඡා දැක්ක නම් කාටත් ඒක හොඳට පැහැදිලි වේවි.
දැන් කවුරුහරි හිතනවා නම් පොත් කියෙව්වා කියල විතරක් ක්‍රිකට් ගහන්න පුළුවන් කියල එහෙම බෑ.
>>කඩුල්ල පිටුපස ඕස්ට්‍රේලියානු පුරාවෘත්තය
ඇලන් බෝඩර් කියන්නේ ඔස්ට්‍රේලියාවෙන් බිහි වෙච්චි හොඳම නායකයෙක්. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බිමටම වැටිලා තියන වෙලාවක කොහොමහරි පණ ගහල නැගිට්ටලා ගන්න මාර ගේමක් ගහපු කෙනෙක්.
බෝඩර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආපු දවසේ ඉඳන් විවේකාගරයේ වෙන කතාබහට සවන් දෙන එකලු කළේ. ග්‍රේග් චැපල්, ඩෙනිස් ලිලී, රොඩ්නි මාෂ් වගේ අය කතා කරපු දේවල් අහන් ඉඳල බෝඩර් සෑහෙන දේවල් ඉගෙන ගත්තා කියල කියන්නේ. අන්න එහෙමයි දක්ෂ ශිෂ්‍යයෝ.
පතපොතින් කියවපු දේ ප්‍රායෝගිකව කරන එක තව කාරණාවක්. කුමාර් එයාගේ තාත්තා ඒ වෙනුවෙන් කරපු දේවල් ගැන කුමාර් කියන්නේ මෙහෙම,
“මට තවම මතකයි සති අන්තවල උදේ හය හෝ හත වන විට ඔහු මාව නැගිට්ටනවා. බොහෝ විට නිදි බව පෙන්වමින් මග හරින්නට හැදුවත් ඔහුගෙන් කිසිම ගැලවිල්ලක් තිබුණේ නෑ.
අපේ නිවසේ පිටුපස විවිධ ක්‍රීඩාවන්ට සුදුසු ආකාරයේ ඉඩකඩ සකසා තිබුණා.
සමහර සති අන්තවල මගේ පියා මා සමඟ පැය ගණනාවක් පුහුණුවීම් වල යෙදෙනවා. එවන් අවස්ථාවන්හිදී මගේ මව පැමිණ මට ලැබෙන හිරිහැරය ගැන සහ උදේ ආහාරය පිළිබඳව මතක් කරන විට මගේ පියා පවසන්නේ “අපි යමක් අධ්‍යනය කරමින් සිටින්නේ එය නිමා වූ පසු ඔහුට උදේ ආහාරය ගත හැකි කියා.”
එවන් සමහර අවස්ථාවන්වල මගේ පියාගේ සේවාදායකයින් ඔහු හමුවීමට පැය ගණන් බලා සිටිනවා. ඔවුන් ඔහු හමුවීමටම පැමිණියා නම් ඔහු එනතුරු ඉවසා සිටිය යුතුයි නැත්නම් ඔවුන්ට යන්න පුළුවන් වැනි මතයකයි මගේ පියා සිටියේ. මා සමග ගත කරන සුළු කාලය ඔහුට ඉතා වැදගත් වුනා.”
කුමාර් ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් ශිෂ්‍යයෙක් සහ ගේම් එකේ පට්ට ලොකු පොරක් වෙන්නේ අන්න එහෙම.
වම් පස ඡායාරූපය: අවුරුදු නමයක් වයසැති කුමාර් සංගක්කාර එකොළහෙන් පහළ වයස් මට්ටමේ ටෙනිස් ක්‍රීඩාවෙන් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් දස්කම් දක්වමින්.
ඡායාරූපය ලබා ගත්තේ ලියනගේ අමරකීර්ති මහතාගෙන්.
>> තවත් නෑසු කතා කියවන්න පිවිසෙන්න <<