අළුත් ගමනක් සමඟින් යළි පිඹිදෙන කළුතර බ්ලූ ස්ටාර්

247

කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයෙහි වෙනසක් සිදු කරමින් එම තනතුරෙහි වගකීම යෝෂිත රාජපක්ෂ මහතා වෙත පිරිනැමීමට ක්‍රීඩා සමාජ කළමණාකාරීත්වය තීරණය කර තිබේ. 

කොළඹ සහිරා විද්‍යාලයට සාර්ථක ආරම්භයක්

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ගෝල 5-1ක් ලෙස පරාජය කරමින් කොළඹ සහිරා විද්‍යාලය 2019…

1978 වසරේ දී කළුතර නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ “බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය” ශ්‍රී ලාංකීය පාපන්දු වංශකතා පොතේ කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන ක්‍රීඩා සමාජ අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා අතර ජාතික තලය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ  ක්‍රීඩකයින් රැසක් දායාද කිරීමට ද ඔවුන් මේ දක්වා සමත්ව තිබේ. 

පහළම අඩියේ සිට සිය ගමන් මඟ ඇරඹූ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය පළමුපෙළ අන්තර් සමාජ තරගාවලි වල ක්‍රීඩා කිරීම දක්වා මෙතෙක් පැමිණි එම විජයග්‍රාහී මාවතේ සුවිශේෂතම සන්ධිස්ථානය වශයෙන් 2003-2004 ලීග් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීම හඳුන්වාදිය හැක. 

ඉන් අනතුරුව මේ දක්වා පැවති ලීග් තරගාවලි වලදී ඔවුන් අත්පත් කරගෙන ඇති ජයග්‍රහණයන් පිළිබඳ සළකා බැලීමේ දී 2018/19 තරගවාරය ද ඇතුළුව අවස්ථාවන් කිහිපයක දීම අවසන් මහා තරගය දක්වා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ නමුත් අවසන් කඬුල්ල පැන ගැනීමට ඔවුන් අපොහොසත් වූයේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනි. 

ප්‍රබුද්ධ රාජකීය කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ThePapare පාපන්දු ශූරතාවයේ A කාණ්ඩයේ පළමු තරගය ඊයේ (03) පැවැත්විය. එම තරගය සඳහා…

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ තරග ප්‍රතිඵලයන්ගේ මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් කළමණාකාරීත්වයේ ද සාර්ථකත්වය එසේ උච්චාවචනයන්ට බඳුන් විය. එතෙක් කලක් ඉතාමත් වෙහෙස මහන්සි වී කැප කිරීම් රාශියක් මධ්‍යයේ ගොඩ නැගූ ක්‍රීඩා සමාජයේ කීර්ති නාමය ද තරමක් සෝදා පාළුවට ලක්වන්නට විය. 

කෙසේනමුත් රෝහිත රාජපක්ෂ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහත්වරුන් දෙපලගේ මඟ පෙන්වීම යටතේ දියත් කෙරෙන නව වැඩපිළිවෙලත් සමඟින් ක්‍රීඩා සමාජය නැවත වතාවක් ඉහළ දක්ෂතා අතරට පැමිණිනෙනු ඇතැයි ක්‍රීඩා සමාජය වටා එක්රොක්ව සිටින බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. 

“අපේ මූලික අරමුණ අංක දෙක හෝ තුන වීම නෙමෙයි. සරලවම කිව්වොත් ලංකාවේ අංක එකේ පාපන්දු ක්‍රීඩා සමාජය බවට පත්වෙන එක. අපි සතුව ඉන්න ක්‍රීඩකයින්ගෙන් අපිට ඒ අරමුණට පහසුවෙන්ම යන්න පුළුවන්. අපි තරග කරන්න ඕන දිනන මානසිකත්වයෙන් වගේම පැහැදිලි ඉලක්කයක් තියාගෙන. අපි කණ්ඩායම් ජර්සිය පැළදගෙන ක්‍රීඩා කරන හැම අවස්ථාවක දීම සාමුහිකව, එකිනෙකාව විශ්වාස කරලා හැකි උපරිමය ලබාදෙන්න ඕන.” යනුවෙන් ක්‍රීඩකයින් සහ ක්‍රීඩා සමාජයේ නිළධාරීන් අමතමින් රෝහිත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය. 

මීට අමතරව අන්තර්භාර පුහුණුකරු ලෙස කටයුතු කරමින් මෙතෙක් කලක් සේවය කළ මොහොමඩ් පිච්චායි මහතා වෙනුවට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හෙබවීමේ වගකීම තුවාන් රහීම් මහතා හට පැවරීමට පියවර ගෙන තිබේ. 

නව වසර ආරම්භයේ දී Spurs, Chelseaට නොසිතූ ඉරණමක්!

2020 වසරේ පළමු දිනයේත් එංගලන්ත පාපන්දු පිටියට විවේකයක් ලැබුණේ නම් නැහැ. 2019 වසරේ අවසන්…

ක්‍රීඩකයෙකු වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සිය හැකියාවන් සහ දක්ෂතාවන් විද්‍යාමාන කළ රහීම් මහතා දක්ෂ පුහුණුකරුවෙකු ලෙස ද නමක් දිනා සිටින්නේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය සඳහා වසර කිහිපයක සිට ගුරුහරුකම් ලබා දෙමින් ගොනුකොට ගෙන ඇති අත්දැකීම් සහ දැනුම් සමූදායත් නිසාවෙනි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<