වාර්ෂික මහා ක්‍රිකට් තරග වසන්තයේ තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී පසුගියදා (27) නිමා වූවා. එහි දී ඉහළ ම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙන්නේ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයයි. ඔවුන් කෑගලු විද්‍යාලයට එරෙහි ව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
මේ අතර කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර පැවැති තරගයෙන් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ද, ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි ජාතික පාසල සහ කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය අතර පැවැති තරගයෙන් ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය ද ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.
32rd Battle Of Kelaniya
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර 32 වැනි වරටත් පැවැති කැළණි සටන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සමත් වුනා.
මීට පෙර දෙවිදුහල් අතර පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී ගුරුකුල විද්‍යාලය වසර 8කට පසුව සිව් වැනි වතාවටත් කැළණි සටන් කුසලානය තමන් සතු කර ගත්ත ද එක්දින තරගයේ දී ඔවුන්ගෙන් එම අවස්ථාව ගිලිහී යනවා.
කොළඹ P Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී සපුරා ගැනිමට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සමත් වෙනවා.
ගුරුකුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
තත්සර ඒශාන් (නායක), හිරුණ නිම්සර, අදීප පින්සර (කඩුලු රකින්නා), පූර්ණ කල්හාර, ඔහස් සදෙව්, දහම් විමුක්ති, ජවිඳු මදුශංක, ඉඳුවර ඔශද, තරුෂ කොඩිකාර, ජනිත් මිහිරංග, සදෙව් දිනරු.
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
හෂේන් ශ්‍යාමල් (නායක සහ කඩුලු රකින්නා), සතිඳු ප්‍රබෝද, තෙමිර මිකාසන, සිතුම් රමෝද්, කෝශිත ආදිත්‍ය, ලක්වන් හශේල්, යෙෂාන් රෝචන, තිසාන් නිපුන්, සෙනුක පැහැසර, ඔමාල් විහඟ, කවීන් දෙනෙත්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ පූර්ණ කල්හාර. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.
ඊට අමතර ව ජනිත් මිහරංග පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද සහ ජවිඳු මදුශංක පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී යශේන් රෝචන සහ තෙමිර මිකාසන කඩුලු 3ක් බැගින් ද, සතිදු ප්‍රබෝධ කඩුලු 2ක් ද සහ තිශාන් නිපුන් කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය වෙනුවෙන් කවීන් දෙනෙත් සහ සිතුම් රමෝද් ගෞරවනීය ඉනිම්වල නිරත වුනා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 105ක දී ලකුණු 89ක සබඳතාවක් ගොඩ නගනවා.
එහි දී ආරම්භක පිතිකරු කවීන් දෙනෙත් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ද සහ සිතුම් රමෝද් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ඔහස් සදෙව් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව හිරුණ නිම්සර, දහම් විමුක්ති සහ පූර්ණ කල්හාර කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගුරුකුල විද්‍යාලය – සියලුම දෙනා දැවී 159 (35.0)ජවිඳු මදුශංක 21, පූර්ණ කල්හාර 44, ජනිත් මිහිරංග 24, යශේන් රෝචන 3/20, සතිදු ප්‍රබෝධ 2/28, තෙමිර මිකාසන 3/33
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – කඩුලු 6ක් දැවී 162 (34.1)කවීන් දෙනෙත් 46, සිතුම් රමෝද් 45, ඔහස් සදෙව් 3/30
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට කඩුලු 4ක ජයක්.
43rd Battle of the Gold
කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර පැවැති රන් සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත මරියා විද්‍යාලය සමත් වෙනවා.
කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කෑගලු විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 74ක් වූ අතර එම ඉලක්කය කිසිවෙක් නොදැවී සපුරා ගැනිමට සාන්ත මරියා විද්‍යාලය සමත් වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කෑගලු විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඔමෙත් බාලසූරිය පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. ඊට අමතර ව යලිත විදානගේ පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.
පන්දු යැවීමේ දී කෙවින් උඩගෙදර ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව මතීශ ශෙහාර කඩුලු 2ක් ද, අශාන් උඩවත්ත සහ සුදීර ආකාශ් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසෙන්නේ නායක සමිත සඳරුවන් සහ චරිත් නිර්මාල්. ඔවුන් පන්දු 66ක දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා. එහි දී සමිත සඳරුවන් පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද සහ චරිත් නිර්මාල් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද ලබා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කෑගලු විද්‍යාලය – සියලුම දෙනා දැවී 74 ( 28.3)ඔමෙත් බාලසූරිය 27, කෙවින් උඩගෙදර 4/24, මතීශ ශෙහාර 2/05
- සාන්ත මරියා විද්‍යාලය – කිසිවෙක් නොදැවී 75 (11.0)සමිත සඳරුවන් නොදැවී 44, චරිත් නිර්මාල් නොදැවී 30
සාන්ත මරියා විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
- ඉඳුවරගේ ශතකයෙන් හැඩ වූ තැන තැන Big Match
- ධර්මාශෝක සහ සාන්ත පැට්රික් විද්‍යාලවලට ජය
- ශ්‍රී ධර්මාලෝක සහ සාන්ත මරියා එක්දින ජය ලබයි
- ගවිනු ගේ ශතකයෙන් හැඩ වුණ තැන තැන Big Match
- තැන තැන Big Match තොරතුරු
1st Battle of the Legends
ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි ජාතික පාසල සහ කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය අතර පළමු වරට පැවැති ප්‍රවීණයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි වුනා.
මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය – සියලුම දෙනා දැවී 99 (27.2)අනුහස් වරංගන 26, කවිඳු රශ්මිත 13, මිලාන් කවිශ්ක 2/18, නෙත්ම පීරිස් 4/19,
- ලලිත් ඇතුලත්මුදලි ජාතික පාසල – කඩුලු 5ක් දැවී 102 (21.1)නිසල් නෙත්මිණ 26, චානුක ප්‍රමෝද් 15, අනුහස් වරංගන 2/14
ලලිත් ඇතුලත්මුදලි ජාතික පාසලට කඩුලු 5ක ජයක්.
7th Battle Of The Hills
ගම්පොළ කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය සහ ගම්පොළ ජිනරාජ පිරිමි පාසල අතර 7 වැනි වරටත් පැවැති කඳුකර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමක් නොමැති ව නිමා වූවා.
මෙම තරගය පැවැතියේ ගම්පොළ වික්‍රමභාහු විද්‍යාලයීය පිටියේ දීයි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- රාජකීය විද්‍යාලය – සියලුම දෙනා දැවී 167 (49.3) දසුන් සංදීප 28, සුලෝචන කුමාරසිංහ 29, ඔදුල ජිතේන්ද්‍ර 31, නවොද් ආරියරත්න 3/24, අනුහස් පීරිස් 3/24
- ජිනරාජ පිරිමි විද්‍යාලය – කඩුල්ලක් දැවී 36 (5.3) සංජය ධර්මසේන 13, සංජුල සෙන්දනායක නොදැවී 19
තරගයේ විසඳුමක් නෑ.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.