වාර්ෂික මහා ක්‍රිකට් තරග වසන්තයේ තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී ඊයේ (6) අවසන් වූ අතර ඒ අතුරින් නුවරඑළිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය සහ නුවරඑළිය Holy Trinity මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති පුංචි එංගලන්ත වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 70ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය සමත් වීම කැපී පෙණුනා.
මේ අතර අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැති 56 වැනි සුනිල සංග්‍රාමයත්, කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර පැවැති 43 වැනි රන් සටනත් විසඳුමකින් තොරව අවසන් වුනා.
නිමා වූ වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගවල දී මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කරමින් ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල විකුම් සේනා හරිත කුසලානයත් සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය පරාජයට පත් කරමින් කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය දළ ඇතුන්ගේ කුසලානයත් දිනා ගැනීමට සමත් වුනා.
3rd Battle of Little England
නුවර එළිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය සහ නුවර එළිය Holy Trinity විද්‍යාලය අතර නුවරඑළිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති පුංචි එංගලන්ත වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 70ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාමිණී ජාතික පාසල සමත් වුනා.
මෙම තගරය මෙවර ප්‍රථම වරට තෙදින තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූයේ. පැවැති තරග අතුරින් මංගල මහා තරගය විසඳුමකින් තොරව අවසන් ව තිබූ අතර නිමා වූ වසරේ ශූරතාව Holy Trinity මධ්‍ය මහා විද්‍යාලය සතු වුනා. ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් මේ වන විට දෙවිදුහල් විසින් පුංචි එංගලන්ත කුසලානය 1-1ක් ලෙසින් සම තත්තවයෙන් තබා ගෙන තිබෙනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (49.2) දහම් නයනජිත් 50, නිර්වාන් ආරියරත්න 40, සෙව්ජිත් විදුනිත 37, ටෝනි 5/51, තෝමස් සෙබස්තියන් 4/35
Holy Trinity විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (34.5) වී. සිමියන් 32, ටෝනි 44, ආර්. කෝබික්‍රිශ්නන් 34, එස්. තනුජන් 3/36, ජනනු ආදිත්‍ය 5/44
ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 168 (53.0) නිර්වාන් ආරියරත්න 91, සෙව්ජිත් විදුනිත 48, එස්. යතුර්ශන් 2/33, ආර්. කොබික්‍රිශ්නන් 6/60
Holy Trinity විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 92 (38.1) ටෝනි 21, ආර්. කොබික්‍රිශ්නන් නොදැවී 25, එස්. යතුර්ශන් 20, එස්. තනුජන් 3/21, විමේෂ් ප්‍රනාන්දු 3/14, ශෙහාන් ඇන්ජලෝ 3/25
ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 70ක ජයක්.
56th Battle the Blues
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මශෝක විද්‍යාලයට අතර 56 වැනි වරටත් පැවැති සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම විසඳුමකින් තොරව අවසන් වූවා.
මෙම තරගය මේ ලෙසින් ඉතිහාසයට එක් වෙන් 42 වැනි තරගය ලෙසයි.
අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී දේවානන්ද නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 221ක් ලබා ගත්තා.
එම ඉනිම වෙනුවෙන් ඔමේග කරුණාරත්න පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ද, චන්ඳූප කවීශ පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී සඳලු රශ්මික ලකුණු 81කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර ඊට අමතර ව සචින්ත ශෂික කඩුලු 3ක් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 312ක් රැස් කරනවා. එම ඉනිම වෙනුවෙන් මහීම් දේශායි පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 76ක් ද සහ නිශිත් තේජව පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ද ලබා ගන්නවා.
ලකුණු 91ක් පිටුපස සිටිමින් තම දෙවැනි ආරම්භ කළ ධර්මාශෝක විද්‍යාලය තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබා සිටියා. එහි දි සුහස් ද සිල්වා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ධර්මාශෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 221 (68.1) චන්දුප කවීශ 50, ජිතිර සංසික 27, ඔමේග කරුණාරත්න 74, දිනෙත් ගිම්හාන් 37, සචින්ත ශෂික 3/52, සඳලු රශ්මික 6/81
ශ්‍රී දේවානන්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (73.3) මයුර මල්ෂාන් 28, මහිම් දේශායි 76, රවිඳු ද සිල්වා 33, නිසිත් තේජව 67, ලශාන් රශ්මික 22, දිනෙත් ගිම්හාන 2/63, පසිඳු නදීෂ 3/43, ඉෂාන් අනුරාධ 2/57
ධර්මාශෝක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 94 (14.3) සුහස් ද සිල්වා නොදැවී 60
තරගයේ විසඳුමක් නෑ.
- තරගයේ දක්ෂත ම පන්දු රකින්නා – තිතිර සංසික (ධර්මාශෝක විද්‍යාලය)
- තරගයේ දක්ෂත ම පන්දු යවන්නා – සඳලු රශ්මික (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – ඔමේග කරුණාරත්න (ධර්මාශෝක විද්‍යාලය)
- තරගයේ වීරයා – මහීම් දේශායි (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)
- රුහුණු නිල් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
- අම්බලන්ගොඩ සුනිල සංග්‍රාමයට කඳවුරු සූදානම්
- ශ්‍රී ජයවර්ධනපුර සහ වික්‍රමශීලා ජය වාර්තා කරයි
- ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරව නිමා වෙයි!
- හිරුන් රාජකීයයන්ට ජය ගෙන එයි!
1st Battle of the Green
මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල අතර පළමු වරට පැවැති විකුම් සේනා හරිත සටනේ එක්දින සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වික්‍රමශීලා ජාතික පාසල් කණ්ඩායම සමත් වුනා.
දෙවිදුහල් අතර පැවැති දෙදින තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ද වික්‍රමශීලා ජාතික පාසලට වීම විශේෂත්වයක්.
තරගයේ කෙටි ලකුණු පුවරුව
වික්‍රමශීලා ජාතික පාසල – සියලුම දෙනා දැවී 187 (38.5) දහම් මනුශ 40, අංජන නිමේෂ් 54, සුපේශල සිතිල් 26, ශෙහාන් සංදීප 27, ඔසුක සසේන් 2/19, සචින්ත රනංගන 5/25
ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියලුම දෙනා දැවී 120 (36.2) තීශාන් සතික 40, දසුන් චානක 5/19, මිතුම් නිම්සර 2/24, අංජන නිමේෂ් 2/38
වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 67ක ජයක්.
13th Battle of the Tuskers
කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය අතර 13 වැනි වරටත් පැවැති දළ ඇතුන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමී ව පැවැති එක්දින තරගයෙන් ලකුණු 99ක ජයග්‍රහණයක් ලබා ගැනිමට මලියදේව ආදර්ශ විද්‍යාලය සමත් වුනා.
එම තරගයේ දී මලියදේව ආදර්ශ විද්‍යාලයේ ඉශාන් ඛාන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
මලියදේව ආදර්ශ විද්‍යාලය – සියලුම දෙනා දැවී 221 (50.0) දිමුත් සඳකැලුම් 20, ඉශාන් ඛාන් 50, කාංචන රත්නායක 22, බූසිත් එරංග නොදැවී 51, දෙනෙත් මලීෂ 2/29, චාමික මිහිරංග 2/50
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 122 (45.5) සඳරු දිසානායක 34, බාසිත් පත්මකුමාර 28, ඉෂාන් ඛාන් 2/25, යසිරු කාවින්ද 3/27
මලියදේව ආදර්ශ විද්‍යාලයට ලකුණු 99ක ජයක්.
43rd Battle of the Gold
කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලයට අතර 43 වැනි වරටත් කෑගලු මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය පසුගියදා විසඳුමකින් තොරව අවසන් වෙනවා.
සාන්ත මරියා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (60.5) දිලුම් ශ්‍රී මාලිංග 43, හරිඳු හිරුශාන් 27, අශාන් උඩවත්ත 31, දසුන් සත්සර 2/22, විහඟ සත්සර 3/23, මිගාර ගම්ලත් 2/29
කෑගලු විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (74.2) ගෞරව තේජාන් 56, ඩිල්ශාන් දිසානායක 65, චානුක වනසිංහ 43, සමිත සඳරුවන් 4/62, සුදීර ආකාශ් 2/46
සාන්ත මරියා විද්‍යාලයට – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 148 (87.0) චරිත් නිර්මාල් 20, මතීෂ ශෙහාර 65, කවීෂ වලිසිංහ 2/34, දසුන් සත්සර 3/17, ඩිල්ශාන් දිසානායක 2/06
කෑගලු විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 23 (3.0) ගෞරව් තේජාන් නොදැවී 18, සමිත සඳරුවන් 2/15
තරගයේ විසඳුමක් නෑ.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<