වාර්ෂික මහා ක්‍රිකට් වසන්තයේ ප්‍රධාන තරගවලට අමතර ව තවත් තරග කිහිපයක් පසුගියදා නිමා වූවා. ඒ අතර කොළඹ දී නිමා වූ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය සහ කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවැති කැලණි වැලි සටන ජයග්‍රහණය කිරීමට ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත් වුනා.
මේ අතර ගාල්ලේ දී පැවැති ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 5 වැනි වරටත් පැවැති “Glory of the Galle” වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මෙන් ම අම්බලන්ගොඩ දී අවසන් වූ අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය සහ වීරකැටිය ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැති මිත්‍රත්වයේ සටන වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූවා.
3rd Battle of the Kelani Valley
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය සහ කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවැති කැලණි වැලි සටන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී රාජසිංහ විද්‍යාලයීය කණ්ඩායම සමත් වුනා.
කොළඹ P Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය එක්දින සීමිත පන්දුවාර තරගයක් ලෙසින් පැවැති අතර එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 91ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 92ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 91 (30.5) කවිඳු ලක්සර 14, රුවිත් චමත්ක 3/18, පසිඳු මිහරංග 2/14, සිහත් නිම්සුර 2/02
ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – කඩුලු 8ක් දැවී 92 (25.3) දිල්පහන් කුමාර නොදැවී 22, සාරංග නිර්මාල් 4/29
ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 2ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – යෝෂිත නුවන්ත (ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සාරංග නිර්මාල් (බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – දිල්පහන් කුමාර (ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ වීරයා – රුවිත් චමත්ක (ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය)
- 75 වැනි රන් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
- සුලෝහිත සංග්‍රාමය විසඳුමක් නැතිව අවසන් වේ
- මහින්ද සහ තර්ස්ටන් විද්‍යාල සම ශූරයින් ලෙස කිරුළු දරයි
- දකුණුලක බාලිකාවන් ගැටෙන “මිත්‍රත්වයේ සටන”
- ජයවර්ධනපුර සටන විසඳුමක් නෑ
5th Battle of the Glory of Galle
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 5 වැනි වරටත් පැවැති “Glory of the Galle” වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මෙවර ද විසඳුමකින් තොරව අවසන් වූවා.
පෙර වසරේ දී ද අයහපත් කාලගුණ තත්ත්වය මෙම තරගයට බාධා එල්ල කළ අතර මේ වසරේ දී ද ඒ ලෙසින් ම බාධා කිරීම් සිදු වූවා. කෙසේ වෙතත් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් විද්‍යාලෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 217ක් ලබා ගැනීමට සමත් වූවා.
එහි දී නිමේෂ් ආවින්ද පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 72ක් ද සහ දසුන් චමෝද් පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 70ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 197ක දී ලකුණු 150ක් ලබා ගැනීම ද කැපී පෙණුනා.
කඩුලු දවා ගැනීමේ දී කවිඳු කේසර ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ඉනිම පන්දුවාර 13.2කට සීමා වෙනවා. වර්ෂාව හේතුවෙන් එම අවස්ථාවේ දී තරගය නතර කරන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 56ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් සෙවිත දුල්මල් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
විද්‍යාලෝක විද්‍යාලය – කඩුලු 9ක් දැවී 217 (50.0) නිමේෂ් ආවින්ද 72, දසුන් චමෝද් 70, ලිදුල නුවංග 21, දුල්සත් නිම්විරු 2/22, කවිඳු කේසර 4/30
සාන්ත ඇලෝසියස් විද්‍යාලය – කඩුලු 2ක් දැවී 56 (13.2) සෙවිත දුල්මල් 37
තරගයේ විසඳුමක් නෑ.
2nd Battle of Friendship
අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය සහ වීරකැටිය ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැති මිත්‍රත්වයේ සටන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමට ද වර්ෂාවෙන් බාධා එල්ල වුනා.
ඒ අනුව එම තරගය ද විසඳුමකින් තොරව අවසන් වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 166ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභිනිය වූයේ සචිනි නායිකාව වූ සවිනි සාවින්ද්‍යා. ඇය පන්දු 35කට මුහුණ දෙමින් ලකුණු 31ක් ලබා ගත්තා. ඊට අමතර ව කවීෂා ගිම්හානි පන්දු 23කට මුහුණ දෙමින් ලකුණු 28ක් ද සහ උප නායිකා විජිනි ප්‍රභා පන්දු 35කට මුහුණ දෙමින් ලකුණු 23ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව පාසලේ උප නායිකා සිතුමිණි සංකල්පනා ලකුණු 38කට කඩුලු 4ක් දවා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක් වූ අතර අමාෂා උමන්දි ද ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ඊට අමතර ව අකිනි ඉල්ෂිකා සහ නෙතුලි හෙෂාරා ද කඩුල්ල බැගින් බෙදා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ප්‍රජාපතී බාලිකා විද්‍යාලය – කඩුලු 9ක් දැවී 166 (30.0) විජිනි ප්‍රභා 23, සවිනි සාවින්ද්‍යා 31, යෙහාරා මයුමි 15, කවීෂා ගිම්හානි 28, සිතුමිණි සංකල්පනා 4/38, අමාෂා උමන්දි 3/20
තරගයේ විසඳුමක් නෑ.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<