“රන්දෙනි අයියාගේ රෙකෝඩ් එක කඩන එක තමයි බලාපොරොත්තුව”
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා සඳහා සහභාගි වූ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩක ශේෂාන් කාරියවසම්, වයස අවුරුදු 18න් පහළ මීටර 110 බාලක කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 13.91ක කාලයක් තුල අවසන් කරමින්, එම වයස් කාණ්ඩය යටතේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එහි සුවිශේෂත්වය වන්නේ ඔහු විසින් බිඳ හෙලා ඇත්තේ ඔහු විසින්ම තබා තිබූ තත්පර 13.96ක වාර්තාවයි. ඔහු එම ජයග්රහණයෙන් පසුව ThePapare.com වෙත අදහස් දැක්වූවේ මෙසේයි.