එංගලන්ත නායකයාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Sri Lanka Tour Of England 2024

1
Sri Lanka Tour Of England 2024

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ එංගලන්ත සංචිතයෙන් ඔවුන්ගේ නිත්‍ය නායක Ben Stokes ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.

මේ දිනවල එංගලන්තයේ ක්‍රියාත්මක වන The Hundred ක්‍රිකට් තරගාවලියේ Northern Superchargers සහ Manchester Originals කණ්ඩායම් අතර පසුගිය ඉරිදා (11) දිනයේ පැවැත්වුණු තරගය අතරතුර Stokes පාදයේ ආබාධයකට ලක් වුනා.

මෙම ආබාධය නිසා ඔහුට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත සමස්ත ටෙස්ට් තරගාවලිය ම අහිමි වී යනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙතෙක් කල් Stokesගේ උප නායකයා ලෙස කටයුතු කළ Ollie Pope හට හිමි වනු ඇති.

කෙසේ වෙතත් Stokesගෙන් ඇතිවන එංගලන්ත සංචිතයේ පුරප්පාඩුව පිරවීමට වෙනත් ක්‍රීඩකයකු නම් කර නොමැති අතර, මේ අනුව බොහෝ විට Jordan Cox එංගලන්ත පිතිකරණ ලැයිස්තුවේ අංක හය පිතිකරු ලෙස ටෙස්ට් වරම් දිනාගනු ඇති බවයි විශ්වාස කරන්නේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<