IPL 2020 තරගාවලියේ විස්තර විචාරකයෙක් ලෙස තමාව ද ඇතුළත් කරන ලෙස ප්‍රවීණ විස්තර විචාරක සංජේ මන්ජේකාර් කළ ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
“IPL යන්න බැරි වුනා කියලා පසුතැවිල්ලක් නැහැ”
Mumbai Mirror පුවත්පත වාර්තා කර තිබුණේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සුනිල් ගවස්කාර්, ලක්ෂ්මන් සිවරාමක්රිශ්ණන්, මුරලි කාර්තික්, හර්ෂා බෝග්ලේ වැනි විස්තර විචාරකයින්ගෙන් හා තවත් විදෙස් විස්තර විචාරකයින් කිහිපදෙනෙක්ගෙන් ඔවුන්ට මෙවර IPL තරගාවලියට සහභාගී වීමට හැකි දැයි විද්‍යුත් තැපෑල ඔස්සේ විමසා ඇති බවයි.
කෙසේ වෙතත් සංජේ මන්ජේකාර්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිදු පණිවිඩයක් එවා නැහැ. මන්ජේකාර්ව නැවතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුබද්ධිත විස්තර විචාරකයෙක් කිරීමේ තීරණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි හා ලේකම් ජේ. ශා සතුව පවතිනවා.
මන්ජේකාර් පසුගිය සෙනසුරාදා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කරමින් තමාවත් IPL 2020 විස්තර විචාරකයෙක් ලෙස ඇතුළත් කරන ලෙස ඉල්ලා තිබෙනවා. 1996 වසරේ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිකට් පිටියට සමුදීමෙන් අනතුරුව ඔහු විස්තර විචාරකයෙක් ලෙස සිය සේවය ක්‍රිකට් පිටියට ලබා දුන්නා.
පසුගිය මාර්තු මාසයේ ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර (පසුව මේ තරගාවලිය covid-19 වයිරසය නිසා අතහැර දැමුණා) පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියට පෙර BCCIය මන්ජේකාර්ව විස්තර විචාරක කණ්ඩායමෙන් ඉවත් කළා. කෙසේ වෙතත් IPL තරගාවලියට තමාව ද සම්බන්ධ කර ගන්නා ලෙස මන්ජේකාර් යොමු කර තිබූ ලිපියේ “ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිර්නායකයින්ට අනුව කටයුතු කිරීමට” තමා එකඟ බව සඳහන් කර තිබුණා.
අයර්ලන්තයෙන් එංගලන්තයට අමතක නොවන පාඩමක්
“IPL තරගාවලියට දින නියම කර ඇති නිසා bcci.tv ඉතා ඉක්මනින් විස්තර විචාරකයින් මඩුල්ල තෝරා ගනියි. මම බොහොම සතුටුයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිර්ණායකවලට අනුව කටයුතු කරන්න” මන්ජේකාර් යොමු කර තිබූ පණිවිඩයේ සඳහන් වී තිබුණා.
පසුගිය වසරේ සිදු වූ සිදුවීම් දෙකක් නිසා මන්ජේකාර් හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර යම් ඝට්ටනයක් ඇති වී තිබුණා. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මන්ජේකාර්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා “bits-and-pieces” ක්‍රීඩකයෙක් ලෙස අනවශ්‍ය වචනයකින් හැඳින්වීම ඉන් පළමු සිදුවීමයි.
ජඩේජා මේ පිළිබඳව Twitter පණිවිඩයක් තබමින් මන්ජේකාර් ගේ විස්තර විචාරය “වාචික අතීසාරයක්” බව පවසා තිබුණා. පසුව ජඩේජා එම තරගාවලියේ දී ම වාර්තා කළ ශතකයකින් පසුව මන්ජේකාර් ජඩේජාගෙන් සමාව අයැද තිබීම විශේෂ සිදුවීමක් වුනා.
ජඩේජාගේ සිදුවීම අහවර වීමත් සමඟ මන්ජේකාර් ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වුණු ඉන්දියාවේ පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගයේ දී සිය සහෝදර විස්තර විචාරකයෙක් වන හර්ෂා බෝග්ලේ සමඟ වාදයක් ඇති කරගත්තා.
රෝස පැහැ පන්දුව පිතිකරුවන්ට පෙනෙනවා ද, නැද්ද යන්න පිළිබඳ මේ වාදය ඇති වූ අතර බෝග්ලේ පවසා සිටියේ එම තරගයෙන් පසුව මරණ පරීක්ෂණයක් කර පිතිකරුවන්ගෙන් පන්දුව ඇත්තටම පෙනුණා ද නැද්ද ඇසිය යුතු බවයි. මන්ජේකාර් එයට ප්‍රතිචාර ලෙස පවසා සිටියේ “ඔයා විතරක් ඒක අහන්න හර්ෂා, අපි ක්‍රිකට් ගහල තියනවා. අපි ඒ ගැන දන්නවා” යනුවෙනුවි. දින කිහිපයකට පසුව මන්ජේකාර්, හර්ෂා බෝග්ලේගෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියා.
Hindustan Times ඇසුරින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<