හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැති රුහුණු – මායා වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 22ක ජයග්‍රහණයක් හිමි වූවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) පැවැති මෙම තරගය එක්දින තරගයක් ලෙසිනුයි ක්‍රියාත්මක වූයේ.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ එහි වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 109ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සංචාරක හේනේගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 87ක් පමණයි.
ශ්‍රී සුමංගල විද්‍යාලය –
රවිඳු තීක්ෂණ, ලකිත් නේමිද, පමෝද් සත්සිඳු, රන්සර දේශාන්, තරුන් දම්සිත්, ශානුක දෙනුවන්, චමත්ක කවිශාන්, ෂෙහාන් චාමික, ජයමිත් මදුභාෂණ, සංජන නෙතුපුල්, දෙනෙත් ආලෝක.
හේනේගම මධ්‍ය මහා විද්‍යාලය –
පසිඳු මධුශාන්, සරිඳු ගිම්හාන්, දුවිඳු මෙත්මල්, මතීෂ නේමින්ද, හර්ෂිත ආකාශ්, දිමුතු දේශාන්, සුරාජ් රන්දීර, අරෝෂ සුලක්ෂණ, හිරුෂ දිල්මිත්, කුෂාන් කවිශ්වර, ජනිත් උදාන.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී සුමංගල විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 18ක් වෙද්දී දවා ගැනීමට හේනේගම මධ්‍ය මහා විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වුවත් ඔවුන් 38 වැනි පන්දුවාරය දක්වා ම තම ඉනිම ආරක්ෂා කර ගත්තා.
පන්දු 36ක් වෙද්දී එම කඩුලු 4 අහිමි වූ අතර අනතුරු ව ඔවුන්ගේ 5 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 21ක සබඳතාවක් ගොඩ නැගීමට තරුන් දම්සිත් (10) සහ ශනුක දෙනුවන් (20) සමත් වුනා.
එතැන් සිට ඔවුන්ගේ ඉනිමේ ලකුණු පුවරුව සාධනීය ලෙස ඉහළ ගිය අතර නැවතත් ඔවුන්ගේ ඉනිමේ වටිනා ලකුණු සබඳතාවක් එක් වෙන්නේ 8 වැනි කඩුල්ලටයි. එහි දී ෂෙහාන් චාමික (27) සහ ජයමිත් මධුභාෂන (14) එක් වූ අතර ඔවුන් පන්දු 44ක දී ලකුණු 23ක සබඳතාවක් එක් කළා. එය එම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වුනා.
ශ්‍රී සුමංගල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ ෂෙහාන් චාමිකයි. ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. ඊට අමතර ව ශනුක දෙනුවන් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී සුරාජ් රන්දීර ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී හිරුෂ දිල්මිත් ලකුණු 04කට කඩුලු 2ක් දවා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දුන්නා. ඊට අමතර ව ජනිත් උදාන සහ හර්ෂිත ආකාශ් කඩුලු ද්විත්වයක් බැගින් දවා ගත්තා.
- අනුක සහ චාමික මහානාමයට ජය ගෙන එයි
- Lanka T10 තරගාවලි කාලසටහන ප්‍රකාශයට පත් කරයි
- පූර්ණ කල්හාර තුන් ඉරියව් දක්ෂතා අතරට
- ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රිත්ව කඩුලු පුරාණය
- විශ්වවිද්‍යාල ක්‍රිකට් පිටියේ අරගලකරුවෝ
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හේනේගම මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අරෝෂ් සුලක්ෂන. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
ඊට අමතර ව එම ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ හර්ෂිත ආකාශ් සහ පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ සුරාජ් රන්දීර. එහි දී හර්ෂිත ආකාශ් පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 15ක් ද සහ සුරාජ් රන්දීර ද පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 15ක් ලබා ගැනීම කැපී පෙණුනා. ඔවුන් දෙදෙනාගේ පිත්තෙන් එකඳු හෝ සීමා ලකුණක් වාර්තා වූයේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී සංජන නෙතුපුල් ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ශානුක දෙනුවන් ලකුණු 17කට කඩුලු 3ක් ද සහ රන්සර දේශාන් කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී සුමංගල විද්‍යාලය – සියලුම දෙනා දැවී 109 (37.2) ශනුක දෙනුවන් 20, ෂෙහාන් චාමික 27, ජයමිත් මධුභාෂණ 14, ජනිත් උදාර 2/18, සුරාජ් රන්දීර 4/19, හිරුෂ දිල්මිත් 2/04, හර්ෂිත ආකාශ් 2/21
හේනේගම මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 87 (34.3) හර්ෂිත ආකාශ් 15, සුරාජ් රන්දීර 15, අරෝෂ සුලක්ෂන 25, සංජන නෙතුපුල් 5/27, ශනුක දෙනුවන් 3/17
ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 22ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – චමත්ක කවිශාන් (ශ්‍රී සුමංගල විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සුරාජ් රන්දීර (හේනේගම මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ දක්ෂත ම පිතිකරු – ෂෙහාන් චාමික (ශ්‍රී සුමංගල විද්‍යාලය)
- තරගයේ වීරයා – සංජන නෙතුපුල් (ශ්‍රී සුමංගල විද්‍යාලය)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<