කාන්තා A පළමු තරගයට කණකොකා හඬයි

Bangladesh Women's A team tour of Sri Lanka 2024

2
Bangladesh Women's A team tour of Sri Lanka

සංචාරක බංග්ලාදේශ A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර අද (08) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ පළමු එක්දින තරගය ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් වාතාවරණය මත අතහැර දමන ලදි.

පෙර දින පැවැති වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය පෙරවරුවේ සිට ම තරග පැවැත්වීමට සුදුසු තත්ත්වයේ නොපැවතීම හේතුවෙන් ක්‍රීඩාංගණ සේවකයෝ එය සුදුසු තත්ත්වයට රැගෙන ඒමට යුහුසුළු වූව ද එය එතරම් ම සාර්ථක වූයේ නැහැ. දිනයේ වැඩි ප්‍රමාණයක් ම අඩ අඳුරු ස්වභාවයක පැවැතීම ද ක්‍රීඩාංගණය වියලා ගැනීමේ තත්ත්වය මඟ හැරී ගියා.

පිටියේ විනිසුරුවන් ලෙසින් කටයුතු කිරීමට සිටි හේමන්ත බොතේජු මහතා සහ නිමාලි පෙරේරා මෙනෙවිය සමඟ සහායක විනිසුරු රෝහිත කොට්ටහච්චි මහතාමෙන් ම තරග තීරකවරිය ලෙසින් කටයුතු කළ වැනේසා ද සිල්වා මහත්මිය ද අවස්ථා කිහිපයක දී ම ක්‍රීඩාංගණය පරීක්ෂා කළ ද එය අපේක්ෂිත මට්ටමේ පැවැතියේ නැහැ.

එම තත්ත්වය හමුවේ දෙරට අතර පැවැත්වීමට නියමිත ව තිබූ පළමු එක්දින තරගය සම්පූර්ණයෙන් ම අතහැර දැමීමට ඔවුන් පියවර ගත්තා.

තරගාවලියේ 2 වැනි සහ අවසන් එක්දින තරගය මේ මස 10 වැනිදා කොළඹ, බෞද්ධාලෝක මාවත තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<